• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

ඝාතනයට ලක් වු ප්‍රියන්ත කුමාරගේ දරුවන් දෙදෙනාගේ සහ පවුලේ අනාගතය සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය

6 December 2021
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේදී ඝාතනයට ලක් වු ප්‍රියන්ත කුමාර මැතිතුමාගේ දරුවන් දෙදෙනාගේ අනාගතය සම්බන්ධයෙන් ගතයුතු සියලුම පියවර පිළිබඳව ශ්‍රි ලංකා රජය නිරන්තරයෙන් පකිස්තාන රජය සමඟ සම්බන්ධවෙලා ඒ අවශ්‍ය වැඩකටයුතු අඛණ්ඩව කරගෙන යන බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එහිදි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා අදහස් දක්වමින්,“ශ්‍රි ලංකා රජය වෙනුවෙන් අපේ හෘදයාංග ශෝකය ප්‍රකාශ කරනවා ප්‍රියන්ත කුමාර මැතිතුමාගේ පවුලේ සියලුම සාමාජිකයින් හට. මේක අතිශයින් ම්ලේච්ඡ ඝාතනයක්. පහුගිය දවස තුළ පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා හා පකිස්තානයේ විදේශ අමාත්‍ය කෙරේශී මැතිතුමා මේ සම්බන්ධයෙන් අපිට කතා කළා. අගමැතිතුමා හා විදේශ ඇමතිතුමා දෙදෙනාම කිව්වේ මේක සම්පූර්ණයෙන්ම පකිස්තානයම ඉතාමත් පිළිකුල් සහගතව හෙළා දකින සිද්ධියක් කියලා. ප්‍රියන්ත කුමාර මැතිතුමා අවුරුදු 11 ක් ම පකිස්තානයේ වැඩ කළා. මේ සම්පූර්ණ කාලය තුළ කිසිම ප්‍රශ්නයක්, පැමිණිල්ලක් එතුමාට විරුද්ධව තිබුණේ නෑ. එතුමා යම්කිසි ආගමකට නිග්‍රහ කළා කියලා අපහස කළා කියන එක සම්පූර්ණ අසත්‍යයක්. ඒකට කිසිම සාක්ෂියක් තිබුණේ නෑ. පකිස්තාන රජයේ ස්ථාවරය තමයි මනුෂ්‍ය සන්හතියටම නිග්‍රාහයක් කියලා. ඒ සමඟම පකිස්තානයේ අගමැතිතුමා ප්‍රකාශ කළා මේකට සම්බන්ධ සියලුම දෙනාටම විරුද්ධව උපරිම මට්ටමෙන් අපරාධ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. දැනටම 120 ක් සිර භාරයට අරගෙක තිබෙනවා. පැය කිහිපයක් ඇතුළත ඒ ක්‍රියාමාර්ග ඉතාමත් දැඩි ලෙස දියත් කිරීමට පකිස්තාන රජය වෙහෙසුනා. මේ 120 අතුරෙන් අගමැතිතුමා කිව්වා මේකට ප්‍රධාන වශයෙන් 13 ක් සිටිනවා. ඒ අයට නීතියෙන් දෙන්න පුළුවන් බරපතලම දඩුවම කිසිම පැකිලිමකින් තොරව ලබාදෙන බවට සහතිකයක් පකිස්තානයේ අගමැතිතුමා හා විදේශ අමාත්‍යතුමා ශ්‍රි ලංකා ජනාධිපතිවරයාට හා මට දුරකථන ඇමතුම් හරහා ලබා දුන්නා. මේ ප්‍රියන්ත කුමාර මැතිතුමාගේ දරුවන් දෙදෙනාගේ අනාගතය සම්බන්ධයෙන් ගතයුතු සියලුම පියවර පිළිබඳව ශ්‍රි ලංකා රජය නිරන්තරයෙන් පකිස්තාන රජය සමඟ සම්බන්ධවෙලා ඒ අවශ්‍ය වැඩකටයුතු අඛණ්ඩව කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම මේක අදහා ගන්න බැරි සිද්ධියක්.
පහුගිය දවස් දෙක තුළ එක්සත් අරාබි අමිරාටයේ අගනුවර වන අබුඩාබි නගරයේ පැවැත්වුණා ඉන්දියානු සාගර පස්වන සම්මේලනය. එයට අපේ රටෙන් සහභාගි වුණා අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා විදේශ අමාත්‍යතුමා ලෙස මමත් ඒ සම්මේලනය ඇමතුවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ආරාධනාවක් ලැබිලා තිබුණා. අතිගරු ජනාධිපතිතුමා හා මම අපේ ප්‍රධාන තේමාව කරගත්තේ කොවිඩ් 19 පාලනය කිරීම සඳහා ශ්‍රි ලංකාව ගත් විධිමත් ක්‍රමානූකූල ක්‍රියාමාර්ගයි. මුළු ලෝකයම අද පිළිගන්නවා කෝවිඩ් 19 පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ඉතාමත් ඉහළ තැනක සිටිනවා කියලා. මෙයින් අපේ රටට ලොකු ගෞරවයක් ලැබුණා. ඒ වගේම එක්සත් අරාබි අමිරාටයේ වැඩකරන ශ්‍රි ලාංකිකයන් 3න් ලක්ෂයක් සිටින අතර ඒ අපේ ශ්‍රමිකයන්ට ඒ රටේ රැකිරක්ෂා අවස්ථා සපයා දෙන්න කියලා ඉල්ලා සිටියා. ” යනුවෙන් මෙහිදි සඳහන් කළේය.

Post Views: 10
Previous Post

INSEE සිමෙන්ති සමාගම මෙරට සිමෙන්ති හිඟය විසඳීම සඳහා දිවයින පුරා සිය සැපයුම් දාමයන් ශක්තිමත් කරයි

Next Post

උළු,ගඩොල් ඇතුළු මැටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සැපිරීම අපේ අරමුණයි – ඇමැති විමල්

editor

editor

Next Post

උළු,ගඩොල් ඇතුළු මැටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සැපිරීම අපේ අරමුණයි - ඇමැති විමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

3 February 2026
ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

3 February 2026
මහව ප්‍රාදේශීය සභා සභාපතිට පහර දුන් සැකකරු අත්අඩංගුවට

මහව ප්‍රාදේශීය සභා සභාපතිට පහර දුන් සැකකරු අත්අඩංගුවට

3 February 2026
ඌව වෙල්ලස්ස සරසවි ඇදුරන් 17ක් බැඳුම්කර කඩ කරයි: රුපියල් කෝටි 12ක මුදලක් රජයට අහිමි වෙයි

ඌව වෙල්ලස්ස සරසවි ඇදුරන් 17ක් බැඳුම්කර කඩ කරයි: රුපියල් කෝටි 12ක මුදලක් රජයට අහිමි වෙයි

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

3 February 2026
ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved