• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුසියාවට ගිය අපේ සෙබළුන් ගෙන්වන්න රජය කිසිදු උත්සහායක් ගන්නේ නෑ – හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග

7 June 2024
in දේශීය, පුවත්
විදේශ රටකදී හම්බ කල මුදල් මෙරටට තැන්පත් කිරීම අනාරක්ෂිතයි – උදයංග වීරතුංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රුසියාවට මෙරටින් ගිය සෙබළුන් ගෙන්වීමට රජය කිසිදු උත්සහායක් නොගන්නා බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ඒ මහතා අප වෙත පවසා සිටියේ මේ වන විට විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් රුසියාවට මේ වන විට තානාපතිවරයෙක් පත් කර ඇති නමුත් එම තානාපතිවරයා මෙරට විදේශ සේවයෙන් විශ්‍රාම ගනු ලැබු පුද්ගලයෙකු බවයි. එමෙන්ම ඔහු මුස්ලිම් ජාතිකයෙක් වන පි.එම්. අම්සා නැමැත්තෙක් වන අතර රුසියානු භාෂාව පවා නොදත් අයෙකි. උදයංග වීරතුංග මහතා කියා සිටියේ අම්සා නැමැති පුද්ගලයා මෙරට රුසියානු තානාපතිවරයෙකු ලෙස පත් කර යැවීම මෙරටට සිදු කරන බරපතල අසාධාරණයක් බවයි.

පි.එම්. අම්සා නැමැත්තා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ලගම හිතවතෙකු වන අතර ඔහුට මීට පෙර විදේශ රටවල තානාපති සේවයේ යෙදුණු අයෙකු වේ. ඔහු මේ වන විට විදේශ අමාත්‍යංශයේ යටතේ විශ්‍රාම ලැබු අයෙකු වන අතර අලි සබ්‍රි විසින් ඔහුව යලි කොන්ත්‍රාත් පදනම මත වසර දෙකක කාලයක් සඳහා යළි සේවයට බඳවා ගෙන වහාම සෞදී ආරාබි තානාපතිවරයා ලෙස පත් කිරීමක් සිදු කර අතර එම ධුර කාලය අවසන් වීමට පෙර රුසියානු වැඩබලන තානාපතිවරයා වශයෙන් රුසියාවට යැවීමට ගුප්ත සිදුවීමක් බව වීරතුංග මහතා අනාවරණ කලේය.

ඒ අනුව අම්සාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ වීමක් සිදු වන අතර ඔහුට තානාපතිවරයෙකු වශයෙන් වැඩ කිරීමට ද බලය හිමිවනු ඇත. මෙය මෙරට විදේශ සේවාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මෙන්ම එය සාදාචාර්යාත්මක වශයෙන් යම් අවතක්සේරුවක් පෙන්නුම් කරන දෙයක් බව උදයංග වීරතුංග මහතා අනාවරණ කලේය. මෙය දේශපාලන පත්වීමක් බවත් රුසියාවේ සිර වී සිටින මෙරට හමුදා නිලධාරින් ගෙන්වා ගැනීම සඳහා කිසිදු ලිපියක් නොලියු විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් මෙම විශ්‍රාම ගොස් යලි සේවයේ පිහිටුවා සිටින පි.එම්. අම්සා වෙනුවෙන් රුසියාවට ලිපියක් යවමින් දන්වා ඇත්තේ ඔහුව ඉහලින්ම පිලිගන්නා ලෙසයි. මේ තුලින් පිළිඹිඹු වන්නේම අලි සබ්‍රි අමාත්‍යවරයා තමන්ගේ හිතවතුන්ට දක්වන විශේෂත්වය මෙරටින් ගොස් අසරණව සිටින ශ්‍රී ලංකීකයින්ට නොදක්වන බව වීරතුංග මහතා කියා සිටියේය.

කෙසේ නමුත් මේ වන විට රුසියාවේ සිර වී සිටින මෙරට හමුදා සෙබලන් බේරා ගැනීමට පවා මෙතෙක් කිසිදු එරට බලයලත් නිලධාරියෙකුට ලිපියක් හෝ යැවීමට කටයුතු නොකිරීම විදේශ අමාත්‍ය අලි සබ්‍රි මෙන්ම මේ වන විට තානාපති ලෙස පත්ව ඇති පි.ඒ. අම්සා පවා කටයුතු කිරීම මෙම ප්‍රශ්ණ තවදුරටත් වර්ධනය වනු ඇති බව වීරතුංග මහතා අවධාරණය කලේය. මේ වන විට ප්‍රශ්ණ ගතව ඇති රුසියාවේ සිරව සිටින මෙරට හමුදා ප්‍රශ්ණ වෙනුවෙන් තානාපතිවරයාගේ වගකීම මේ වන විට දැඩි ලෙස පැහැර හැර ඇති බව දැනගන්නට ඇති බව හෙතෙම කියා සිටියේය.

මේ වන විට මෙරට විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු රුසියාවේ මේ ප්‍රශ්ණ ගැන සොයා බැලීමට ගොස් ඇති නමුත් ඔවුන්ට තුවාල ලබා රෝහල් ගතව සිටින හමුදා නිලදාරින් පවා මුණ ගැසීමට අවස්ථාවක් ලබා නොදීම ඉතා කනගාටුදායක තත්ත්වයකි. කෙසේ වෙතත් මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පවා තුවාල ලැබු හමුදා නිලදාරින්ව ගෙන්වා ගැනිමට කටයුතු නොකිරීම බරපතල තත්ත්වයක් බව ඔහු කියා සිටියේය.

උදයංග වීරතුංග මහතා කියා සිටින්නේම විදේශ අමාත්‍යංශයේ රුසියානු භාෂාව දන්නා සේවයේ නියුතු අරුණි රණරාජා මහත්මිය සහ සමන්ත පතිරණ මහතා නම් ජ්‍යෙෂ්ඨ තානාපතිවරුන් සිටියදී කිසිදු දෙයක් නොදන්නා මුස්ලිම් ජාතිකයෙකු රුසියාවට යෑවීම තුලින්ම ගම්‍ය වන්නේ මේ ප්‍රශ්ණය තවදුරටත් වර්ධනය කර ගැනීම මිස විසදා ගැනීමක් නොවනු ඇති බවයි.තව ද පි.එම් අම්සා නැමැත්තා 2016 වසර සිට 2019 වසර දක්වා යුක්රේනයේ තානාපතිවරයා වශයෙන් සේවය කිරීමම රුසියාවට ඔහු සම්බන්ධයෙන් විශ්වාසනීය ප්‍රශ්ණයක් මතුව ඇති බව උදයංග වීරතුංග මහතා වැඩිදුරටත් අප වෙත පවසා සිටියේය.

Post Views: 25,506
Previous Post

අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීමට “Starlink”ආයතනයට අනුමැතිය – රාජ්‍ය අමාත්‍ය කනක

Next Post

වී වගාවේ පැරෂුට් තැටි සහනාධාරය සඳහා මුදල රුපියල් මිලියන 320ක් වෙන් කෙරේ – ඇමැති අමරවීර

editor ttvnews

editor ttvnews

Next Post
පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා – ඇමැති මහින්ද

වී වගාවේ පැරෂුට් තැටි සහනාධාරය සඳහා මුදල රුපියල් මිලියන 320ක් වෙන් කෙරේ - ඇමැති අමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved