• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය ඖෂධ මංජුසාව නොමිලේ නිවෙස් වෙත බෙදාදීමට කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී අවධානය යොමු වෙයි

24 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කරයි.

අද (24) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර එහිදී මෙම තීරණයන්ට එළැඹිණි.

ක්ෂේත්‍ර 03 ක් යටතේ මම සැලැස්ම සකස් කෙරෙන අතර රාජ්‍ය අංශයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශයේ සේවාවන් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව කම්කරු අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය විශේෂඥ කමිටු හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නිර්දේශ නිකුත් කරනු ඇත.

එසේම දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව නිවෙස් වෙත නොමිලේ බෙදාදීමට සැලසුම් කර ඇති දේශීය ප්‍රතිශක්ති වර්ධක ඇතුළත් ඖෂධ මංජුසාව ලබා දීමට සියලු සැලසුම් සකස් කර ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඒ සඳහා රුපියල් මිලියන 6,000ක් වෙන් කර ඇති බව සඳහන් කළේය.

අදාළ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ග්‍රාමීය සංවර්ධන කමිටු සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පූර්ණ සහාය ලබාගත යුතු බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

කොවිඩ් අභියෝගය හමුවේ නව සාමාන්‍යකරණය යටතේ රටේ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සියලු අංශ එක්ව කටයුතු කළයුතු බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා 2021 දෙවන කාර්තුවේ 12.3%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකි වූ බවත්, රට වසා තැබීම හේතුවෙන් 3 වන කාර්තුවේ දී එය 1% දක්වා පහත වැටුණ ද 4වන කාර්තුවේ දී රටේ ආර්ථික වර්ධන වේගය 3% මට්ටමක පවත්වාගෙන යාමට ඉලක්ක සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පැහැදිළි කළේය. ඒ තුළින් මේ වසරේදී රටේ සමස්ත වාර්ෂික ආර්ථික වර්ධනය ප්‍රතිශතයක් ලෙස 5%ක මට්ටමක පවත්වා ගැනීමට හැකි වනු ඇති බවට ද ඒ මහතා විශ්වාසය පළ කළේය.

පාසල් විවෘත කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ නිර්දේශ සෞඛ්‍ය විශේෂඥ කමිටුව විසින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට එම නිර්දේශ ඝෘජුවම යොමු කරන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

යුනිසෙෆ් ඇතුළු ළමුන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන මෙන්ම මෙරට ළමා රෝග විශේෂඥයන් ද පෙන්වා දී ඇත්තේ පාසල් විවෘත කිරීමට එන්නත්කරණය අවසන් වන තුරු සිටීම අවශ්‍ය නොවන බවයි. දරුවන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා කඩිනමින් පාසල් සහ පෙර පාසල් යළි විවෘත කළ යුතු අතර ඒ සඳහා නිසි සෞඛ්‍ය නිර්දේශ යටතේ කටයුතු කළ යුතු බවත් දෙමාපියන්ගේ කැපවීම සහ සැලකිළිමත් බව එහිදී ඉතා වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

පාසල් පවිත්‍රකරණය සහ විෂබීජහරණයේ දී පළාත් පාලන ආයතනවල සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සෘජු දායකත්වය ලබා ගැනීමට ද තීරණය කෙරිණි.

ආයුර්වේද පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමයේ වැදගත්කම ද අවධාරණය කෙරුණු අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් සංචාරක කලාප ආශ්‍රිතව නව ආයුර්වේද පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පිළිබඳව සාකච්ඡා විය.

කොවිඩ් වසංගතය හමුවේ දේශීය ඖෂධ සඳහා ජාත්‍යන්තරයේ විශාල ඉල්ලුමක් පවතී. ඖෂධ අපනයනයේදී මේ වන විට තිබෙන බාධා ඉවත් කිරීම සඳහා සෘජු සැලැස්මක් සකස් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

ගුවන්තොටුපොළෙන් මෙරටට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා සිදු කරනු ලබන PCR පරීක්ෂණවල ප්‍රමාදයක් ඇති බවට කෙරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආරම්භ කර ඇති නව පරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් හෙට ආරම්භවීමත් සමග එම කටයුතු තවත් කාර්යක්ෂම වනු ඇති බව සඳහන් කළේය.

විදෙස් සංචාරකයන් PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව කිසිදු රඳවා ගැනීමකින් තොරව ඔවුන් විසින් තෝරාගත් හෝටලය වෙත යොමු කිරීම සිදු කෙරේ. ශ්‍රි ලාංකිකයින් ඔවුන්ගේ නිවෙස්වලට යොමු කෙරෙන අතර පැය 02-03කට ආසන්න කාලයකදී නිකුත් කෙරෙන PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව යම් අයෙක් කොවිඩ් ආසාධිතයෙකු බව තහවුරු වුවහොත් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මගින් දැනුවත් කිරීම් සහ නිරෝධායන ක්‍රියාවලිය සදහා උපදෙස් නිකුත් කෙරෙන බව ද සඳහන් කෙරිණි.

මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණයේ සාර්ථකත්වය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරුණු අතර වයස අවුරුදු 12 -19 අතර සංජනනීය දරුවන් සඳහා එන්නත්කරණය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, අනුරාධපුර සහ කුරුණෑගල මහ රෝහල්වලදී අද ආරම්භ කෙරුණු බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. එන්නත්කරණය සඳහා සමස්ථයක් ලෙස ජනතාව තුළ දැඩි උනන්දුවක් නැවතත් දක්නට ලැබෙන අතර වයස අවුරුදු 20-29 අතර වයස් කණ්ඩායේ තරුණ පිරිස් ද ස්ව කැමැත්තෙන්ම ඒ සඳහා යොමුව තිබීම සාධනීය තත්ත්වයක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ, පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 15
Previous Post

මහනුවර ජාතික රෝහලේ නව කොවිඩ් ප්‍රතිකාර ඒකකය ලබන 26 වනදා විවෘත කෙරේ

Next Post

විගමනික ශ්‍රමිකයන්ට PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්

editor

editor

Next Post

විගමනික ශ්‍රමිකයන්ට PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved