• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිවරයාගේ වෙනස නිසා රට විනාශයි – ජවිපේ නායක අනුර

23 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා ඔහු බලය ගත්තේ වෙනසක් සඳහා බවත් මේ වන විට ජනාධිපතිවරයා කරමින් තිබෙන වෙනස විනාශකාරිත්වයක් සඳහා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය.. “විශාලතම බලපෑම විනාශකාරීම ප්‍රවේශය අත්පත් වෙලා තිබෙන්නේ කෘෂිකර්මාන්තයට, ගොවි ජනතාවට සහ රටේ ආහාර සුරක්ෂිතභාවයටයි. පහුගිය අප්‍රේල් 28වෙනිදා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළා රසායනික යෙදවුම් නතර කරන්න. මැයි මාසයේ 06වෙනිදා ගැසට් පත්‍රයක් නිකුත් කළත් කිසිදු වැඩපිළිවෙළක් සැලැස්මක් ඇතිවිය හැකි විනාශය ගැන කිසිදු සොයාබැලීමක් නොකර තමයි මේ තීන්දු ගත්තේ. ඒ නිසා ගොවියෝ ගොවිතැන අත්හැරදමලා. පහුගිය දිනවල ගොවි ජනපද වල කන්න රැස්වීම් කළහකාරී තත්වයන් ඇති වුනා. ගොවියෝ දහස් ගණනක් මෙම ප්‍රශ්නය කේන්ද්‍රකරගෙන උද්ඝෝෂණ කරමින් ඉන්නවා.

ආණ්ඩුව මේ තීරණය ගන්නකොට කිව්වේ රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළ නිෂ්පාදනය කරනවා කියලයි. මැයි මාසයේ තීරණය කරලා ඔක්තෝබර් වන විට 100%ක් කාබනික වගාවන් සඳහා පොහොර දෙනවා කියන්නේම අසාර්ථක උත්සහයක්. මොකද රසායනික යෙදවුම්වල සිට කාබනික යෙදවුම් දක්වා වෙනස් වීමේදී සැලකිය යුතු කාලයක් ගත වෙනවා. එය එක කන්නයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අපි නිතරම කිව්වා. ඒ අතර රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය මුළුමනින්ම අවුල් ජාලාවක් බවට පත්වුනා. මිලදී ගත් කාබනික පොහොරවල අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු නැති බවත් ගල්කැට, පස් අඩංගු බවත් ගොවියෝ මැසිවිලි නගනවා.

ඉන්පසුව ආණ්ඩුව තීරණය කළා කාබනික පොහොර ආනයනය කරන්න. රටට කාබනික පොහොර ආනයනය කිරීම තුළින් විනාශකාරී ප්‍රතිඵල අත්කර දිය හැකි බව ඒ ක්ෂේත්‍රයේ බොහෝ විද්වතුන් පෙන්වා දුන්නා. එහෙත් ආණ්ඩුව සියල්ල වෙනස් කර ප්‍රමිති ආයතනයට කාබනික පොහොර ආනයනය සඳහා ප්‍රමිතියක් සකස් කරන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව තමයි පහුගියදා මෙ.ටො. 96,000ක් ආනයනය කිරීම සඳහා චීනයේ කින්ඩාවෝ සමාගමට ඇණවුමක් බාරදුන්නේ.

අපේ රට දූපතක්. ඒ නිසා අපේ රටට ආක්‍රමණකාරී ශාඛ සහ සතුන් ඇතුල්වීම වළක්වා ගත යුතුයි. ඒ වෙනුවෙන් 1999 සංශෝධනය කරන ලද ශාඛ නිරෝධායන පනත තිබෙනවා. ශාඛ නිරෝධායන ආයතන මගින් චීනයෙන් ගෙන්වීමට තිබූ කාබනික පොහොර තොගයේ ඉතාම අහිතකර ක්ෂද්‍ර ජීවීන් සිටින බැවින් ආනයනය නතර කළා. නමුත් අමාත්‍යවරයා පෙනී සිටියේ තමන්ගේ දැනුම ඥාණය භාවිතා කර පරීක්ෂණ සිදුකළ ආයතනය හෝ නිලධාරීන් වෙනුවෙන් නොව චීන සමාගම වෙනුවෙන්. සාම්පල පරීක්ෂාවටත් පෙර නැව චීනයෙන් පිටත් වුනා. ඉන්පසුව නැව ආපසු හැරවූ බව ආන්දෝලනයකට ලක්වුනා. නමුත් ඔක්තෝබර් 22 කින්ඩාවෝ සමාගම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත, ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, චීනයේ සහ ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ට ඇතුළු කණ්ඩායමකට ලිපියක් යොමුකර කියනවා කොළඹ වරායට 22වෙනිදා වනවිට නැව ළඟාවෙනවා කියලා. මෙය බලහත්කාරී කඩාපැනීමක්. අපේ රටට භාණ්ඩ ආනයනය තීරණය කරන්නේ අපේ රටේ බලාධිකාරිය. චීන සමාගමට එය තීරණය කරන්න බැහැ.

ඒ වගේම මේ කාබනික පොහොර පරීක්ෂාව ශාඛ නිරෝධායන ආයතනය මගින් නිසි පරිදි සිදුවෙලා නැහැ කියලා චෝදනා කරනවා. අපේ රටේ ශාඛ නිරෝධායන සේවාව වගකියන්නේ අපේ රටට මිස චීන සමාගමට නෙවෙයි. ඇමතිවරු ජනාධිපති චීන සමාගමට වගකියනවා. තුන්වෙනි පාර්ශ්වයක් මගින් පරීක්ෂා කළ යුතුයි කියලා එකඟතාවයට ආ බව කියනවා. එවැනි එකඟතාවයකට ආවේ කවුරු සමඟද කියලා කින්ඩාවෝ සමාගම සහ චීන තානාපති කාර්යාලය රටට කියන්න ඕනෑ. ඒ වගේම එම සමාගම එවන ලද ලිපියේ මහ කන්නය සඳහා පොහොර හිගයක් ඇති නිසා මෙම පොහොර තොගය බාරගන්න කියලා ඉල්ලීමක් කර තිබෙනවා. අපේ රටේ ප්‍රශ්න රටේ පාලනාධිකාරිය විසඳිය යුතුයි. චීන සමාගම ඒ ප්‍රශ්න විසඳන්න මැදිහත්විය යුතු නැහැ. ඒ නිසා අපේ රටේ නීති නොසලකා චීන නෞකාය කොළඹ වරායට ඇතුළුවීමට දරණ උත්සාහය වහා නතර කළ යුතුයි.

මෙම නෞකාව කොළඹ වරායට ඇතුල් කර නොගන්නා ලෙසත් ඒ අවට නැංගුරම්ලා තබා ගැනීමට ඉඩ නොදෙන ලෙසත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුට ඇති බලතල අනුව වරාය සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා. ඒ වෙනුවෙන් අපි ඔහුට ස්තුතිය පළකරනවා. වරායේ හාබර් මාස්ටර් ලිඛිතය දැනුම් දී තිබෙනවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම නැව කොළඹ වරායට ඇතුල් කර නොගන්නා බව. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගත් තීන්දුව ආපසු හැරවීම කිසිසේත්ම නොකළ යුතුයි කියලා. මොකද මේ පාලනය විසින් කෘෂිකර්මාන්තයට සහ ගොවි ජනතාවට අත්කර දී ඇති විනාශය හොඳටම ප්‍රමාණවත්. විනාශකාරී ක්ෂද්‍ර ජීවීන් අපේ රටට ඇතුප්වීමෙන් අපේ රටේ ජෛව පද්ධතියම කඩාවැටීමකට භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා චීන තානාපති කාර්යාලයත් කින්ඩාවෝ සමාගමත් මේ කරන බලපෑම් නතර කළ යුතුයි.
අනතුරුව ආණ්ඩුව තීරණය කළා නැනෝ යූරියා ආනයනය කරන්න. ඒ වගේම පළමු වතාට ගුවන් යානයක් මගින් නැනෝ යූරියා ලංකාවට ගෙනාවා. එය පිළිගැනීමට ඇමතිවරු ගණනාවක් ගුවන්තොටුපලට ගියා. මෙය ලංකාවේ මීට පෙර භාවිතා නොකරන ලද නිසා දේශගුණික කළාප සහ බෝග වර්ග යොදාගෙන සාම්පල පරීක්ෂාවක් කළ යුතුව තිබෙනවා. අපිට ලැබී තිබෙන වාර්තා අනුව මෙය ජූනි මාසයේ තමයි පරීක්ෂණ අවසන් කර ඉන්දියාවේදී වගාවලට යොදවා තිබෙන්නේ. අගෝස්තු මාසයේ ඉන්දියාවෙන් අපනයනයට අවසර ලැබී තිබෙන්නේ. ඒ නිසා නැනෝ යූරියා ගෙන්වීම විශාල ව්‍යාකූලත්වයක් ඇතිකර තිබෙනවා. එනිසා මේ සෙල්ලම් කරමින් තිබෙන්නේ අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය, ගොවි ජනතාවගේ ආදායම් මාර්ග සහ අපනයන ආදායමෙන් 25%ක ප්‍රතිශතයක් දෙන ක්ෂේත්‍රයක් සමගයි.

පසුගිය 22වෙනිදා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවට ආවා. මේ තීන්දුව වැරදි බවත් එය ක්‍රියාත්මක කළ නොහැකි බවත් විශාල අසීරුතාවයකට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් සලසා දෙන ලෙසත් ඔහු ඉල්ලා තිබෙනවා. කතානායකවරයාත් පවසා තිබෙනවා ඔහුගේ තේ වත්තට අලාභහානි සිදුවෙලා කියලා. විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා මන්ත්‍රීවරු අත්සන් කරලා පෙත්සමක් ජනාධිපතිට යවමු කියලා. ඒකයි ඇත්ත තත්වය. ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක් ලෙස හිතුවක්කාරී තක්කඩි තීන්දු ගනිමින් ඉන්නවා. ඒ නිසා මේ විනාශකාරී තීරණය වෙනස් කරන්න ඕනෑ. කාබනික පොහොර වගාවට කවුරුත් අකමැති නැහැ. නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් වන්නේ ඒ සඳහා අවම වශයෙන් වසර 10ක් ගත වෙන බව. ඒ සියල්ල අත්හැර තමයි ජනාධිපතිවරයා මේ අමනෝඥ මුග්ධ තීරණය අරගෙන තිබෙන්නේ. ඔහු ඇතැම් දේ වෙනස් කරමින් තිබෙනවා. කෘෂිනාශක සහ වල්නාශක ගේනවීමට අවසර දෙනවා. ඒ නිසා අපේ රටේ කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය හා ගොවි ජනතාවගේ ජීවිත ගැන හිතලා මේ ඇති වී තිබෙන අර්බුදයට පිළියම් ලබා දිය යුතුයි. ඒ පිළිබඳව වැඩි අවධානයක් ලබාදිය යුතුයි. යැයි දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

ධීවර උද්ඝෝෂණ සුමන්දිරන්ගේ රගපෑමක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් පවසයි

Next Post

කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වීම පිටුපස මගඩියක් – විපක්ෂනායක

editor

editor

Next Post

කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වීම පිටුපස මගඩියක් - විපක්ෂනායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved