• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැතිවරණ කොමිසමේ සභාපති ඉවත් කරන්න ආණ්ඩුවේ සූදානමක් – මන්‍ත්‍රී ඩලස්

30 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මැතිතුමා ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ” නිදහස ජනතාව” සභාව සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකට අද(30) පෙරවරුවේ එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා ” පලාත් පාලන මැතිවරණ ක්‍රියාන්විතය නිල වශයෙන් සැප්තැම්බර් විසි වෙනිදා ආරම්භ වුණා .එතෙක් නිහඬව හිටපු රාජ්‍ය නායකයා .ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා.හිටි ගමන් නින්දෙන් ඇහැරිලා වගේ ප්‍රකාශයක් කළා. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න .මැතිවරණ ක්‍රමය නොයෙක් අඩුපාඩු තියෙනවා, අට දහ වැඩි 4000 ට අඩු කරන්න ඕනෑ ….
ඒ වගේ සාධනීය ලක්ෂණ තියෙනවා ඒවා නරක දේවල් නෙවෙයි . නමුත් නිල වශයෙන් මැතිවණ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ වුනායින් පස්සේ කරන්න හදන්නේ කුමක්ද?
ජනාධිපතිවරයා ගේ ප්‍රකාශයෙන් ඉවර වුණේ නෑ දැන් ආණ්ඩුව කතානායකතුමාට දැනුම් දීලා තියෙනවා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරුණු පහළොවක් යටතේ වහාම සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන්න කියලා . මොකක්ද මේ තේරීම් කාරක සභාව 2008 ඉඳල මේ වෙනකොට මේ කරුණ වෙනුවෙන්ම තේරීම්කාරක සභා දෙකක් පත් කරලා තියෙනවා, ඒ දෙකේම සභාපති ධූරය දැරුවේ පොඩි දරුවෙක් නෙමෙයි වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන මැතිතුමා .හොඳ නිර්දේශ රාශියක් තියෙනවා එවායින් ලබාදීලා. එම තේරීම් කාරක සභාවල හිටපු සියලු නියෝජිතයන් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් එකගතාවය පල කරලා තියෙනවා .ඉහත තේරීම් කාරක සභා දෙකෙහිම නිර්දේශ සභාවට ඉදිරිපත් කරල තියෙන වෙලාවක ,දැන් ඇයි මේ නැවත තේරීම් කාරක සභාවක් පත් කරලා තියෙන්නේ .ගමේ කියමනක් තියෙනවා “ගොනා හැරෙනකොට දන්නවාමොන පොල්පැලේ ද කන්නේකියලා”… මේ ගැන තේරුමක් අපිට තියෙනවා . එනිසා රටට පැහැදිලියි මේ මොකක්ද කරන්න හදන්නෙ කියලා .දැන් මේ කරන්න හදන්නේ කුමන හෝ තාක්ෂණික හේතුවක් දාලා මේ මැතිවරණය කල් දාන එක . 2017 කල් දාපු පළාත් සභාව තාම නෑ .මේ වගේම තාක්ෂණ හේතු දාලා පළාත්සභා කල් දැම්මා .ජනමතයට මුහුණ නොදී පැනලා යන්නයි මේ ආණ්ඩුව හදන්නේ .විසි එක් වැනි සංශෝධනය සම්මත වුණායින් පස්සෙ තවත් හේතුවක් තියෙනවා ආණ්ඩුවට. මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මැතිතුමා කිව්වා මේ වෙලාවේ මැතිවරණ කල් දාන්න කවුරුහරි උත්සාහ කරනවා නම් මම උසාවි යන්න සූදානම් කියලා.දැන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉවත් කරගන්න එකත් ආණ්ඩුවට තියෙන එක බලාපොරොත්තුවක් ඒකට ඉහතින් සදහන් කරපු තාක්ෂණික හේතුවක් නිර්මාණය වෙලා තියනවා 21 හරහා, මේ දෙක එක විට කරන්න ආන්ඩුව හදන්නේ මම මේ රටට අනතුරු අඟවනවා . මැතිවරණ කල් දැම්මොත් උසාවි යනවා කියපු නිමල් පුංචිහේවා මැතිතුමා ඉවත් කරගන්න එකත් ආණ්ඩුවේ එක උවමනාවක් . ගිය සතියේ මාධ්‍ය වාර්තා කළා ,ඉරානය පුරවැසියෙක් පිළිබඳව ඔහුගේ නම අමෝව් හාජි අවුරුදු 94ක් වයසේ පුද්ගලයෙක් මාධ්‍ය වාර්තාකරණය අනුව අවුරුදු 54 කින් හාජී නාලා නැහැ , ඔහු නො නාන පුද්ගලයෙක් විදියට තමයි හාජි ඉරානයේ ජීවත් වුණේ. අවුරුදු පනස් හතරක් ඔහු නාන්න නැතුව ඉන්න හේතුව තමයි හාජි ගේ විශ්වාසය තමයි ඔළුවට වතුර වැටුනොත් තමා මැරෙයි කියලා හිතපු එක .ඒ නිසා අවුරුදු 54 ක් වතුර පොදක් ඇඟට දාන්නේ නැතුව හිටියා ඔහු හැඳිවූයේ ලෝකෙ අපිරිසිදුම පුද්ගලයා විදියට .ගමේ මිනිස්සු මේක ඉවසන්නම බැරුව බලහත්කාරයෙන් හාජි අරන් ගිහිල්ලා නැව්වා. නෑවා විතරයි මේ පුද්ගලයා මියගියා . මේ ආණ්ඩුවත් හරියට හාජි වගෙයි හාජි නාන්ඩ බයයි ආණ්ඩුව මැතිවරණයට බයයි .අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා .ගිය සතියේ අපි පාර්ලිමේන්තුවේ පක්ෂ විසිතුනක් මැතිවරණ සිතියම හැකිලීමට විරුද්ධව එක මතයකට ආවා. ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සහ මහජන එක්සත් පෙරමුණ හැරෙන්ඩ , සියලුම දේශපාලන පක්ෂ විසිතුනක් අපි ද ඇතුළත්ව එක මතයකට ආවා. එක ලේඛනයකට තමන්ගේ අත්සන යෙදුවා මැතිවරණය කල් දාන වට එරෙහිව . පාර්ලිමේන්තු ඉතිහාසයේ පළල්ම දේශපාලන එකගතාවය එයින් ගොඩ නැගුණා .අපි ආණ්ඩුවට කාරුණිකව කියනවා මැතිවරණ කල් දැම්මොත් එහෙම අර හාජිට කරා වගේ පක්ෂ ඔක්කොම එකතුවෙලා ආණ්ඩුව නාවන්න අපි සූදානම් කියලා . එනිසා ආණ්ඩුවට තියෙන්නේ පණ රැකගන්නට මේක කල් දාන්න උප්පරවැට්ටියක් දාන එක .ජනතාවට අපි කියන්නේ මැතිවරණය මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය නොවන බව අපි දන්නවා මැතිවරණයට වඩා බරපතළ ප්‍රශ්න තියෙන රටක් මේක .පාසල් දරුවෝ ලක්ෂ 12ක් නිරාහාරව නිදාගන්න රටක් මේක හාමත දූපතක් මේක. මිනිස්සු ලොකු ආර්ථික පීඩාවට ගිලිලා ඉන්න රටක් මේක . ඒ ගිලිණු මිනිස්සුන්ට මැතිවරණය තීරණාත්මක කාරණාවක් නොවන බව අපි ඔක්කොම දන්නවා .2019 නොවැම්බර් ඉඳලා ගත වෙච්චි මාසේ 30 ඇතුළේ මෙරට ජනාධිපති වරු දෙන්නෙක් ,අගමැතිවරු තුන් දෙනෙක් ආවා ,කැබිනට් මණ්ඩල පහක් මාස තිහකට පත්වුණා .ජනමතයට මුහුණ දෙන්න බැරිව කරන වෙනස්කම් ඒ අනුව පේනවා . ආණ්ඩුව ජනතා මතයට සංවේදී නැත්තම් ඒ සංවේදී බවට ආණ්ඩුව තල්ලු කළ යුතුයි .අශිෂ්ට විදිහට පලායන්න ආණ්ඩුවට අපි ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් ඩලස් අලහප්පේරුම මහතා සදහන් කලේය.

Post Views: 7
Previous Post

අසීරු සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය දුන්නා – ජනපති

Next Post

රිවස්ටන් මාර්ගය අබලන් තත්වය නිසා සංචාරකයින් අපහසුවට

editor

editor

Next Post

රිවස්ටන් මාර්ගය අබලන් තත්වය නිසා සංචාරකයින් අපහසුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද වහින්නේ කොහොමද ?

අද වහින්නේ කොහොමද ?

9 July 2025
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved