• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුණෑගල ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කඩ කාමර 31 ගැන කෝපා කමිටුවේදී අනාවරණ වෙයි

12 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුරුණෑගල බස් නැවතුම්පොළෙහි ජනතාවට රැඳී සිටීමට වෙන්කර ඇති පෙදෙසෙහි ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කඩ කාමර තිස් එකක් සාදා ඇති බව කෝපා කමිටුවේ දී අනාවරණය වෙයි.

කුරුණෑගල බස් නැවතුම්පොළෙහි මගී ජනතාවට පහසුවෙන් රැඳී සිටීමට වෙන්කර ඇති හිස් පෙදෙසෙහි කඩ කාමර 31 ක් පෞද්ගලික වියදමින් ඉදි කර ගැනීමට පුද්ගලයින් 31 දෙනෙකුට අවසර ලබාදී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වි ඇත.

මෙම අනාවරණය සිදු වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. රාජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ය.

මෙම ඉදිකිරීම් ආර්ථික උත්පාදන මාර්ගයක් ලෙස මහ නගර සභාව අර්ථ දක්වා තිබුණද මෙමගින් ජනතාවගේ පොදු යහපතට බාධා සිදුවන බව මෙහිදී අනාවරණය විය.

එසේම බස්නැවතුම්පොළ සඳහා සකස් කර තිබූ මූලික සැලැස්මෙන් බැහැරව මෙම ඉදිකිරීම් සිදු කොට ඇති බව සහ නිවැරදි ක්‍රමවේදයකින් තොරව මෙම කඩ කාමර 31 පුද්ගලයින් 31 දෙනෙකුට ලබාදී ඇති බව ද මෙහිදී හෙළිවිය.

එසේම කුරුණෑගල මධ්‍යම වෙළඳපොළ ඉදිකිරීම සඳහා මහනගර සභාවේ ඉංජිනේරු ඇස්තමේන්තුවේ ඇස්ථමේන්තුව ඉක්මවා 41% ක් එනම් රුපියල් 281,934,447ක මුදලක් ඉදිරිපත් කළ ලංසුකරුට කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන් මෙම කරුණ සාකච්ඡා කරන විට අනාවරණය වූයේ පළමුව සකස්කළ ඉන්ජිනේරු ඇස්තමේන්තුව නිවැරදිව සකස් වී නොමැති බවයි. එහිදී ගොඩනැගිල්ලට අවශ්‍ය සියලු අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත්වී නොමැති බව මෙහිදී තහවුරු විය. ඒ අනුව මහ නගර සභාව සත් භාවයෙන් සිදුකරන ලද මෙම කාර්යය ඉන්ජිනේරු දෙපාර්තමේන්තුව විසින් නිවැරදි ඇස්තමේන්තුවක් සකස් නොකිරීම මත මෙසේ දෝෂ දර්ශනයට හසු වී ඇති බව සාකච්ඡා විය. එබැවින් මේ සම්බන්ධයෙන් ඇස්තමේන්තුව සකස් කළ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

එසේම ඉලුප්පුගෙදර මාර්ගය කොන්ක්‍රීට් කිරීම සම්බන්ධයෙන් ඇස්තමේන්තු දෙකක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.

මීට අමතරව ව්‍යාජ ආයතනයකින් පොලිසැක් මළු මිලදී ගැනීම පිළිබඳවද කෝපා කමිටුවේ අවධානය යොමු විය. තවද මධ්‍යම වෙළඳපොළේ අදියර 1 හා 2 යටතේ ඉදි කරමින් පවතින කඩ කාමර 123ක් හා මාලිගාපිටිය කඩකාමර 12ක් දීර්ඝකාලීන බදු ක්‍රමය යටතේ නිවැරදි ක්‍රමවේදයකින් තොරව ලබාදීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය විය. ඒ අනුව සභාව තීරණය කළ ඇස්තමේන්තුවකට විනිවිදභාවයෙන් තොරව පළමු ගැණුම්කරු වෙත කඩකාමර බදු දීමට කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය විය.කෙසේ වෙතත් මේ පිළිබඳ කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති පවසන්නේ ඔවුන් අදාල පනත් විධි විධානවලට අනුව කටයුතු කර ඇති බවයි.

මෙම කාරක සභාව සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ෂෙහාන් සේමසිංහ සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, ගුණපාල රත්නසේකර, කාදර් මස්තාන්, වීරසුමන වීරසිංහ, වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරු සහභාගි වූහ.

Post Views: 0
Previous Post

ගීතාංජලී අමරසූරිය විශාඛා සියවස් සමරු පුස්තකාලය අගමැති අතින් විවෘත වෙයි

Next Post

2022 මුදල් වර්ෂය සඳහා අයවැය යෝජනාව ඉදිරිපත් කිරීම ආරම්භ වෙයි

editor

editor

Next Post

2022 මුදල් වර්ෂය සඳහා අයවැය යෝජනාව ඉදිරිපත් කිරීම ආරම්භ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved