• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව වැඩ කරන්නේ දේශපාලන වාසි බලාගෙන නෙමෙයි – අමාත්‍ය මනුෂ නානායක්කාර

18 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මූල්‍ය විනයක් නොතිබූ රටක් මේ වන විට මූල්‍ය විනයක් ඇති රටක් බවට පත් කර තිබෙන බවත්, ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ දේශපාලන වාසි බලාගෙන නොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ගාල්ල තලාපිටිය මුස්ලිම් පල්ලියේදී පැවති හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (18) උදෑසන අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” මූල්‍ය විනයක් නැතිවෙලා, මැතිවරණ වෙනුවෙන් මුදල් බෙදපු රටක්, දැන් මූල්‍ය විනයක් ඇති රටක් බවට පත් කරලා තියෙනවා. ලෝක බැංකුව හරි වෙනත් ඕනම ආයතනයක් ණයක් ලබාදෙන විට ඒ ණය නැවත ගෙවන්න ක්‍රමවේදයක් තිබෙනවාද කියලා බලනවා. මේ වන විට අවුරුද්දක් ඇතුළත අපේ රටේ මූල්‍ය විනය හදලා තිබෙන බව පෙන්නලා තියෙනවා. හොරකම් කරන්න බැරි විදියට දූෂණ විරෝධී පනත ගෙනත් නීති ශක්තිමත් කරලා තියෙනවා. මේ රටට ණය දෙන්න, ආයෝජන කරන්න තියෙන බය නැති කරලා තියෙනවා. අනවශ්‍ය විදියට සහනාධාර ලබාදීම නියමානුකූල කරලා තියෙනවා. පාඩු ලබන රාජ්‍ය ආයතනවලට ජනතාවගේ බදු මුදල් යට කරන එක නතර කරලා මූල්‍ය විනය හදාගෙන තියෙනවා. අපි හිටපු තැන ඉදලා ගොඩක් ඉදිරියට ඇවිත් තියෙනවා. ඩොලර් සංචිතයක් නැතිව පටන් ගත්ත රටක් ඩොලර් බිලියන හතරක සංචිතයක් ඇති රටක් බවට පත් කරගෙන තිබෙනවා. විදේශ ගත ශ්‍රමිකයින්ට, ඩොලර් මේ රටට එවන අයට වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදී තිබෙනවා. මේ වන විට දෙසීයට අධික වාහන බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. ඉදිරියට විද්‍යුත් වාහන ආනයනයට සහන ලබාදෙනවා. ලොරි, බස් ගේන්න තියෙන තහනම අයින් කරලා තියෙනවා. රටේ නතරවී තිබෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඇතුළු ක්ෂේත්‍රයන් නැවත ආරම්භ විය යුතුයි. අනෙක් වාහන ආනයනයට අවසර දීමට යම් කාලයක් ගතවේවි. මේ වෙලාවේ ඡන්ද ගැනවත්, දේශපාලනය ගැනවත් හිතන්නේ නෑ. අපි රටේ ආර්ථිකය ගැන තමයි හිතන්නේ. ඒ නිසා තමයි යම් යම් පාලනයන් ඇතිව අපි වැඩ කටයුතු කරන්නේ. අපිට ඕන මේ රටේ මිනිස්සු සාමයෙන් ජීවත් වෙන්න. සිංහල පමණයි, සිංහල රාජ්‍ය භාෂාව කියලා ජාතිවාදය පාවිච්චි කළා. පාස්කු ප්‍රහාරය දක්වා ජාතිවාදය ඡන්ද වෙනුවෙන් භාවිතා කළා. ඒ ඒ ජාතීන්ට නිසි ගරුත්වය ලබාදෙන වැඩපිලිවෙලක් අවශයයි. 13 වැනි සංශෝධනය හරහා බලය ලබාදීලා, ජාතිවාදය ඡන්දවලට යොදාගන්න ඉඩ නොදෙන තත්වයක් අපි ඇති කරනවා. ජනාධිපතිතුමා ඡන්ද බලාගෙනවත්, දේශපාලනය බලාගෙනවාත් වැඩ කරන්නේ නෑ. උතුර තරහ වෙයි, දකුණ තහර වෙයි කියලා හිතන්නේ නැතිව වැඩ කරනවා. මීළග පරම්පරාවට ජාතිවාදය විකුණලා වැඩ කරන්න බැරි, ජාතිවාදය ඡන්දවලට විකුණන්නේ නැති තත්වයක් තමයි අපි ඇති කරන්නේ. අවුරුද්දක් ඇතුළත රටේ ආර්ථික තත්වය ඉදිරියට ගෙනවිත් තිබෙනවා. මේ අවුරුද්දේ දෙසැම්බර් ජනවාරි වන විට ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා. ලබන අවුරුද්දේ අගෝස්තු වන විට කවුද අපේක්ෂකය කියන එක හැමෝටම පිළිගන්න සිදුවේවි. ඒකට කරන්න ඕන වෙනස දේශපාලන අවශ්‍යතාවයක් ගැන හිතන්නේ නැතිව, ඡන්ද ගැන හිතන්නේ නැතිව ගන්නවා. එතකොට බුද්ධිමත් ජනතාව ඉදිරියට ගෙන යන්න ඕන නායකයා කවුද කියලා බුද්ධිමත් ජනතාව තීරණය කරාවි. මේ වෙලාවේ අපි සියලු දෙනාටම එකට එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. රට හදන්න හැමෝටම එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. අපිට මේ වෙලාවේ ආර්ථික ප්‍රශ්නය විසදා ගන්න, ජාතික ප්‍රශ්නය විසදා ගන්න, අධ්‍යාපනය වෙනස් කරන්න, සංවර්ධිත රටක් බවට පත් කිරීමට කටයුතු කළ යුතුයි. පක්ෂ, පාඨ, කුල වලට බෙදිලා මේක කරන්න බෑ. පක්ෂයක්, විපක්ෂයක් කියලා හිතන්නේ නැතිව වැඩ කළොත් තමයි හැමෝටම ඉදිරියට යන්න පුලුවන් වෙන්නේ. අපි වැඩක් කරන විට පාරට බැහැලා විරෝධතා කරන කට්ටියක් ඉන්නවා. ඒත් අපි වැඩේ කරනවා. හැමෝම රට ඉදිරියට ගෙන යන්න උදව් කරනවා නම් කොතරම් ලොකු දෙයක්ද. දැන් ණය ප්‍රතිව්‍යුහත කිරීමට කටයුතු කරමින් සිටිනවා. අපි ණය ප්‍රතිව්‍යුහගත කරන්න හදන විට ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යනවා. අධිකරණයත් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ වගේ වෙලාවකට එකට එකතුවෙලා වැඩ කළානම් පහසුවෙන් මේ දේවල් කරන්න පුලුවන්. මේ වෙලාවේ කිසිදු පක්ෂයක් දේශපාලන වාසි බලනන් හොද නෑ. අපි ආණ්ඩු කළත් දේශපාලන වාසි බලන්නේ නෑ. අපි රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් දේශපාලන වශයෙන් වාසි නොවන තීන්දු ගන්නවා. දැන් මිනිස්සු දේශපාලන වාසි වෙනුවෙන් ගන්න තීන්දු මොනවද කියලා තේරුම් අරගෙන ඉන්නවා යැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

අනුරාධපුර. තලාවේ ජිව අත් බෝම්බයක් සොයා ගැනේ

Next Post

විපක්ෂ නායකගේ මැදිහත් වීමෙන් ව්‍යවසායකයන්ගේ ගැටලු ලෝක බැංකුවට ඉදිරිපත් කරයි

editor

editor

Next Post

විපක්ෂ නායකගේ මැදිහත් වීමෙන් ව්‍යවසායකයන්ගේ ගැටලු ලෝක බැංකුවට ඉදිරිපත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved