• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවට මිලයි රටයි දෙකම පාලනය කරන්නත් බැහැ – ජවිපේ

9 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ජනතාව පිට පැටවීම බවත් එයින් පෙනෙනනේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත්, රට පාලනය කරන්නත් බැරි බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී හදුන්නෙත්ති මහතා මෙසේ අදහස් පල කලේය “ආණ්ඩුව 07 වනදා රාත්‍රියේ සිට කිරිපිටි, ගෑස්, සිමෙන්ති වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට මෙතෙක් ක්‍රියාත්මක වුණු මිල පාලනය ඉවත් කළා. මේ අතර ජනතාවට ඉදිරි අවුරුද්දේ බර පටවන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය කාලය පුරාම සාමාන්‍ය පාරිභෝගික ජනතාව ඉතාම පීඩාවට පත්කරමින් කිරිපිටි, ගෑස්, පෝලිම් නිර්මාණය කර තිබුණා. රාජපක්‍ෂ පාලනයේ බැරිකම මහ පාරේ පෙන්නුම් කළා. ජනතාවගේ වේදනාව මාධ්‍යවලින් අපි දැක්කා. හිඟකම නිර්මාණය කරලා ඊට උත්තර හැටියට ආණ්ඩුව තෝරන්නේ ජනතාවටබර පටවන එකයි. පවතින ආර්ථික අර්බුදය නිසා විශේෂයෙන් විදේශ විනිමය හිඟයක් පවතිනවා. මේ නිසා අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකි වුණා. ඩොලර් සංචිතය කඩා වැටෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා. ජනතාවට දරාගන්න බැරි භාණ්ඩ හිඟයක් හැටියට ආවේ ආණ්ඩුවේ නොහැකියාවයි. අන්තිමට මේ පීඩනය ජනතාව පිට පටවලා ආණ්ඩුව ගැලවුණා. හිඟයේ බර ජනතාව පිට පටවන්න මිල පාලනය ඉවත්කළා. මේ නිසා ග්‍රෑම් 400 කිරි පැකට් එකක් රු. 140කින් වැඩිකර තිබෙනවා. මේ ආරම්භය විතරයි. ගෑස් මිල වැඩිකරන්න ඉල්ලීම් කරමින් තිබුණා. රුපියල් 1200කින් විතර වැඩිකරන්න ඔවුන් ඉල්ලීම් කර තිබුණා. අද කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ජනතාව පිට පැටවීමයි. කෙටියෙන්ම කියන්න තියෙන්නේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බැහැ කියලයි. ආණ්ඩුවේ පාලනයත් මිල පාලනයත් ගිලිහී යාමෙන් පාරිභෝගික අධිකාරිය, පාරිභොගික ඇමතිවරයා මොකද කරන්නේ? හිඟයකින් තොරව භාණ්ඩ සපයන්න කටයුතු කරන බව ගාමිණී ලොකුගේ ඇමතිවරයා කියා තිබෙනවා. ආණ්ඩුව කරන්නේ මිල පාලනය ඉවත් කිරීමයි. මේ නිසා හිඟය හදපු අයම මිල වැඩිකරලා හිඟය අවසන් බව කියනවා. ජනතාවගේ කටින්ම කීයට හරි ගන්න බඩු දෙන්න කියලා කියයවලා ජනතාව වේදනාවට පත්කරලා. කිරිපිටි පෝලිමේ ඉන්න මිනිස්සු වැඩිමිලට හරි කමක් නැහැ භාණ්ඩ දෙන්න කියන තැනට පොළඹවා තිබෙනවා. හැම භාණ්ඩයකටම මේ වැඬේ කරනවා. ආණ්ඩුවේ පාලනය ජාවාරම්කාර වළල්ලේ කිහිප දෙනෙක් අතට අද ගිහිල්ලා තියෙනවා. සහල් මිල පාලනය ඉවත් කිරීමත් සමඟම ඩඞ්ලි මුදලාලි මිල තීරණය කළා. කිරිපිටි මිල තීරණය කරන්නේ ඒ ව්‍යාපාර කරන අයයි. සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙනුත් එහෙමයි. තත්වය මේක නම් රාජපක්‍ෂ ආණ්ඩුව මොකද කරන්නේ? වරායේ හිරවී තිබෙන භාණ්ඩ මුදාහරින්න විදේශ විනිමය සචිතයෙන් ඩොලර් මිලියන 50ක් නිදහස් කර දුන්නා. ව්‍යාපාරික ප්‍රජාවටත් සාමාන්‍ය ජනතාවටත් සාධාරණය ඉෂ්ට කිරීම ආණ්ඩුවේ වගකීමක්. සතොසෙන් ඇති තරම් භාණ්ඩ ගෙනත් දෙනවා, යට ඇඳුම් පවා ගෙනත් තියෙන බවට පම්පෝරි ගැහුවත් අද බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න ඇමතිවරුන්ට කියන්න දෙයක් නැහැ. හේතුව අද ආණ්ඩුවේ පාලනයක් නැහැ. පීඩාවට පත්වී සිටින ජනතාවට ආණ්ඩුව පහර පිට පහර දෙමින් ඉන්නවා. තමන්ගේ මිත්‍රයින්ට සැලකිලි කළාට ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නෙවෙයි මේක. යැයි සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

ජනපති සක්‍රීයව දේශපාලනයට මැදිහත් විය යුතුයි – විමල් කියයි

Next Post

නාවික හමුදා සේවා ඉදිකල ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පුත්තලම, කරුවලගස්වැවදී ජනතා අයිතියට

editor

editor

Next Post

නාවික හමුදා සේවා ඉදිකල ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පුත්තලම, කරුවලගස්වැවදී ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

21 July 2025
ජපානය දකුණට බර වෙයි – ඉතිහාසයේ කිසිදා නොවූ සිද්ධියක් (video)

ජපානය දකුණට බර වෙයි – ඉතිහාසයේ කිසිදා නොවූ සිද්ධියක් (video)

21 July 2025
ටිල්වින් – හරිනි ගැටුම එළියට – ලාල් ඩඩ්ලිගේ අතිජාතයෙක් වුණ හැටි (video)

ටිල්වින් – හරිනි ගැටුම එළියට – ලාල් ඩඩ්ලිගේ අතිජාතයෙක් වුණ හැටි (video)

21 July 2025
කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

21 July 2025

Recent News

තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

21 July 2025
ජපානය දකුණට බර වෙයි – ඉතිහාසයේ කිසිදා නොවූ සිද්ධියක් (video)

ජපානය දකුණට බර වෙයි – ඉතිහාසයේ කිසිදා නොවූ සිද්ධියක් (video)

21 July 2025
ටිල්වින් – හරිනි ගැටුම එළියට – ලාල් ඩඩ්ලිගේ අතිජාතයෙක් වුණ හැටි (video)

ටිල්වින් – හරිනි ගැටුම එළියට – ලාල් ඩඩ්ලිගේ අතිජාතයෙක් වුණ හැටි (video)

21 July 2025
කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

කාලගුණ තත්වය නිසා ආතතිය තත්වයක්

21 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

21 July 2025
ජපානය දකුණට බර වෙයි – ඉතිහාසයේ කිසිදා නොවූ සිද්ධියක් (video)

ජපානය දකුණට බර වෙයි – ඉතිහාසයේ කිසිදා නොවූ සිද්ධියක් (video)

21 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved