• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වර්තමානයට ගැළපෙන නව නීති හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරනවා – ඇමැති මනුෂ

26 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස (Systems Change) ඇති කිරීම සඳහා අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැළපෙන නව නීති හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ස්ථාවර ප්‍රතිපත්ති සෑම ක්ෂේත්‍රයක් තුළම සකස් කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවත් ඒ අනුව සකස් කෙරුණු පස් අවුරුදු විදේශ රැකියා ප්‍රතිපත්තිය අද ජනගත කෙරුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ” රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපි විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඉතිහාසයේ වැඩිම නීති සහ අනපනත් සම්මත වූ කාලය ලෙස මෙම කාල සීමාව හැඳින්විය හැකියි. රටට ක්‍රම වෙනසක් අවශ්‍යයි කියා (Systems Change) ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළා. එම වෙනස ඇති කිරීම වෙනුවෙන් අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැලපෙන නව නීති රෙගුලාසි ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු මේ වන විට සකස් කරමින් සිටිනවා. ඒ අනුව සකස් කෙරුණු පස් අවුරුදු විදේශ රැකියා ප්‍රතිපත්තිය අද ජනගත කෙරුණා. සෑම අංශයකටම එවැනි ප්‍රතිපත්ති සකස් කිරීම රජයේ වැඩපිළිවෙළ බව කිවයුතුයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් විදේශීය මූල්‍ය ආයතන සහ අනෙකුත් රටවල් අපේ රටේ ආර්ථිකය ගොඩනැගීමට ඉදිරිපත් වෙන්නේ රටේ මූල්‍ය විනයක් පැවතියහොත් පමණයි. ඒ නිසා රටේ මුල්‍ය විනය ඇති කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේ දී ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳ කමිටුව ඇතුළු විවිධ කමිටු පත්කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එංගලන්තයේ පාර්ලිමේන්තුවේ තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුවක් විසින් එය සකස් කර තිබෙනවා. ඒ වගේම වසර විස්සක් පුරා කතා කරමින් සිටි දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ලැබීම විශේෂ ජයග්‍රහණයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය මූදල් පරිපාලනය දූෂණයෙන් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් රාජ්‍ය පරිපාලනය විශ්ලේෂණය කරමින් වාර්තාවක් සකස් කර තිබෙනවා. එසේම දේශපාලන පක්ෂවල මුදල් භාවිතය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කිරීමට ද නියමිතයි. දේශපාලන පක්ෂ ක්‍රියා කළ යුතු ආකාරය එම කමිටුව විසින් විමර්ශනය කරනවා. ඉදිරියේදී එම කමිටුවට තම යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාව සැලසෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ අය-වැය කාර්යාලයක් පිහිටුවීමට ද කටයුතු කර තිබෙනවා. ආර්ථික ස්ථායිතාව පිළිබදව කාරක සභාවක් පත් කරනු ලැබුවා. එමෙන්ම ක්‍රම සහ විධි පිළිබඳව කාරක සභාවක් පත්කර තිබෙනවා. මානව සම්පත් කළමනාකරණය රටකට ඉතා වැදගත් වෙනවා. ඒ නිසා කම්කරු පනත සංශෝධනය කිරීමටත් අපි කටයුතු කරනවා. එමගින් දැවැන්ත වෙනස්කම් රැසක් සිදු වන බව අපගේ විශ්වාසයි. එමෙන්ම පසුගිය කාලයේ සිදු වූ ආර්ථික අර්බුද නිසා කඩා වැටුණු ව්‍යාපාර හඳුනාගෙන ඒවා නැවත නඟා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නවා. එපමණක් නොවෙයි, විදේශයන්හි සේවය කරන පුද්ගලයන් වෙනුවෙන් සහන සැලසීම සහ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා ” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණයක් පැවැත්විය යුතුයි – මන්ත්‍රී රෝහිත

Next Post

ගම්පහ මහනගර සභාවේ සියලුම අංශ සම්බන්ධයෙන් විගණනයක් කරන්න – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

ගම්පහ මහනගර සභාවේ සියලුම අංශ සම්බන්ධයෙන් විගණනයක් කරන්න - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved