• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙර පාසල් දරුවන් පිරිසක් හදිසියේම එප්පාවල රෝහලට එයි

3 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පෙර පාසල් දරුවන් අතින් නිම වූ පළමු ඖෂධ බහාලුම් කවර තොගය එප්පාවල ප්‍රාදේශීය රෝහල වෙත පරිත්‍යාග කිරීම පෙරපාසල් දරුවන්ගේ සුරතින් අද (03) සිදු කෙරිණි.

ඒ, පසුගියදා ගම්පොළ කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණි සත්හැවිරිදි දැරියක් ඖෂධ ඔතා දුන් කඩදාසියේ බෙහෙත් වට්ටෝරුව දෙආකාරයකින් සටහන් වී තිබීම හේතුවෙන් ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගත වීම හේතුවෙන් මරණයට පත්වීමේ සිදුවීමත් සමඟ ඒ පිළිබඳව අවධානය යොමු වූ උතුරු මැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ නිලන්ත ඒකනායක මහතාගේ සංකල්පයක් මත එම පළාතේ පෙර පාසල් දරුවන්ගේ අතින් සැකසු ඖෂධ බහාලුම් කවර රෝහල් වෙත ලබා දීම පරිත්‍යාග කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

ඒ යටතේ පෙර පාසල් දරුවන් අතින් නිම වූ පළමු ඖෂධ බහාලුම් කවර තොගය එප්පාවල ප්‍රාදේශීය රෝහල වෙත පරිත්‍යාග කිරීම පෙරපාසල් දරුවන්ගේ සුරතින් අද (03) සිදු කෙරිණි.

පෙරපාසල් දරුවන් විසින් පළමු අදියර යටතේ ඖෂධ නිකුත් කිරීම සඳහා ඖෂධ බහාලුම් කවර 2 000 ක් එප්පාවල රෝහල වෙත එහිදී පරිත්‍යාග කිරීම සිදු කෙරිණි. එප්පාවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමිය වන හේමමාලී දිසානායක මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත එම පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය.උතුරු මැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ නිලන්ත ඒකනායකථ මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන නිළධාරිනී, ඩබ්.එස්.පී.එම්.කේ වැලිපිටිය, එප්පාවල සමූපකාර සමඟි පෙර පාසලේ ප්‍රධාන පාලිකා ෂන්දිකා පෙරේරා, සදරැස්ගම පුදුබු පෙර පාසලේ පාලිකා නදීකා ප්‍රියදර්ශණී, ඇඳගල බෝ සෙවන පෙර පාසලේ පාලිකා අනුරාජයශීලී යන මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

එප්පාවල රජයේ රෝහලේ බෙහෙත් ලබා දෙන කවුලු අසල ” බෙහෙත් නිකුත් කිරීම සඳහා අවශ්‍යය පිරිසිදු කඩදාසි හා පොත් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි” යනුවෙන් සටහන් වූ දැන්වීමක්ද එහිදී දැක ගත හැකි විය.

රට තුළ පවතින කඩදාසි හිඟය හේතුවෙන් මේ වන විට රෝහල මගින් රෝගීන්ට ඖෂධ නිකුත් කරනු ලබන්නේ පත්තර පිටු හා භාවිතයෙන් ඉවත් කරන පොත් වල පිටු වලින් ඔතා එහි පැනෙන් ඖෂධ ලබා ගත යුතු ආකාරය සටහන් කරමින්ය, මේ නිසා ඖෂධ මාත්‍රාව පිළිබඳ සටහන් ඇතැමුන්ට පැහැදිලිව කියවා ගැනීමට අපහසුතා ඇති වේ.

ඒ සඳහා විසදුමක් ලෙස උතුරු මැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ නිලන්ත ඒකනායක මහතාගේ සංකල්පයක් මත පෙර පාසල් දරුවන්ගේ අතින් සැකසු ඖෂධ බහාලුම් කවර රෝහල් වෙත ලබාදදී ම සිදු කෙරේ.
රජයේ කාර්යාල සහ වෙනත් ආයතන වල මුද්‍රණ කටයුතු සිදු කිරීමේදී මුද්‍රණ දෝෂ හා වෙනත් වැරදි සිදු වී ඉවත් කරන පිරිසිදු කොළ පූර්ව ළමා විය සංවර්ධන අධිකාරිය මගින් ලබා ගෙන පෙරපාසල් වෙත ලබා දී පෙරපාසල් ආචාර්යවරුන් ඒවා අවශ්‍යය පරිදී කපා දුන් පසු පෙරපාසල් දරුවන් අතින් බෙහෙත් කවර අලවා නිර්මාණය කරවීම මේ දින වල සිදු කරනු ලබයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින සියලු රෝහල් වල බාහිර රෝගී අංශ මගින් බෙහෙත් නිකුත් කිරීමේදී කවර හිඟය බෙහෙවින් බලපා ඇත.වයස අවුරුදු 06 ට අඩු පෙර පාසල් දරුවන් යෙදවා ගෙන පෙරපාසල් පාලිකාවන්‌ගේ මඟ පෙන්වීම මත මෙම කවර නිර්මාණය කරනු ලබයි.

දරුවන්ගේ ක්‍රියාකාරකම් වශයෙන් සතියකට වරක් බෙහෙත් කවර නිෂ්පාදනය කරනු ලබන අතර, ඒ සඳහා උතුරු මැද පළාත තුළ පවතින පෙරපාසල් 2400 ක පාලිකාවන්ගේද කැපවීම මත මෙම බෙහෙත් කවර නිෂ්පාදනය සිදු කර, එම පෙරපාසල් බල ප්‍රදේශ වල පවතින රෝහල් වෙත සතියකට වරක් අඛණ්ඩව බෙහෙත් කවර ලබා දීමට අපේක්ෂා කරනු ලබයි.

උතුරු මැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක නිලන්ත ඒකනායක මහතා, ” අපි පහුගිය දිනවල මාධ්‍යයේ දැක්කා දරුවෙක්, බෙහෙත් දෙන පිළිවෙලේ තියෙන අපිළිවෙල නිසා ඇතිවූ ගැටලුවක් නිසා ජීවිතය අහිමි වූ පුවතක්.ඒ පුවත දකින විට අපිට මතක් වුණේ අපිට මේ පෙර පාසල් පද්ධතියේ සිටින දූ දරුවන්ගේ හසුරු කුසලතාවන් වර්ධනය කරන්න අපි කඩදාසි කපලා , අලවලා නොයෙකුත් ක්‍රියාකාරකම් කරනවා.හැබැයි එතකොට අපිට පුලුවන්නම් නිර්මාණාත්මකව මේ ළමයාගෙන් බෙහෙත් ලබා දෙන කවරයක් හදාගන්න කියන සිතුවිල්ල පහල වෙලා, මං මගේ පෙරපාසල් ආචාර්යවරුන් මේ පිළිබඳ විමසීමේදී ඔවුන් බොහෝම කැමැත්තෙන් මේ වැඩේ භාර ගත්තා.ගුරුවරුන් පෙරපාසල් දරු දැරියන් එක්ක එකතු වෙලා ඉතා කඩිනමින් දින කීපයක් තුළ බෙහෙත් කවර විශාල ප්‍රමාණයක් සාදා නිම කිරීමට කටයුතු කළා.ඒ අනුව තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, එප්පාවල ප්‍රදේශයේ පෙරපාසල් කීපයක දරු දැරියන් විසින් සකස් කළ බෙහෙත් බහාලන කවර එප්පාවල ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කිරීම සිද්ධ කලේ, අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික්කය පුරාම පවතින රෝහල් වලට අවශ්‍යය බෙහෙත් බහාලන කවර හා බෙහෙත් ලියන තුන්ඩු දරුවන්ගේ අතින් නිර්මාණාත්මකව හදලා ඒවා රෝහල් වලට ලබා දීමට අවශ්‍යය කටයුතු අපි අඛණ්ඩව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ තුළින් දරුවන්ගේ හසුරු කුසලතා වර්ධනය වෙනවා වගේම අපේ රටේ හැමදේම නෑ , බෑ කියලා පස්සට යන වෙලාවේ, අපිටත් මේ රට වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් කියන හැඟීම මේ පුංචි දරුවන්ට දෙන්න ඔ්න. ඒ හැඟීමත් එක්ක තමයි අපි මේ වැඩසටහන ආරම්භ කලේ, උතුරු මැද පළාත් සභාවේ පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරිය යට‌තේ පෙරපාසල් 2400 ක් පමණ තිබෙනවා.ඒ සෑම පෙරපාසලක්ම මේ සත්කාරය සිදු කිරීමට සූදානම් වෙලා තියෙන්නේ.අපි දැනට මේ සඳහා රාජ්‍යය ආයතන වලින් මුද්‍රණ දෝෂ ඇතුළු විවිධ වැරදි හේතුවෙන් ඉවත් කරන පිරිසිදු කඩදාසි යොදාගෙන මේ බෙහෙත් කවර නිර්මාණය කරන්නේ. අපි ඉල්ලීමක් කරනවා ඔබ සතුවත් මේ සඳහා යොදා ගත හැකි කඩදාසි තිබෙනවා නම් , ගම් හෝ කතුරු ලබා දෙන්න හැකියාවක් තියෙනවා නම් උතුරු මැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය ආරම්භ කළ මේ වැඩේට සහයෝගයක් ලබා දෙන්න එකතු වෙන්න කියලා කියලා.

එහිදී අදහස් දැක්වූ එප්පාවල සමූපකාර පෙරපාසලේ ප්‍රධාන පාලිකා ෂන්දිකා පෙරේරා මහත්මිය, “මේ වැඩසටහන ගොඩක් හොඳ දෙයක්, පෙරපාසල් දරුවන් යොමු කරන්න ඔ්න හසුරු කුසලාතාවන්ට, මේ වැඩසටහනට දෙමාපියන් බොහෝ කැමැත්තෙන් මැදිහත් වෙලා බෙහෙත් කවර 2000 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරන්න හැකියාව ලැබුණා. ඒ බෙහෙත් කවර ප්‍රමාණය අද දවසේ දරුවන්ගේ අතින්ම එප්පාවල ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කළා.දරුවන්ට මේ වගේ පරිත්‍යාගයන් කිරීමට හැකිවීම පිළිබඳව දරුවන් ඉතා සතුටු වුණා.

එප්පාවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමිය වන හේමමාලී දිසානායක මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ, ” මේ වෙසක් සතිය තුළ මේ වගේ පරිත්‍යාගයක් රෝගීන් වෙනුවෙන් කළ සත්කාරයට පෙරපාසල් දරුවන්ට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා.මේ වන විට අපි බෙහෙත් නිකුත් කරන්නේ ප්‍රදේශවාසීන් විසින්ම ලබා දුන්න කඩදාසිවල ඔතලා.අපිටත් හරි ගැටලුවක් මේ බෙහෙත් නිකුත් කරන්න කවර නැති එක, රෝගීන් විශාල වශයෙන් අපහසුතාවන්ට පත් වෙනවා.අපිරිසිදු කඩදාසියක බෙහෙත් එතුවොත් විෂ වන්න පුලුවන්, ඒ වගේම බෙහෙත් විනාශ වෙනවා ඉක්මනට කවර නැති නිසා.මේ වැනි පරිත්‍යාග කිරීම උතුම් කටයුත්තක්.ඒ සඳහා දායක වූ පෙරපාසල් දරු දැරියන්, දෙමාපියන්, පෙරපාසල් ආචාර්යවරුන් වගේම මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ සියලු නිළධාරීන්ට ස්තූතිවන්ත වෙනවා යැයි පැවසීය.

පසුගිය අප්‍රේල් මස 22 වැනි දින උණ රෝගයට ගොදුරුව සිටපැරසිටමෝල් අධි මාත්‍රාවක් ලබාදීම නිසා උඩහේන්තැන්න උඩුවැල්ල තාමරවල්ලි ජනපදයේ පදිංචි රන්කොත්පේඩි ගෙදර ශාමලී තරුෂි නමැති හත් හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත් විය.ඇය උඩුවැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ 2 වසර පන්තියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි.ඇගේ දෙමව්පියන් විසින් ගම්පොල කුරුදුවත්ත රෝහලින් ඇයට දෙවරක් බෙහෙත් රැගෙන දී තිබුණි.වෛද්‍යවරයා විසින් ලබාදී ඇති ළමයාට අදාළ නියමිත මාත්‍රාව වෙනුවට රෝහලේ ඖෂධ හලෙන් සටහන් කොට ලබාදී ඇති වැඩිහිටි මාත්‍රාවක් ළමයාට ලබාදීම නිසා මෙම අධි මාත්‍රාව ළමයාට ලැබී තිබෙන බව හෙළි වී තිබේ.කුරුදුවත්ත රෝහලෙන් දිනකට රෝගීන් හයසියයක් පමණ ප්‍රතිකාර සඳහා පැමිණෙන අතර ඔවුන්ට ඖෂධ ලබාදීමට සිටින්නේ එක් ඖෂධවේදියකු බව පැවසේ.එසේම පෙති වර්ග දැමීමට එම රෝහලට අවශ්‍ය දවටන හෝ කවර නොමැති අතර එම ඖෂධ වර්ග ලබා දෙන්නේ පරණ ලයිට් බිල් හෝ කඩදාසිවල දවටමිනි.රෝගීන් වැඩි නිසා පැනඩෝල් වැනි නිරන්තරයෙන් ලබා දෙන ඖෂධ වර්ග කලින්ම කොළවල ඔතා සකස් කර තබා රෝගීන්ට නිකුත් කිරීම සිදුකරන්නේ ඖෂධ ගන්නා ආකාරය ද සටහන් කර තැබීමෙනි.වැඩිහිටියන්ට අවශ්‍ය මාත්‍රාවන් එසේ ලියා තිබුණද ළමුන් පැමිණ විට එම කොලේ පිට පැත්තේ එම මාත්‍රාව ලියා දීම සිදු කර තිබේ.ඒ ආකාරයට හත් හැවිරිදි මෙම දරුවාට ද ඖෂධ ලබාදී ඇති අතර දෙමාපියන් සිදු කර ඇත්තේ එම කොළයේ ඇතුළත සටහන් කර තිබූ වැඩිහිටි මාත්‍රාව එම ළමයාට දීමය.

මේ ආකාරයට දරුවාට උණට බෙහෙත් ගත්තද පසුව බඩේ අමාරුවක් සෑදී ඇති අතර දෙමව්පියන් විසින් අප්‍රේල් මස 22 දින යළි එම දරුවා ගම්පොල රෝහලට රැගෙනවිත් ඇත්තේ ඉතා අසාධ්‍ය තත්ත්වයට පත් වීමෙනි.එහිදී දරුවා දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරු පියවර ගෙන තිබුණද ගම්පොල පේරාදෙණිය, නාවලපිටිය හෝ මහනුවර රෝහල්වල එම ඇඳන් හිස්ව නොතිබු නිසා දරුවා කොළඹ රාගම රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇත.ඒ අතර දරුවා දැඩි ලෙස දැඟලීම නිසා පියාගේ කැමැත්ත රැගෙන දරුවා නිර්වින්දනය කොට ඇති අතර එදින රාත්‍රී 7:30 ට පමණ දරුවා ගම්පොල රෝහලේදීම මියගොස් තිබේ.මෙම මරණයට හේතු ලෙස උණ රෝගයට අධි මාත්‍රාවෙන් පැනඩෝල් ලබාදීම, අක්මාවට හානි වීම බව මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබිණි.

 

තිසර සමල් – අනුරාධපුර

 

Post Views: 7
Previous Post

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය ජනපති අතින්

Next Post

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස් වෙයි

editor

editor

Next Post

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved