• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ආබාධිත තරුණ තරුණියන් සදහා වන පළමු දෙමළ මාධ්‍ය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට

6 December 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධිත තරුණ තරුණියන්ගේ හැකියාවන් ඔප්නැංවීම සදහා ආරම්භ කර ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි 09 වැන්න ලෙස නැගෙනහිර පළාතේ වාලච්චේනෛ මුල්කරගෙන පිහිටවූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීම සිදු කෙරිණි.

ඒ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

වාලච්චේනෛ පිහිටවූ මෙම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධිත දමිළ තරුණ තරුණියන් සදහා ආරම්භ කළ පළමු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ලෙස ඉතිහාසයට එක්වෙයි. මෙහි සංකල්පීය අදහස හිටපු සමාජසේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා විසින් 2017 වසරේදී ඉදිරිපත් කර ඇති අතර හිටපු සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රදීප් යසරත්න මහතා ඊට මැදිහත්ව තිබේ.

රුපියල් මිලියන 141ක මුදලක් වැයකර ඉදිකර ඇති මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය අංග සම්පූර්ණ කාන්තා පිරිමි නේවාසිකාගාරවලින්ද යුක්ත අතර පාඨමාලා පැවැත්වීම සදහා පහසුකම් සහිත පංතිකාමර පද්ධතියකින්ද යුක්තය. මූලික අදියරේ ඇදුම් මැසීමේ පාඨමාලාව සහ ඉලෙක්ට්‍රොනික් පාඨමාලාව ආරම්භ කිරීමට නියමිත අතර ඒ සදහා සිසු සිසුවියන් 40 දෙනෙකු තෝරාගෙන ඇත. මේ සදහා අවශ්‍ය උපකරණ චයිල්ඩ් ෆන්ඩ් ආයතනය විසින් ලබාදී ඇත. විවිධ ආබාධ සහිත වයස අවුරුදු 16-35ත් අතර අවිවාහක තරුණ තරුණියන්ට මෙහි පාඨමාලා හැදෑරිය හැකි අතර ඒ සදහා නේවාසික පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ආහාරපාන, වෛද්‍ය පහසුකම් හා දෛනික පැමිණීමේ දීමනාවක් මෙන්ම පුහුණුව අවසානයේ මෙවලම් කට්ටලයක් සමග වටිනා සහතිකයක් අභ්‍යාසලාභීන් වෙත පිරිනැමීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ කොතැන සිටියත් ආබාධිත බව කියන්නේ තමන්ගේ සම්පූර්ණ සංවර්ධන විභවය නැතිනම් ග්රෝත් ප්‍රොටෙන්ෂල් එක පුරවැසියෙක් ලෙස සම්පූර්ණ වශයෙන් දායාද කළ නොහැකි බවයි. ආබාධිත තත්වය ගත්විට එය ලංකාවේ උතුරේ වේවා, දකුණේ වේවා, බස්නාහිර වේවා, නැගෙනහිර වේවා සියලු දෙනාම එක සමාන බැවින් ආබාධිත දරුවන් වෙනුවෙන් රජයක් ලෙස වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන විවෘත කරමින් සිටින බවත් නම වන මධ්‍යස්ථානය ලෙස මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත වන බවයි. තවදුරටත් අමාත්‍යතුමිය අවධාරණය කර සිටියේ වෘත්තීය පුහුණු වැඩසටහන් ඉතාම වැදගත්වන බවත් ඔවුන්ව කිසියම් වෘත්තියකට හුරු කිරීම තුළින් ගෞරවණීය පුරවැසියෙකු ලෙස ජීවත්වීමට කිසියම් ආර්ථික සවිබල ගැන්වීමක් එක්ක හැකියාව ලැබෙන බවයි.

මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කේ.කරුණාකරන්, වාලච්චේනෛ ප්‍රාදේශිය සභාවේ සභාපති සෝබා ජනරංජනී, සමාජ සේවා අධ්‍යක්ෂ චන්දන රණවීරආරච්චි, චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ නාලක සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස එක්විය.

Post Views: 12
Previous Post

උළු,ගඩොල් ඇතුළු මැටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සැපිරීම අපේ අරමුණයි – ඇමැති විමල්

Next Post

ආගමික උමතු අන්තවාදය පරාජය කිරීමට පෙරට එන ලෙස ලෝකවාසීන්ට ආරාධනා කරන – ජවිපේ

editor

editor

Next Post

ආගමික උමතු අන්තවාදය පරාජය කිරීමට පෙරට එන ලෙස ලෝකවාසීන්ට ආරාධනා කරන - ජවිපේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved