• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මෙරට ධීවර කර්මාන්තය අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා – අගමැති

8 May 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යුරෝපයේ හා ජපානයේ මාළු ඉල්ලුම සපුරාලමින් මෙරට ධීවර කර්මාන්තය අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (08) කොළඹ පදනම් ආයතනයේ පැවැති සීමාසහිත සී-නෝර් පදනමේ පනස් පස්වන සංවත්සරයට සමගාමීව ඉදිරිපත් කළ පස් අවුරුදු සැළැස්ම හා වෙබ් අඩවිය එළි දැක්වීමේ උත්සවයට එක්වෙමිණි.

අධි තාක්ෂණය භාවිතා කරමින්, අඩු වියදමින් වැඩි මත්ස්‍ය නිෂ්පාදනයක් සඳහා වූ බෝට්ටු නිෂ්පාදනය හරහා ධීවර අමාත්‍යංශයේ වැඩසටහන් වලට දායකත්වය ලබාදෙන සීනෝර් පදනම ඇරඹෙන්නේ 1967 වසරේදී නොර්වේ රජයේ අනුග්‍රාහකත්වයෙනි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “අපේ රට නව පරිවර්තනයකට ලක්වන, අනාගතයට බලපාන අලුත් වැඩපිළිවෙළකට ධීවර ක්ෂේත්‍රය පිවිසෙන මොහොතකට මේ පනස්පස් වන සංවත්සරය යොමු කරමු. රජයේ වේවා, පෞද්ගලික අංශයේ වේවා ඕනෑම ආයතනයකට සැලැස්මක් හා ඉලක්කයක් තිබිය යුතුයි. එවැනි සැලැසුමක්, ඉලක්කයක් නොමැතිව ආයතනයකට ඉදිරියට ගමන් කරන්න බැහැ. මේ අවස්ථාවේ රටේ තිබෙන අර්බුදය ආයතන වලටත්, රටටත් බලපානවා. ඒ නිසා සීනෝර් ආයතනය ඉදිරි අවුරුදු පහක් වෙනුවෙන් වූ සැලැස්මක් අද දින ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්. ඉන්දියන් සාගරයේ, අතිශය වැදගත්කමක් උසුලන මුහුදු මාර්ගයකයි ලංකාව පිහිටා තිබෙන්නේ. මේ මුහුදුකරයේ එහාට, මෙහාට යන නෞකා පිළිබඳ විතරක් නෙවෙයි. වටිනා මාළු අස්වැන්නක් ලබන ආකාරය හා ඒ සඳහා හැකියාව ඇති අය, ඔවුන්ට ලබාදිය යුතු පහසුකම් සම්බන්ධයෙනුත් ඉදිරි සැලැස්මක් අවශ්‍යයි. මේ සැලසුම් තමයි අපේ රටේ අනාගතය. අපි අවුරුදු දෙසීයක් පමණ කාලයක් තේ, රබර් අපනයනය කරනවා. ඒ වගේම අනාගතයේදී ධීවර මත්ස්‍ය අපනයනය වැඩි කරන්න පුළුවන්. සීනෝර් ආයතනය බිහිවීමෙන් පසුව අලුත් තාක්ෂණය ධීවර කර්මාන්තය සමඟ මුසුකර තිබෙනවා. මෙම ෆයිබර් ග්ලාස් තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන අපේ ධීවර කර්මාන්තය තුළ විශාල පරිවර්තනයක් කළ හැකියි. සංචාරක ක්ෂේත්‍රයට පිවිසිය හැකිවන ලෙස විවිධ නව බෝට්ටු නිෂ්පාදනය සඳහා වූ සුවිශේෂ අලුත් පියවර රැසක් මෙම සැලසුමට ඇතුළත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා මුහුදුකරයෙන් අල්ලන මාළු රසින් වැඩි බව පවසන යුරෝපය හා ජපානය අපෙන් ඉල්ලා සිටින මාළු ඉල්ලුම සපුරාලන්න අදටත් අපිට හැකි වෙලා නැහැ. නව ක්‍රියාකාරී සැලැස්ම තුළින් එම ඉල්ලුම සපුරාලීමේ මූලික අඩිතාලම ආරම්භ කෙරෙනවා. මාළු සුරක්ෂිතව කල්තබා ගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ සඳහා අලුත් වැඩපිළිවෙළකට ලෝක ආහාර සංවිධානය සංවිධානය පිවිසුනා. ෆයිබර් ග්ලාස් තාක්ෂණය වැඩි ප්‍රයෝජනයකට පරිවර්තනය කරමින් මාළු සුරක්ෂිත කිරීමට හැකි ක්‍රම පිළිබඳව අපි කල්පනා කරන්න ඕනේ. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එකඟතාවයෙන් කටයුතු කරන්න පුළුවන් ක්ෂේත්‍රවලට පිවිසෙමින් අභියෝගය ජය ගන්න ඕනේ. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න ඕනේ. මුහුදේ ගමන් කරන හැම ධීවර යාත්‍රාවකට සංඥා පද්ධතියක් සවි කිරීමට අවශ්‍ය යන්ත්‍රය ලබා ගැනීමේ වැඩපිළිවෙලකටත් අපි අවතීර්ණ වුණා. අපේ සමුද්‍රය තරණය කරන්නට, නව පරම්පරාවට දියුණු තාක්ෂණික පුහුණුවක් ලබා දීමට මෙන්ම ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කිරිමටත් අවශ්‍යයි. අලුත් පියවරක් විදියට සීනෝර් ආයතනය තාක්ෂණ විද්‍යායතනයක් බවට පරිවර්තනය කරන්නට රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, තානාපතිවරු, ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක, සී නෝර් ආයතනයේ සභාපති දුලාන් හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 4
Previous Post

පොහොට්ටුවේ ඡන්ද පදනම එළියට අරගෙන ගිහින් නෑ – මන්ත්‍රී සංජිව

Next Post

මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ඉන්දිය සිනමාවේ සහාය

editor

editor

Next Post

මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ඉන්දිය සිනමාවේ සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved