• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රට හදන්න තනියම බෑ – රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

23 March 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට හදන වැඩේ කරන්න දේශපාලන අධිකාරියට පමණක් තනියම නොහැකි බවත් එයට නිළධාරීන්ගේ සහයෝගය අනිවාර්යෙන් අවශ්‍යය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, ඉපලෝගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඉපලෝගම ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින්ය,මෙම රැස්වීම ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අතර, එහිදී ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් හා පසුගිය සංවර්ධන කටයුතු වල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණි.

එහිදී අදහස් දැක්වමින් නිළධාරීන්ට උපදෙස් ලබා දුන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ, “ආණ්ඩුවෙන් ගෙයක් හදන කොට අපි හිතනවා අපි තමයි තෝරන්න ඕන කියලා,අපිට ඡන්දය දුන්න කෙනා, අපිට හිතවත් කෙනා,අපි උදව්වක් කරන්න ඕන කෙනා,නිළධාරීන් මට්ටමින් නිළධාරීන් හිතන්න පුළුවන් නිළධාරියාට හිතවත් කෙනා තෝරන්න පුළුවන්,ඥාතියා වෙන්න පුළුවන්,ගමේ කෙනා වෙන්න පුළුවන්,මේ වගේ තමයි පහුගිය කාළයේ අපි වැඩ කරලා තියෙන්නේ, මේක තමයි ඇත්ත කථාව.අපි දැන් මේ යන්නේ එකම ක්‍රමවේදයකට හැමෝම එකතු වෙලා හරි වැඩක් කරන්න.එතකොට සමහර වෙලාවට මම අකමැති කෙනා වෙන්න පුලුවන්, මට විරුද්ධව ඡන්දය දුන්න කෙනා වෙන්න පුලුවන්, මට බැණපු කෙනා වෙන්න පුලුවන්,හැබැයි මේ නිර්නායක යටතේ කවුරු හරි ඉන්නවා නම් හොඳමයි කියලා කියන හැමෝම එකතු වෙලා එයාව තීන්දු කරන්නයි දැන් ක්‍රමවේදය හැදිලා තියෙන්නේ.දැන් එය මුළු ලංකාවේ ක්‍රියාත්මක වෙනවා.මේවා ක්‍රියාත්මක කරන කොට මුල් කාළය තුළ යම් යම් ගැටලු ඇතිවෙයි,දේශපාලන අධිකාරිය ගැටෙයි, නිළධාරීන් ගැටෙයි,මේවායේදී ලොකු ගැටුම් වලට යන්නේ නැතිව අවබෝධයෙන් කටයුතු කරන්න මුල් ටිකේ,ටික කාළයක් යන කොට ඕවාට පුරුදු වෙනවානේ,
ගමේ මොන වැවද හදන්න ඕන,කොයි වැවටද ප්‍රමුඛතාවය දෙන්න ඕන,මේ සියලු දේ තීන්දු කරන්න ඕන අය තමයි නිළධාරීන්,දේශපාලඥයෝ වෙන අපි ඉන්නේ ඒවාට නායකත්වය දෙන්න පමණයි.හැබැයි දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා නිළධාරීන් දෙන ලැයිස්තුවත් හරිද කියලා බලන්න, අපි විශ්වාස කරනවා දේශපාලන අධිකාරිය විදිහට අදාළ රජයේ නිළධාරීන් ටික දුන්නේ හදන්න ඕනම, ගොවි මහත්වරුන්ගේ ඉල්ලීම් ටික, ගොවි මහත්වරුන්ගේ ප්‍රමුඛතාවය කියලා අපි විශ්වාස කරනවා,ආණ්ඩුවක් වැඩ කරන්නේ නිළධාරීන් එක්කනේ,නිළධාරීන්ම කියනවා නම් මේ දීලා තියෙන ලැයිස්තු වැරදියි කියලා,දැන් අපිට දෙපාරක් හිතන්න වෙනවා.