8 September 2024
#දේශීය #පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව නව සන්ධානයේ ප්‍රථම රැළිය ජූනි 08 දින අම්බලන්තොට දී – ඇමැති මහින්ද අමරවිර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව ලබන ජූනි මස 08 දින හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් අම්බලන්තොට මංසන්ධියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

මෙම ප්‍රථම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතාගේ පූර්ණ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ පළමු රැළිය විශාල ජන සහභාගිත්වයකින් යුක්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම රැළියට සහභාගිවීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *