• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතු කම්කරුවාව මෙවරත් රජය අතරමං කළා -මන්ත්‍රී සුජිත්

14 May 2024
in දේශීය, පුවත්
වතු කම්කරුවාව මෙවරත් රජය අතරමං කළා -මන්ත්‍රී සුජිත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපතිවරයා කම්කරු දිනය දා ප්‍රකාශ කළත් එය තවමත් ක්‍රියාත්මක වී නැති බවත් රජය මෙවරත් වතු කම්කරු ජනතාව රවටා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (14) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුජිත් සංජය පෙරේරා මහතා ‘‘මැයි පලමු වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩි කරනවා කියලා. නමුත් මේ වනවිට දවස් 14 ක් ගත වී ගොස් තිබියදීත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් පිළිබඳ ප්‍රශ්නය විසදන්න ආණ්ඩුව සමත් වෙලා නෑ. ඒ වගේම මීට පෙර ජනාධිපතිවරයා සහ කම්කරු ඇමැතිවරයා ප්‍රකාශ කළා වතු කම්කරු වැටුප් වැඩිකරනවා කියලා. ජනාධිපතිවරයා සිදුකළ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් වතු කම්කරුවන් විශාල බලපොරොත්තුවක් තබාගෙන සිටිනවා. වතු කම්කරු දෛනික වැටුප සම්බන්ධයෙන් කම්කරු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වතු සමාගම් සමඟ වතු වෘත්තිය සමිති සාකච්ඡාවක් පැවැත්වුවා. නමුත් වතු සමාගම් සමඟ සිදුකළ සාකච්ඡා වලදී කිසිදු එකඟතාවයකට එන්න බැරිවුණා. ඒ අවස්ථාවට කම්කරු ඇමැතිවරයාත් සහභාගි වුණා. එවැනි අවස්ථාවක තමයි කම්කරු ඇමැතිවරයා කියන්නේ වතු කම්කරු වැටුප් 1700 දක්වා වැඩි කරනවා කියලා. රජය සම්පුර්ණයෙන් වතු කම්කරුවන් රවටා තිබෙන තත්ත්වයක් තමයි පෙනෙන්න තිබෙන්නේ. වතු හාම්පුතුන්ගේ එකඟතාවයක් නැතිව වතු කම්කරු වැටුප වැඩි කරන්න විදිහක් නෑ. මීට වසර දෙකකට පෙර වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතු බවට ඉල්ලිම් කළා. එවක සිටි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. නමුත් ඒ අවස්ථාවෙත් වතු හාම්පුතුන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න කැමැති වුණේ නෑ. කම්කරු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිද්ධ වුණා මේ සම්බන්ධයෙ පඩි පාලක සභාවට දන්වලා ඒ හරහා ගැසට් නිවේදනයක් නිකුත් කරන්න. ඒ ආකාරයට තමයි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරගැනිමට හැකිවුණේ. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කළත් වැවිලි සමාගම් වතු කම්කරු ජනතාව සුරාගෙන කන්න කටයතු කළා. වතු සමාගම් වතු කම්කරුවන්ට ඉලක්ක ලබාදිලා තිබෙනවා. එක් අයෙක් කිලෝ 18 ක් දලු කැඩිය යුතු බවට වතු කම්කරුවන්ට වැවිලි සමාගම් ඉලක්කයක් ලබාදිලා තිබුණා. වතු කම්කරු වැටුප රුපියල් 1000 ක් ලෙස වැඩි කළාට වතු සමාගම්වලට පාඩුවක් සිදුවුණේ නෑ.

රබර් වතුවල වැඩ කරන පිරිසටත් මෙවැනි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. රබර් වතු කම්කරුවෙකුට දිනකට ගස් 275 ක් කපන්න තමයි තිබුණේ. නමුත් රුපියල් 1000 ක් ලෙස දෛනික වැටුප වැඩි කළ පසු රබර් වතු කම්කරුවන්ට ඉලක්කයක් දුන්නා ගස් 325 ක් කැපිය යුතුයි කියලා. මේ ආකාරයට තමයි වතු කම්කරුවන්ව වතු සමාගම් විසින් සූරාගෙන කෑවේ. ජනාධිපතිවරයා සහ කම්කරු ඇමැතිවරයා පවසනවා මේ වනවිට වතු සමාගම් සමඟ සාකච්ඡා පවත්වමින් යනවා කියලා. වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 ක් කරපු බව මැයි පළමුවැනිදා පැවසුවා. නමුත් දැන් ආණ්ඩුව කියනවා ඒ සම්බන්ධයෙන් තවම සාකච්ඡා කරනවා කියලා. මේ සාකච්ඡා කවදා අවසන් වෙයිද කියලා කියන්න බෑ. වතු කම්කරු දිනක වැටුප රුපියල් 1700 ක් කරන්නේ කවද්ද කියලා තවම නිශ්චිත දිනයක් ප්‍රකාශ කරන්න හැකියාවක් ලැබිලා නෑ. විශාල විදේශ විනිමයක් ලබාදෙන වතු කම්කරුවන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කිරිම ජනාධිපතිවරයාගේ සහ කම්කරු ඇමැතිවරයාගේ වගකීමක්. වකු කම්කරු ජනතාවට පොරොන්දු වුණ ආකාරයට රුපියල් 1700 ලබාදිමට රජය කටයුතු කළ යුතුයි. රජය ප්‍රකාශ කරනවා වතු කම්කරුවන්ට නිවාස ලබාදෙනවා කියලා. එක්ලක්ෂ පනස් දහසක් විතර වතු කම්කරුවන් ඉන්නවා. මේ පිරිසට නිවාස දෙනවා කියලා කිව්වට ඒ දේවල් කවදාවත් සිද්ධ වෙන්නේ නෑ. නිවාස 10,000 ක් ඉන්දියානු රජයෙන් ලබාදෙන බව රජය ප්‍රකාශ කළත් තවම එක නිවසක්වත් ලැබිලා නෑ. එක් නිවසකට වෙන් කිරිමට නියමිත මුදලින් කොමිස් මුදලක් ලබාගැනීමට ප්‍රාදේශීය දේශපලඥයින් කටයුතු කිරිම හේතුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය තාවකාලිකව නතර කර තිබෙන බව වාර්තා වෙනවා. ජනාධිපතිවරයාගේ උරුමය වැඩසටහන යටතේ ඉඩම් වල අයිතිය නැති පිරිසට ඉඩම් අයිතිය ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් වතු ක්ශ්‍රේත්‍රයේ නියැලි සිටින පිරිසට ඉඩමක අයිතියක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් උරුමය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙලා නෑ. වර්තමාන රජයෙන් හෝ වෘත්තිය සමිතිවලින් වතු කම්කරුවන්ට ඉඩමක් ලබාදීම කිසිදවසක සිදුවන්නේ නෑ. මේ සඳහා විසඳුමක් ලබාදිමට හැකි වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පමණයි. නිවාස ලබාදීම සම්බන්ධයෙන් , ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හොද අවබෝධයක් තිබෙනවා.‘‘ යැයි මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 22,011
Previous Post

නව සන්ධානයේ හම්බන්තොට රැස්වීම ජුනි පලමු සතියේදී .. ඒ ගැන මන්ත්‍රීවරුන් පිරිසක් අද සාකච්ඡාවක

Next Post

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි – ජනපති

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved