විදුලිබල හා බලශක්ති ක්ෂේත්රවල ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙරට චීන වාණිජ මණ්ඩලයේ බලශක්ති ක්ෂේත්රයේ සමාගම්වල නියෝජිතයින් දැනුවත් කිරීමක් අද(29) සිදු කෙරිණ. ඒ අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානතවයෙන් අමාත්‍යාංශ ශ්රවණාගාරයේදීය.
මෙහිදී මෙරට චීන තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව සිදු කරන ලද දැනුවත් කිරීමේදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, හරිත හයිඩ්රජන් ව්‍යාපෘති, තෙල් සහ ගෑස් ගවේෂණය, නව පිරිපහදු, ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව රජයේ ප්‍රතිපත්ති සහ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරනු ලැබුණි.
මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය, විදුලිබල මණ්ඩලය, ලෙකෝ ආයතනය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ඛණිජ තෙල් සංස්ථාව, ඛණිජ තෙල් ගබඩා පර්යන්තය, ඛණිජ සංවර්ධන අධිකාරිය නියෝජනය කරන නිලධාරීන් සහභාගි වී ඇත.