• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉල්ලා අස්වීම අස්වීම හැර ආණ්ඩුවට අන් මගක් නැත – විපක්ෂනායක

4 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මොහොතින් මොහොත ඇස්පනාපිටම රටේ සමස්ථ ක්‍රියාවලිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් සිටින වර්තමාන ආණ්ඩුවට තවදුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ කිසිම හැකියාවක් සහ උවමනාවක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා කියා සිටියේ මේ ආණ්ඩුව මොනතරම් දුර්දාන්ත තැනකට අපේ රට තල්ලු කොට ඇතිදැයි වටහා ගැනීමට ඔවුන්ගේ වසරකට වැඩි පාලන කාලයම නොව,සතියක් දෙකක් තුළ සිදුකොට ඇති ව්‍යසනයම ප්‍රමාණවත් බවයි.

විපක්ෂනායකවරයා නිකුත් කල මාධ්‍ය නිවේදනයේ මෙසේ කරුණු සදහන් කර ඇත.

◾විදුලිය නැති,ජලය නැති,ගෑස් නැති මේ සියල්ල අතර දුර්භාග්‍යසම්පන්න ඉරණමක් මේ ආණ්ඩුව රටට ඉතිරිකොට තිබේ.

◾අසීමිත ලෙස උද්ධමනය ඉහළ ගිය,දරාගත නොහැකි තරම් ජීවන වියදමෙන් පීඩා විදින තුන්වේල වෙනුවට එක්වේලක් හෝ කන්නට බැරිතරමට දුක් විදින රටක් වර්තමාන ආණ්ඩුව ඉතිරිකොට තිබේ.

◾අධ්‍යාපනය කඩා වැටුනු,දරු පරම්පරාවේ අනාගතය අඳුරු කළ,තරුණ පරම්පරාවේ සිහින සියල්ල සුනුවිසුනු කළ,විරැකියාව පීඩනය සහ අසහනය රජයන සමාජයක් වර්තමාන ආණ්ඩුව විසින් ඉතිරි කොට තිබේ.

◾ජාතික ආරක්ෂාව පිළිබඳව පුරසාරම් දොඩමින් බලය ලබාගත් ආණ්ඩුව,සෞඛ්‍යාරක්ෂිතව ගෑස් සිලින්ඩරයක් වත් ජනතාවට ලබාදීමට නොහැකි තැනට රට පත් කොට ඇති අතර මේ ආණ්ඩුව විසින් රටේ ජන ජීවිත තුට්ටුවකට දමා ඇති තරම එයින්ම වටහා ගත හැකිය.

◾ගනු ලැබූ අන්තනෝමතික තීන්දු හේතුකොටගෙන මේ රටේ සමස්ත කෘෂිකර්මාන්තය බරපතල අගාධයකට තල්ලු වී ඇති අතර හිතාමතාම ආණ්ඩුව සාගතයට අත වනා තිබේ.

◾සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාගේ සිට දැවැන්ත ව්‍යසායකයා සහ ව්‍යාපාරිකයා දක්වාම අඳුරු අනාගතයක පෙර නිමිති දකිමින් සිටින අතර ඒවාට විසඳුම් දෙන්නට ආණ්ඩුවට කිසිදු උවමනාවක් ඇත්තේ නැත.

◾සියලු රාජ්‍ය සේවකයින් ද,පෞද්ගලික අංශයේ සේවකයින් ද , දෛනික කුලී කම්කරුවන් ද ඇතුළු සමස්ත ජන පරපුර අන්ත අසරණ අඩියකට ඇද දැමූ අභාග්‍යසම්පන්න යුගයක් වර්තමාන ආණ්ඩුව විසින් රටට ඉතිරි කොට තිබේ.

◾මේ වන විටත් රට පුරා පෝලිම් යුගයක් නිර්මාණය වී ඇති අතර එනෙක් පසින් කොරෝනා මරණ දාහතරදහසද ඉක්මවා යන තැනක තැනට රට පත් කොට තිබේ. අප මුල සිටම කරන ලද සියලු අනතුරු හැඟවීම් මායිම් නොකළ ආණ්ඩුව ඒ නිසාම අනතුර රට තුළට ගෙන්වාගෙන ඇත.

◾රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන ආණ්ඩුව සිය ගජ මිතුරන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නොවළහා පෙනී සිටින අතර සුළුතර කල්ලියක උවමනාව වෙනුවෙන් මුළු රටේම අනාගතය බිල්ලට දීමට කටයුතු කොට ඇත.

◾රට වටේම මුහුද ආක්‍රමණය කොට විදේශීය බලවත් රටවල් විසින් මේ රට කෙළිබිමක් බවට පත්කරන තුරු ඇස් කන් පියාගෙන සිටින ආණ්ඩුවක් බවට වර්තමාන ආණ්ඩුව පත්ව ඇති අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා රටට සිදු වූ හානියේ වන්දිය ලබා ගැනීමටවත් ආණ්ඩුවට ශක්තියක් නැත.

◾රටේ සමස්ත පරිසර පද්ධතියත්,ජාතික සම්පත් සියල්ලත් හිතමිතුරන්ගේ උවමනාවන් වෙනුවෙන් වනසා දැමීමට අවශ්‍ය කරන සියලු පහසුකම් ආණ්ඩුව විසින් සපයා ඇති අතර මේ රට කාන්තාර බිමක් බවට පත් කිරීමේ සියලු පිඹුරුපත් ආණ්ඩුව විසින් සකසා අවසන් කොට තිබේ.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් බොහෝ රටවල් සිය ජනතාව උදෙසා කෙටිකාලීන,මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙලවල් ආරම්භකොට ඇති අතර ඒ් කිසිවක් පිළිබඳව මෙරට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැත. ඒ් වෙනුවට ආණ්ඩුව එදිනෙදා යම් යම් මාතෘකා ඉස්මතු කරමින් ‘එදාවේල’ වැඩපිළිවෙලක් පමණක් ක්‍රියාත්මක කරමින් සිටී.ඒවා අද සිය ගජ මිතුරන් පෝෂණය කරන්නට සකස් කල වැඩසටහන් පමණක් බව ද විපක්ෂනායකවරයා නිකුත් කල නිවේදනයේ සඳහන් කර ඇත.

සිය බලව්‍යාපෘතිය උදෙසා උත්තරීතර පාර්ලිමේන්තුව පවා ප්‍රචණ්ඩත්වයේ තෝතැන්නක් බවට පත්කරගනිමින් ආණ්ඩුව විසින් පෙන්නුම් කරන ෆැසිස්ට්වාදී පැවැත්ම පිළිකුල් සහගත බවත් මෙතරම් විනාශයක් රටේ සිදුවෙමින් තිබෙන අතර තවදුරටත් වර්තමාන ආණ්ඩුව කෙරෙහි අංශු මාත්‍රයක විශ්වාසයක් තබන්නට රටේ ජනතාව සූදානම් නැති බවත් එබැවින් ආණ්ඩුව නොවලහා කළ යුත්තේ මේ අර්බුදකාරී සමයේ මේ රට ගොඩනැගීමේ කිසිදු හැකියාවක් හෝ සමත්කමක් නැති බව අවංකව පිළිගෙන, මේ රට ගොඩනැගීමට හැකි කණ්ඩායමකට ආණ්ඩුව භාරදී ඉවත්ව යාම බව විපක්ෂනායකවරයා වැඩිදුරටත් සිය නිවේදනයේ සදහන් කර තිබේ.

 

Post Views: 6
Previous Post

ඝාතනයට ලක් වු ප්‍රියන්තගේ මරණය ගැන පාකිස්ථාන රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කරනවා -ජනපති

Next Post

එක් රටක අහිතකර දේ අවසානයේ මුළු ලෝකයටම බලපෑමක් ඇති වුනා – ජනපති

editor

editor

Next Post

එක් රටක අහිතකර දේ අවසානයේ මුළු ලෝකයටම බලපෑමක් ඇති වුනා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

16 June 2025
බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025

Recent News

කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික පුද්ගලයන් 02කුට හානි

16 June 2025
බොර තෙල් මිල ඉහළ යයි

බොර තෙල් මිල ඉහළ යයි

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved