• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාරිසරික රතු අනතුරු සංඥාව කොළ එළියක් කලේ ජනපතිගේ සහයෝගයෙන් – ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

12 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයේ සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විශේෂ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය IPCC විසින් දේශගුණ විපර්යාස පිළිබඳව ඇගයීමේ 06 වැනි වාර්තාව අගෝස්තු මස 09 වන දින ප්‍රකාශයට පත් කර තිබේ.

දේශගුණික විපර්යාස සම්බන්ධව වාර්තාව ප්‍රකාශයට පත් කරමින් එක්සත් ජාතින්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටෙරෙස් මහතා පෙන්වා දී තිබෙන්නේ ගෝලීය උණුසුම ඉහළයාම මානව සංහතියට රතු එළියක් වශයෙනි.

මහලේකම්වරයාගේ වාර්තාව මුළුමනින්ම දේශගුණ විපර්යාස සම්බන්ධව අනතුරු ඇඟවීමේ වාර්තාවකි. මෙය දෙසවනට දරා ගත නොහැකි ශබ්දයක් ගෙන එන්නාක් මෙන්ම සනාථ කළ නොහැකි සාක්ෂි දනවන්නක් යැයි ද වැඩිදුරටත් එහි සඳහන් වේ.

ඉදිරියේ දී වසර ගණනාවක දී වුවත් නැවත යථාතත්ත්වයට පත් කල නොහැකි තරම් වෙනස්කම් රැසක් පරිසරය සම්බන්ධයෙන් සිදු කරමින් දේශගුණ විපර්යාසයන් ඉහළ යමින් පවතී. එමනිසා දේශගුණ විපර්යාසවලින් ලෝකය ගළවා ගැනීම සඳහා නොපමාව ලෝකය විසින් ඉටු කළ යුතු කරුණු සම්බන්ධව ද මහලේකම්වරයා අදහස් පළ කර තිබේ.

පොසිල ඉන්ධන දහනයෙන් හා වන විනාශයෙන් වායු ගෝලයට නිකුත් වන හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් අප වෙසෙන මිහිකතගේ හුස්ම හිරවී බිලියන ගණනක් ලෝකවාසීන් ක්ෂණිකව අවදානමකට ලක් විය හැකි බවත් මහලේකම්වරයා අවධාරණය කරනු ලබයි.

දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩල ක්‍රියාකාරි කණ්ඩායමේ නවතම වාර්තාව අනුව පෘථිවියේ සෑම කලාපයක් පුරාම දේශගුණ විපර්යාස හේතුවෙන් වෙනස්කම් සිදුවන බව දේශගුන විපර්යාස සම්බන්ධව විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. දැනට දේශගුණික වශයෙන් දක්නට ලැබෙන බොහෝ වෙනස්කම් වසර සිය දහස් ගණනකට පෙර දී සිදු නොවු ඒවා වන අතර මුහුදු මට්ටම ඉහළයාම වැනි සිද්ධීන් වසර සිය දහස් ගණනකටවත් සිදු නොවු ඒවා වේ. කෙසේ වෙතත් කාබනයොක්සයිඩ් හා හරිතාගාර වායුන් විමෝචනය අඩු කිරීමේ තිරසරභාවය හා එහි ප්‍රබලතාව මත දේශගුණ විපර්යාස සිදුවිම අවම කර ගත හැකිය.

මෙම වාර්තාව අනුව වායු තත්ත්වයේ ගුණාත්මකභාවයෙහි ප්‍රතිලාභ ඉතා කඩිනමින් ලබා ගත හැකි වුවත් ගෝලීය උෂ්ණත්වය ස්ථාවරවීමට දශක දෙකතුනක් ගතවිය හැකිය.
එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා සිය ප්‍රකාශයෙහි සඳහන් කර තිබෙන්නේ අප දැනටමත් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2කින් ඉහළ දමා ඇති බවයි. එමනිසා මෑත දශක කිහිපය තුළ ගෝලීය උණුසුම සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

දේශගුණික විපර්යාසයන්හි අනිසි බලපෑම දූරදර්ශි ලෙස වටහාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 ජූලි මස 29 වන දිනැති අංක 2238/ 20 දරණ ගැසට් පත්‍රය මගින් දේශගුණ විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරනු ලැබීය.

එම බලකාය වෙත පැවරී ඇති කාර්යබාරය අනුව ශ්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් අවම කර ගත හැකි අතර පැරිස් ගිවිසුමෙහි ගෝලිය උෂ්ණත්වය ඉළක්කය වන 2100 වනවිට ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම සෙල්සියස් අංශක 02ට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම ට ඝෘජුවම දායකත්වය සැපයීමයි.

මේ අනුව එතුමා විසින් ආරම්භ කළ වැඩ පිළිවෙළ අනුව නැවත ගල් අගුරු බලාගාර ඉදි කිරීම අත්හිටුවීම, මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය විදුලිය මගින් ලබා ගැනීම, විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීම, හරිත නිෂ්පාදන ආර්ථිකයක් සඳහා අවශ්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලා පෙළැඹවීම හා එමගින් ලෝක වෙළෙඳපොලට අවතීර්ණ වීමට හැකි පරිදි හරිත නිෂ්පාදන ආර්ථිකයක් කරා ලංකාව ගෙන යාමේ වැඩ පිළිවෙළ, මෙරට වනගහනය 2025 වනවිට සියයට 30 දක්වා ඉහළ නැංවීම ප්‍රධාන වේ.

එමනිසා එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා විසින් සිදු කර තිබෙන පාරිසරික රතු අනතුරු සංඥාවට කොළ එළියක් දැල්වීමට දායකත්වය සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත සකස් කර ඇති වැඩ පිළිවෙළ ලෝකයේ කාර්මීකරණය මගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ නැංවීමට කටයුතු කරන රටවලට කුඩා වුවද අපේ රට ආදර්ශයක් සපයා ඇති බව කිව යුතු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසිය.

 

Post Views: 7
Previous Post

ආණ්ඩුව අසමත් කියන එක අද කුස්සියෙනුත් පේනවා – අයිතීන් උදෙසා කාන්තාවෝ

Next Post

ආහාර බෝග හානිකිරීම්වල දී වැඩිම හානියක් සිදුවන්නේ කුඩා සතුන්ගෙන් බව පර්යේෂණ වාර්තා තහවුරු කරයි

editor

editor

Next Post

ආහාර බෝග හානිකිරීම්වල දී වැඩිම හානියක් සිදුවන්නේ කුඩා සතුන්ගෙන් බව පර්යේෂණ වාර්තා තහවුරු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

18 August 2025
රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

18 August 2025
විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

18 August 2025
‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

18 August 2025

Recent News

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

18 August 2025
රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

18 August 2025
විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

18 August 2025
‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

18 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

18 August 2025
රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

18 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved