මී මුරේ ප්‍රදේශයේ පාසල් වල වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (15) කටයුතු කර තිබුණි.
ඒ අනුව මීමුරේ ප්‍රාථමික විදුහලේ සහ මීමුරේ කයිකාවල කණිෂ්ඨ විදුහලේ නිරීක්ෂණ චාරිකාවක නිරිත වෙමින් එම පාසල් වල පවතින අඩුපාඩු සහ සංවර්ධන කටයුුතු මෙන්ම ගුරු ගැටලු සහ අත්‍යවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් විමසා බැලීමට මධ්‍යම ආණ්ඩුකාරවරයා කටයුතු කළ අතර, පවතින ගැටලු සදහා කඩිනම් විසදුම් ලබාදීම සදහා අදාල අංශ වෙත උපදෙස් ලබාදීම ද මෙහීදී සිදුවිය.
නගරයෙන් ඔබ්බට පවතින පාසල් තුළ පවත්නා ගුරු හිඟය මෙන්ම විෂයානුබද්ධ ගුරු හිඟය පිළිබඳවත් පළාත තුල ගුරුවරුන්ගේ මාරුවීම් වල ඉල්ලුම තුලනය කිරීමේ ගැටලුව අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණය අවශ්‍ය වන්නේ හුදෙක් අධ්‍යාපන අන්තර්ගතයේ පමණක් නොවන බවත් එය මුළු අධ්‍යාපන පද්ධතියේ බවත් මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මෙම අවස්ථාවේදි මහතා ප්‍රකාශ කළේය.
උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති බී.මඩුගල්ල, උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභික කේ.විජේකෝන්, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) නිශ්ශංක එස්.නිශ්ශංක, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම්තුමිය යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියේය.
මාතලේ – මහේෂ්