එහෙම නම් කවුරුත් නිළධාරීන් ඕන නෑ,අපිම ගිහින් ගොවි සංවිධාන කැඳවලා,නැන්දේ මේකේ කුඹුරු කීයක් තියෙනවාද? ගොවි මහත්වරු කීයක් ඉන්නවාද? අස්වැන්න කොහොමද? ඔය සේරම අහලා අපිම අහලා කරන්න ඕන,මේක අපි දෙගොල්ලම තේරුම් ගන්න ඕන කාරණයක්.මේදේ වෙන්නේ නැති නිසා තමයි අද මේ රට මේ තත්වයේ තියෙන්නේ.සංවර්ධනය කරන්න ඕන වැව් නිළධාරීන් තෝරනවාටත් මම විරුද්ධයි,ඒ වගේම ගොවි සංවිධාන කියන දේටත් මම විරුද්ධයි, ගොවි සංවිධානත් හැම පාරම බලන්නේ තමන්ගේ වැවේ මොනවාම හරි දෙයක් කර ගන්න මිසක්, ප්‍රමුඛතාවය කියන කාරණය නෙමෙයි. අපි හැමෝගාවම අඩුපාඩු තියෙනවා, මේ වර්ෂය හොඳ වර්ෂයක්, ජනාධිපතිතුමන්ටත් රට හදන්න ඕනකම තියෙනවා කියලා අපිට පේනවා,හැබැයි ඒත් එක්කම ඒකට එතුමත් එක්ක කීදෙනක් සහයෝගයෙන් ඉන්නවාද, නැද්ද කියලත් අපිට පේනවා,ඒ නිසා මේ ගමන යන්න ඕන කියලා හිතන කට්ටිය ඉන්නවා නම් මේක තමයි හොඳම වෙලාව, හරි දේ කරන්න, නිවැරදි දේ කරන්න,ඒ කරන දේ බොහෝම අවංකව කරන්න,වේගවත්ව කරන්න,ඕනකම තියෙනවා නම් මේක තමයි වෙලාව.ඒ නිසා අපි හැමෝම එකට එකතු වෙලා පරණ අඩුපාඩුකම්, පරණ ප්‍රශ්න, පරණ නෝක්කාඩු සේරම පැත්තකින් තියලා,අපි වැඩ කරමු.ජනාධිපතිතුමන් හා ආණ්ඩුව උත්සහ කරනවා මේක හරි තැනට ගේන්න,මේක ගේන්න නම් අපි අපි මැදිහත් වෙන්න ඕන,රට හදන වැඩේ කරන්න දේශපාලන අධිකාරියට පමණක් තනියම බෑ,නිළධාරීන්ගේ සහයෝගය අනිවාර්යෙන් ඕන කරනවා.ජනාධිපතිතුමන් ගම සමඟ පිළිසඳරකට යන හැම මොහොතකම,එතුමා උත්සහ කරනවා මේ රට හදන්න,හැබැයි යම් යම් තැන් වලදී අපිට පේනවා ඒ ගන්න උත්සහය අවසානයේ ක්‍රියාත්මක වෙලා නෑ කියන කාරණය.රජයේ නිළධාරීන්ගේ සහයෝගය ලැබෙනවා නම්,කාර්යක්ෂමව රාජ්‍යය සේවය කටයුතු කරනවා නම් ගැටලු නෑ, හැබැයි රජයේ නිළධාරීන්ටත් සමහර දේවල් කරන්න බැරි ප්‍රශ්න තියෙනවා,මේ රටේ අපිම අනුමත කරලා තියෙන අණ-පනත් මේවාත් අපි වෙනස් කර ගන්න ඕන යම්තාක් දුරකට,මේ සියල්ල අපි කර ගත්තාම අපිට මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන, අපෙන් ඉල්ලපු දේ අපිට කර ගන්න පුළුවන්කම තියෙනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහ මහතා, ඉපලෝගම ප්‍රාදේශීය සභා සභාපති නිහාල් තිලකවර්ධන මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු රාජ්‍යය නිළධාරීන් සහභාගී වී සිටියහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 3
Previous Post

නාරා ආයතනය ධිවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් සිදුවන බව ඇමැති දේවානන්දා කියයි

Next Post

කටාන ජනතාවගේ ජලසිහිනය සැබෑකරවීම ගැන බෙහෙවින් සතුටුවෙනවා – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

editor

editor

Next Post

කටාන ජනතාවගේ ජලසිහිනය සැබෑකරවීම ගැන බෙහෙවින් සතුටුවෙනවා - රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් වැසි වාර කිහිපයක්

අදත් වැසි වාර කිහිපයක්

11 September 2025
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved