• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අප රටේ තේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැට්ටුවේ ගෝඨා රජයයි – විපක්ෂනායක සජිත්

16 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලොව ප්‍රමුඛතම තේ අපනයනකරුවා ලෙස හා ලොව ගුණත්වයෙන් ඉහළම තේ සන්නාමය ලෙස ජාත්‍යන්තර කීර්තිය අත්පත් කරගෙන තිබූ අප රටේ තේ කර්මාන්තය සම්පූර්ණයෙන් ම පාහේ බිඳවැටීම පසුගිය රජයේ කාබනික වගා වියරුවේ එක් ප්‍රථිපලයකින් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කුඩා තේ වතු හිමියන් මුහුණ දෙන ගැටලු පිළිබඳව, ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂනායකවරයා අද (16) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කර සිටියේය.

රසායනික පොහොර තහනමත් සමඟ තේ අස්වැන්න සහ ගුණාත්මක බව සීඝ්‍ර ලෙස පහත වැටු අතර තේ කර්මාන්තයේ ලාභදායී බව අඩුවීම නිසා මහා පරිමාණ තේ වතු ක්‍රමයෙන් නිසරු බිම් බවට පරිවර්තනය වෙමින් පවති බව හෙතෙම පැවසිය.

මේ පිළිබඳ අදහස් දැක් වු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය මෙසේය “කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හා තේ කම්හල්හි පැවති තිරසාර බව බිඳ වැටිණි .බිඳ වැටුණු තේ නිෂ්පාදන චක්‍රය නැවත කඩිනමින් පණ ගැන්වීම, විදේශ විනිමය නැවත ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස පමණක් නොව මෙම කර්මාන්තය මත යැපෙන ලක්ෂ 5ක පමණ පුද්ගලයින් වෙනුවෙන් අත්‍යාවශ්‍යයෙන් ම සිදු කළ යුත්තකි.

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

1. තේ වගාව අඛණ්ඩව හා ඵලදායී ලෙස පවත්වා ගැනීමට අවම වශයෙන් 5%ක හෝ නැවත වගාවක් වාර්ෂිකව සිදු කළ යුතු වේ. ඒ සඳහා තේ තවාන් පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය වන යෙදවුම් වන T65 පොහොර, සින්ක් සල්ෆේට් (Zinc Sulphate), එප්සෝම් සෝල්ට් (Epsom Salt) සහ මෙටාසෝඩියම් පලිබෝධ නාශක මෙරට තුළ හිඟවීම නිසා තේ නැවත වගාව සිදු කළ නොහැකි වී ඇත. මෙම ගැටලුව විසඳීම සඳහා රජය ලබා දෙන විසඳුම් කවරේ ද?

2. තේ කර්මාන්තය සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර වන U709, T200 සහ T65 මේ වනවිට වෙළඳපොළ මිළ ඉතා අධිකයි. එසේම, බොහෝ ප්‍රදේශවල මිලට ගැනීම සඳහා පොහොර නොමැත. මෙම පොහොර හිඟය මඟහරවා සාධාරණ හා සහනදායී මිලක් පොහොර සඳහා ලබා දීමට රජය සතුව නිශ්චිත වැඩපිළිවෙලක් තිබේ ද? එසේනම්, ඒ කවරේ ද?

3. තේ කර්මාන්තය සඳහා භාවිතා කළ ග්ලයිෆෝසේට් වල් නාශකය කිසිදු විකල්ප හඳුන්වා දීමකින් තොරව එකවර තහනම් කිරීම සිදු කළ නිසා ගුණත්වයෙන් අඩු සහ ඉතා හානිකර වල් නාශක තේ වගාකරුවන් අතර ව්‍යාප්ත වීම සිදුවිය. ප්‍රමිතියෙන් තොර වල්නාශක වෙළඳපොලෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවර කවරේ ද? ප්‍රමිති සහගත විකල්ප වල් නාශක සහනදායී මිළ ගණන් යටතේ කුඩා තේ වතු හිමියන්ට ලබා දීමට රජය සතු වැඩපිළිවෙල කුමක් ද?

4. නව තාක්ෂණික දැනුම ප්‍රමාණවත් පරිදි වගා කරුවන්ට නොලැබීම, අධි තාක්ෂණික තේ වගාව, තේ දළු නෙලීමේ තාක්ෂණය, නව තාක්ෂණ යෙදවීම් භාවිතය සඳහා සාක්ෂරතාවයන් ඇතුළු තේ කර්මාන්තශාලා පවත්වා ගෙන යාමට මෙන්ම වැඩි දියුණු කිරීමට අත්‍යාවශ්‍ය දැනුම නොමැතිවීම, අමතර උපාංගවල හිඟය සහ විශේෂයෙන් ම ශ්‍රමික හිඟය තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ අනාගත පැවැත්ම අවිනිශ්චිත කොට ඇත. මෙම තත්ත්වය කළමනාකරණය සඳහා රජය මේ වනවිට ගෙන ඇති පියවර කවරේ ද?

5. තේ වගාව සඳහා යොදා ගත හැකි ඒ වෙනුවෙන් වෙන් කර තිබූ සහ තේ වගාවන් සිදුකර පසුව අතහැර දැමූ විශාල මුඩු ඉඩම් ප්‍රමාණයක් උඩරට, මැදරට හා පහතරට මහාපරිමාණ වතු ආශ්‍රිතව පවතී. මෙම ඉඩම් කඩිනමින් නැවත තේ වගාව සඳහා කුඩා තේ වතු වගා කරුවන්ට ලබා දීමට හෝ වෙනත් ක්‍රමවේදයක් යටතේ යොදා ගැනීමට රජය සතුව නිශ්චිත වැඩපිළිවෙලක් පවතී ද? ඒ කුමක් ද?

6. තේ කර්මාන්තය මත අයකරන සෙස් බද්ද මගින් යැපෙන කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ මණ්ඩලය හා තේ පර්යේෂණ ආයතනය ප්‍රමාණවත් ලෙස තේ කර්මාන්තය පවත්වා ගෙන යාමට පහසුකම් නොසපයන බවට වාර්තා වේ. මෙම ආයතන කඩිනම් පරිපාලන ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කර තේ කර්මාන්තයේ පරිපාලනය, නිෂ්පාදනය හා අලෙවිය යම් තත්ත්වයකට පත් කිරීමේ වැඩපිළිවෙලක් රජය සතුවේ ද?

7. තේ කර්මාන්තය වෙනුවෙන් තම දහඩිය, ශ්‍රමය වගුරන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සහ කුඩා තේ වතු වගාකරුවන් වයෝවෘද්ධ වූ පසු උග්‍ර සමාජ, ආර්ථික ගැටලු වලට මුහුණ දෙනු ලබයි. මෙවන් වයෝවෘද්ධ තේ කර්මාන්තයේ නිරතවූවන් රැකබලා ගැනීමේ රක්ෂණ ක්‍රමයක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීමේ හැකියාවක් තිබේ ද? දැයි විපක්ෂනායකවරයා ප්‍රශ්ණ කර සිටි.

 

Post Views: 8
Previous Post

මුතුරාජා හස්තියා මෙරට රඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ඇමැති අමරවීර වනජීවි ලේකම්වරියට දැනුම් දෙයි

Next Post

චක්‍රලේඛවලට මුවාවෙලා මාව අන්දන්න හදන්න එපා – ඇමති ප්‍රසන්න නිලධාරීන්ට කියයි

editor

editor

Next Post

චක්‍රලේඛවලට මුවාවෙලා මාව අන්දන්න හදන්න එපා - ඇමති ප්‍රසන්න නිලධාරීන්ට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved