• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින බොඳ වෙලා – මන්ත්‍රී ප්‍රේම්නාත්

21 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ජනතාවට සහන ලබා දීම පමණක් නොව සහන ලබා දෙන්නේ කෙසේද යන්නත් පෙන්වා දී තිබෙන මෙවර අයවැය නිසැකයෙන්ම වැඩි ඡන්දයෙන් සම්මත වන බවද ඒ මහතා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ” රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය ගනු ලැ‍බූ ජනප්‍රිය නොවන මෙන්ම දේශපාලනික නොවන තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රට ස්ථාවරත්වයට ගෙන ඒමට හැකි වී තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය නුදුරේදීම ලැබීමට නියමිතයි. ජනතාවට සහන නොලැබෙයි කියා සිතූ විපක්ෂයේ සිහින බොඳ කරන්නට මෙවර අයවැය සමත් වී තිබෙනවා. මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් මෙන්ම වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. කඳුරට ජනතාවට මෙන්ම ගොවි ජනතාවට සින්නක්කර ඉඩම් ලබා දීම , මුඩු බිම් කෘෂි කාර්මික කටයුතු සඳහා නිදහස් කිරීම වගේම උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහාද දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් මෙවර අයවැයට ඇතුළත් වෙනවා. විශේෂයෙන් නව ලොවට ගැළපෙන වෘත්තිකයන් බිහි කිරීමේ සැලසුම් ඊට ඇතුළත් බව කිවයුතුයි. සහනවලින් පමණක් රටක් දියුණු කළ නොහැකියි. ඒ සඳහා දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් ද අවශ්‍යයි. වසර 2034 වන විට ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ඉහළ නැංවීමත් මෙම දිගු කාලීන වැඩ පිළිවෙලට ඇතුළත් වෙනවා. ඒ වගේම සෘජු බදු වැඩි කර ගැනීමට අවශ්‍ය සැලසුම් මෙවර අයවැය හරහා යෝජනා කර තිබෙනවා. විපක්ෂය බලාපොරොත්තු වූයේ ජනතාව කබලෙන් ලිපට වැටීම වුවත් සහන දෙනවා කියන කාරණයට එහා ගොස් මෙවර අයවැය මඟින් ජනතාවට සහන දෙන්නේ කෙසේද යන කාරණය පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මෙවර අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වන බවට කිසිම සැකයක් නැහැ. එබැවින් පෞද්ගලික දේශපාලන මති මතාන්තර කෙසේ වෙතත් රටේ ස්ථාවරත්වය වෙනුවෙන් ආණ්ඩුවත් සමඟ එක්ව රට ජයග්‍රාහී මාවතෙහි ඉදිරියට යාමට එක්වන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වුණා. පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මම මෙම යෝජනාව ඉදිරිපත් කළේ කාන්තා නියෝජනය ඒ ආකාරයෙන්ම තිබියදීයි. මේ සම්බන්ධයෙන් මට විරුද්ධව විපක්ෂයේ කොටස් දැඩි විවේචන එල්ල කර සිටියා. ඒ චෝදනා අවලාද මැද වුවත් අඛණ්ඩ කැප කිරීම් මැද අපට එය සම්මත කර ගැනීමට හැකි වුණා. නමුත් තරුණ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන විපක්ෂය උත්සාහ කළේ එම පනත සම්මත වීම කල් දැමීමටයි. ඔවුන් එය අයවැයට පසුව ගෙන එන්නට දැඩි උත්සාහයක් ගත්තා. එසේ වූවා නම් එය ඊළඟ වසර දක්වා කල් යනවා. විපක්ෂය කියන ආකාරයට ඔවුන් ඇත්තටම තරුණ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිනවාද කියන ප්‍රශ්නය මෙහිදී මතු වෙනවා. කෙසේ වෙතත් නැති වී ගිය තරුණ නියෝජනය නැවත ගෙන ඒමට හැකි වීමෙන් රටේ සාමාන්‍ය ජනතාව අතර තරුණයින්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව හිමි කර දීමට හැකි වීම ගැන සතුටු වෙනවා. ලබන වසර මැතිවරණ වසරක් ලෙස ජනාධිපතිතුමා සඳහන් කර තිබෙනවා. මැතිවරණ සඳහා මුදල් නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබෙනවා. නමුත් ආර්ථික ස්ථාවරත්වය සමඟ මැතිවරණ පැවැත්විය හැකි වාතාවරණයක් නිර්මාණය වන බව විශ්වාසයි. ඒ අනුව මැතිවරණ කොමිසම විසින් අදාළ මැතිවරණ නියමිත වෙලාවට පවත්වනු ඇතියි. ඒ වගේම ඩොලරයේ මිල ඉහළ යාමත් සමඟ බඩු මිල වැඩි වුනත් මේ වන විට එහි යම් පාලනයක් සිදුව තිබෙනවා. නමුත් භාණ්ඩ හා සේවා ආශ්‍රිත අනීතික මිල වැඩි කිරීම් පිළිබඳවත් ඩොලරයේ අගය අඩු වීමේ වාසිය ජනතාවට ලැබෙනවාද යන්න පිළිබඳවත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඊට අමතරව LGBTQ+ ප්‍රජාවේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් මා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊළඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව ඊටද දෙවැනි වර කියවීම සඳහා දිනයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා යැයි මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පැවසිය.

Post Views: 10
Previous Post

පීපල්ස් ලීසිං සමාගම දෙවැනි කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

Next Post

තමාගේ ලිපිගොනු සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සොරකම් කළා – විපක්ෂ නායක සජිත්ගෙන් දැඩි චෝදනාවක්

editor

editor

Next Post

තමාගේ ලිපිගොනු සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සොරකම් කළා - විපක්ෂ නායක සජිත්ගෙන් දැඩි චෝදනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025

Recent News

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved