• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජය රටින් හාල් ගෙන්නේ මහමැතිවරණය ඉලක්ක කරගෙන- ආචාර්ය හර්ෂ

20 December 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයන කර පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබාදීමට රජය උත්සාහ කරන්නේ මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (20) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙවර මහ කන්නයෙන් සහල් මෙට්ට්‍රික්ටොන් මිලියන දෙකක් ලැබීමට නියමිත බවත් රටේ සහල් අවශ්‍යතාවයෙන් සියයට 80 ක් මෙවර මහ කන්නයෙන් ලැබීමට නියමිත බවත් මෙවැනි තත්ත්වයක සහල් ආනයනය කළහොත් සහල් කිලෝවක මිල රුපියල් 100 ක් දක්වා පහළ බහින බවත් එවිට දේශිය ගොවියා අන්න අසරණ තත්ත්වයකට පත්වන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.

එමෙන්ම ආනයනය කරන සහල් වරායට පැමිණි පසු සයිලෝ තිබෙන සහල් ව්‍යාපාරිකයන් අඩු මිලට සහල් තොග මිලදීගෙන හැකි තරම් ගබඩා කර ගන්නා බවත් ඉන්පසු ඔවුන්ට අවශ්‍ය පරිදි මෙම සහල් වෙලඳ පොලට නිකුත් කරන බවත් ඒ හරහා සහල් ව්‍යාපාරිකයන් අති විශාල ලාභයක් උපයා ගන්නා බවත් මේ කටයුත්තෙන් සාමාන්‍ය ගොවියා දැඩි අසාධාරණයක් සිදුවන බව හෙතෙම අනාවරණ කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ‘‘කීරි සම්බා මෙට්ට්‍රික්ටොන් 50,000 ක් රටින් ගේන්න කැබිනට් මණ්ඩල අනුමැතිය හමුවෙලා කියලා ආරංචි වෙනවා. සහල් ගේන්න අනුමැතිය ගත්ත පමණින් සහල් ගේන්න බෑ. සහල් ගේන්න දවස් 15 ක් 20 ක් යනවා. වරායේ සහල් නැවක් නැංගුරම්ලා තිබුණොත් උත්සව සමයේ සහල් ලබාදෙන්න පුලුවන්. වරායේ සහල් නැවක් නැංගුරම්ලා තිබෙනවාදැයි සැකයකුත් අපිට තිබෙනවා. උතුරේ සහ නැගෙනහිර මහ කන්නයේ ගොයම් ටික ජනවාරි 15 විතර වනවිට කැපෙන්න පටන් ගන්නවා. උතුරේ සහ නැගෙනහිර ගොවියෝ වී අස්වැන්න ගන්න විට රජය පිටරටින් ආනයනය කළ සහල් වරායට ගොඩබානවා. මෙවර මහ කන්නයෙන් සහල් මෙට්ට්‍රික්ටොන් මිලියන දෙකක් ලැබීමට නියමිතයි. රටේ සහල් අවශ්‍යතාවයෙන් සියයට 80 ක් මෙවර මහ කන්නයෙන් ලැබෙනවා. මෙවැනි තත්ත්වයක රටින් සහල් ආනයනය කළොත් සහල් කිලෝවක මිල රුපියල් 100 ට බහිනවා. එහෙම වුනොත් ගොවියන්ට මොකක්ද සිද්ධ වෙන්නේ. ගොවියාට හෙන ගැහුවත් කමක් නැ කියලා පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබාදීමට රජය ගන්නා උත්සාහයෙන් පෙනෙන්නේ මහ මැතිවරණයක් ලඟම එනවා කියන පණිවිඩයයි.

කීරි සම්බා කිලෝවක් රුපියල් 320 යි 340 යි. මේ සම්බන්ධයෙන් වැටලීම් කරනවද? වැටලීම් කරන්නේ නෑ. වෙළදුන්ට අවශ්‍ය මිලට සහල් අලෙවි කරන්න ඉඩ ලබා දෙනවා. රතු කැකුලු කිලෝවක් රුපියල් 180 ට ගන්න ජනතාව දගලනවා. මොන හේතුවකටද කීරි සම්බා 320 ට 340 ට විකුණන්නේ. ගොවියාව නැති කරලා ජනතාවට කීරි සම්බා කවන්නද මේ රජය උත්සහ කරන්නේ. යහපාලන ආණ්ඩුවෙන් දිස්ත්‍රික්ක 8 ක කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් 300 ක් සහ ගොවියන් 10,000 එකතු කරලා සහල් සමුපාකාරයක් හැදුවා. ඒ හරහා ලබාගත් සහල් ශක්ති කියන වෙළඳ නාමය යටතේ සුපිරි වෙළඳසැල්වල පවා අලෙවි කළා. ඒ වැඩපිළිවෙල ගෝඨාභය සතියෙන් නැවැත්තුවා. වර්තමාන ආණ්ඩුව ජනවාරි පළමු වැනිදා සිට ගොවි මහත්තයාගේ උදැල්ලට , ට්‍රැක්ටරයට , පොහොරවලට වැට් බද්ද අය කරනවා. මේ තත්ත්වය තුළ සාමාන්‍ය ගොවියෙකුට ජිවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. සහල් වරායට ගොඩබාපු ගමන් සයිලෝ තිබෙන සහල් ව්‍යාපාරිකයන් අඩු මිලට සහල් තොග මිලදීගෙන හැකි තරම් ගබඩා කර ගන්නවා. ඉන්පසු ඔවුන්ට අවශ්‍ය පරිදි මෙම සහල් වෙලඳ පොලට නිකුත් කරනවා. එහෙම කරලා ඒ සහල් ව්‍යාපාරිකයන් කෝටි ගණන් ලාභ උපයා ගන්නවා. මේ කටයුත්තෙන් සාමාන්‍ය ගොවියා දැඩි අසාධාරණයක් සිදුවෙනවා. කුඩා හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් ශක්තිමත් කරලා ඒ හරහා ගොවියන්ට සාධාරණ මිලක් ලබාදෙන්න පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට සහල් ලබාදෙන්න තිරසර විසදුමක් අවශ්‍ය වෙනවා. යහපාලන රජය සමයේ ඇතිකළ ශක්ති සහල් සමුපාකරය තමයි කුඩා සහ මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන්ට , ගොවියන්ට , පාරිභෝගිකයන්ට සාධරණක් ඉටු කළ පළමු වැඩපිළිවෙල. උෂ්ණත්වයයි , තෙතමනයයි පාලනය කරපු ගොවියන්ගේ අවශ්‍යතාවයට හදපු ප්‍රථම මෙට්ට්‍රික් ටොන් 5000 ක ගබඩාව හදන කටයුත්ත ගෝඨාභය නැවැත්තුවා. පකිස්ථානයෙන් ගේන ලුණු ශිතකරණ දාලා පාරිභෝගිකයින්ට ලබාදෙනවා. ඒ හරහා දේශීය ලුණු ගොවියා ඉවරෙටම ඉවරයි. සමගි ජනබලවේග ආණ්ඩුවක් පැමිණි විගස මෙට්ට්‍රික් ටොන් 5000 ක උෂ්ණත්වයයි , තෙතමනයයි පාලනය කරන ගබඩාව සති 4 කින් හදලා ඉවර කරනවා. සති 4 ක් ඇතුළත ශක්ති සමුපාකාරය ආරම්භ කරනවා. ශක්ති සමුපාකාරය ඇති කරලා සහල් මාෆියාව මඩින්න කුඩා සහල් මෝල් හිමියන්ට සහ ගොවියන්ට අවස්ථාව ලබාදෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

අද රට ඉතාම අවාසනාවන්ත තත්ත්වයක ඇති බව මහලේකම් සාගර කියයි

Next Post

අලි – මිනිස් ගැටුම් අවම කර ගැනීමට නවීන තාක්ෂණය යොදා ගන්නවා- ඇමැති පවිත්‍රා

editor

editor

Next Post

අලි - මිනිස් ගැටුම් අවම කර ගැනීමට නවීන තාක්ෂණය යොදා ගන්නවා- ඇමැති පවිත්‍රා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved