දේශපාලන ඩීල් සංස්කෘතිය මේ අවුරුද්දෙන් අවසන් බවත් ජනතාව ආයේ රැවටෙන්නේ නැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී මාධ්‍යවේදීන් මෙසේ ප්‍රශ්ණ කර සිටියේය “ බැසිල් රාජපක්ෂ නැවතත් පැමිණීමත් සමග පොහොට්ටුව පිබිදුණා කියලා කතාවක් තිබෙනවා. ඔබලාට අභියෝගයක් වෙයිද?
එයට පිළිතුර ලබා දුන් මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය : අනේ නෑ. කිසිසේත්ම අභියෝගයකුත් නෑ. අපි නම් මොන පිබිදීමක්වත් දැක්කේ නෑ. එන්න ඉස්සර පෙරහැරකින් ගේනවා කිවා නේද? ඒ පෙරහැරට මොකද දන්නෑ වුණේ. අපි නම් පෙරහැරක් දැක්කේ නෑ. එළියට බැස්සෙත් බොහොම අමාරුවෙන්. ආර්ථික ඝාතකයන්ට මේ රටේ ජනතාවගෙන් එළඹෙන මැතිවරණයේදී නිසි පිළිතුරු ලැබෙයි. ඔය කියන කිසිම දේශපාලනඥයෙක් ජනතාව එක්ක හිටගත්තෙත් නෑ. අදටත් නෑ. ඔවුන්ගේ බලය රැකගැනීම සඳහා උඩතලයේ දේශපාලන ඩීල් දැමීම එකම උපාය මාර්ගය. ජනතාව එක්ක ඇත්ත දේශපාලනය කරන්න ඔවුන්ට හැකියාවකුත් නෑ. තේරෙන්නෙත් නෑ. ඔවුන් තාම හිතන්නේ උඩ ඩීල් දාන්නත්, ජනතාව රවට්ටන්නත් විතරයි. මේ පාර වෙනස, කලින් වගේ ජනතාව රැවටෙන්නේ නෑ. ඔවුන් සියලු දෙනාම එකම වේදිකාවට ආවත් වැඩක් වෙන්නේ නෑ. ඒ දේශපාලන සංස්කෘතිය මේ අවුරුද්දේ අවසන් වෙනවා. ඒක කරන්නේ මේ රටේ ජනතාව.