• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට ඉබාගාතයේ ..ආණ්ඩුව ජාවාරම්කාරයින් සනසනවා – ජවිපෙ

27 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඡන්ද කාලයේ ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ඉලක්කම් වචන සහ කොල කෑලි විතරක් බවත් මේ වන විටහැම තැනම අරාජිකත්වයක් තියෙන්නේ බවත් රට ඉබාගාතයේ ගමන් කරමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා අද (27) පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේ රටේ බඩුමිල වැඩිවීමත් හා භාණ්ඩවල හිගයක් ඇතිව ඇති අවස්ථාවේදී ඒ ප්‍රශ්ණය විසදන්න ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නොමැති බවයි. එසේම කොරෝනා වසංගතයට මුහුණ දීලා ඉන්න පොදු ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් වන්නේ නැති බව ද හෙතෙම පැවසිය.

එම මාධ්‍ය හමුවේදී ටිල්වින් මහතා මෙසේ අදහස් පල කලේය “මේ නිසා දිගින් දිගටම භාණ්ඩ මිල වැඩිවීමක් සහ භාණ්ඩ හිඟයක් ඇතිවී තිබෙනවා. මේ නිසා පෝලිම් යුගය ගැන අලුතින් බයක් ඇතිවී තිබෙනවා. ගෑස් හිඟය නිසා, කිරිපිටි හිඟය නිසා, පෝලිම් ඇතිවීම මේ දවස්වල දකින උදාහරණයි. නමුත් ජනතාවගේ මූලික අවශ්‍යතා විසඳන්න ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. සෞභාග්‍යයේ දැක්මට අනුව රට ගොඩනගන්න ආපු ආණ්ඩුවක් ජනතාවට තුන්වේල කන්න දෙන්න බැරි මට්ටමකට පල්ලම් බැස තිබෙනවා. මේ කිසිදු දෙයක් ආණ්ඩුවේ ලොක්කන්ට දැනෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට රට ගෙනියන්නේ කොහෙටද කියලා දැක්මක් නැහැ. ඡන්ද කාලයේ ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ඉලක්කම් වචන සහ කොල කෑලි විතරයි. දැන් පරිපාලන යාන්ත්‍රණය බිඳවැටිලා නිලධාරීන් කෙළවරක් නැතිව ඉල්ලා අස්වෙමින් තිබෙනවා. හැම තැනම අරාජිකත්වයක් තියෙන්නේ. රට ඉබාගාතයේ ගමන් කරමින් තිබෙනවා. මේ තුළ ආණ්ඩුවේ ප්‍රධානීන් තමන් හම්බකරගන්න ගමන් හිතවතුන්ට, ජාවාරම්කාරයින්ට හම්බ කරගන්න ඉඩ දී තිබෙනවා. ජනතාව මහා ව්‍යසනයක් කරා ගමන් කරමින් සිටිනවා. ජනාධිපතිගේ සිට ආණ්ඩුවේ කිසිවෙකුත් කිසිවකට වගකියන්නේ නැහැ. ඔවුන් ජනතාවට, ජනවරමට වගකියන්නේ නැහැ. දැන් තියෙන්නේ ව්‍යවස්ථාවකට, නීතිරීතිවලට අනුව රට පාලනය කරන ආණ්ඩුවක් නෙවෙයි. පවුලක් වටා මුදල් එකතු කිරීම අරමුණු කරගත් කොල්ල කල්ලියක් සිදුකරන කාර්යයක් තිබෙන්නේ. මේ නිසා රටේ ජනතාව පීඩාවට පත් වී රට වේගයෙන් විනාශය කරා ගමන් කරමින් තිබෙනවා. නමුත් ආණ්ඩුව කරන්නේ සංදර්ශන පාන එක විතරයි. පාරිභෝගික අධිකාරියට හමුදාවේ ප්‍රධානියෙක් පත්කරලා භාණ්ඩ මිල අඩු කරන බව කීවා. මේ අය සමහර වෙලඳසැල්වලට ගිහින් කන් කුඩුවෙන්න ගහන බව කීවා. වී මිලදී ගැනීමට හමුදා බි්‍රගේඩියර්වරයෙක් මැදිහත් කළා. දැන් වීත් නැහැ, ඒ හමුදා ප්‍රධානියාත් නැහැ. දැන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කර ඉන්නවා. ඒ කොමසාරිස්ට අත්‍යවශ්‍ය ගෑස් ටික ලබාදෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වගේම හාල් මෝල් වටලනවා කියලා සද්දයක් දැම්මා. නමුත් වෙළඳපොළේ හාල් මිල හැමදාමත් වැඩිවෙනවා. මේ හැම දෙයක්ම ජනතාව රවටන්න මාධ්‍යවලින් පෙන්වන සංදර්ශන විතරයි. ඇත්ත ප්‍රශ්නය භාණ්ඩ මිල අඩු කිරීමට ආණ්ඩුවට ඕනෑකමක් නැහැ; සැලැස්මක් නැහැ; වැඩපිළිවෙළකුත් නැහැ. සංදර්ශන කරනවා පමණයි. යැයි ටිල්වින් සිල්වා මහතා අදහස් පල කලේය.

 

Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථකයි. – ඊජිප්තු තානාපති

Next Post

බ්‍රිතාන්‍යයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් .. එන්නත් බෙදාදීම සාර්ථකයි – ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

බ්‍රිතාන්‍යයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් .. එන්නත් බෙදාදීම සාර්ථකයි - ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved