• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට රකින සිංදු කියාගෙන ආපු ආණ්ඩුව දැන් වැදගත් සම්පත් විකුණනවා – ජවිපෙ

2 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ ආණ්ඩුව ගෙනාවේ රට රකින්න කියා රට රකින විරුවා කියලා සිංදුත් කියාගෙන දැන් රටට ඉතාම වැදගත් සම්පත් කීපයක් විකුණන්න යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (02) පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී ටිල්වින් සිල්වා මහතා මෙසේ අදහස් පල කලේය ” නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව විශාල විරෝධයක් ආවා. ආණ්ඩුව ඒ වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දුන්නා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකත් ඉන්දියානු සමාගමකට දෙන්න හදනවා. විරෝධයන් මැද ප්‍රමාද වුනාට කයිවාරු ගහන පච කෙලින ඊනියා දේශප්‍රේමී ගම්මන්පිල මේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න හදනවා. ඉන්දියානු සමාගමට බදුදීලා තිබුණ තෙල් ටැංකි නැවත ලංකාවට ලබාගන්න පුළුවන්කම තිබියදී තවත් අවුරුදු 50කට ඉන්දියානු සමාගමට බදු දෙන්න යනවා. ඩොලර් ලබාගන්න පුළුවන් මාර්ග විකුණලා දානවා. අවුරුදු 05ට බලයට ඇවිත් රටේ සම්පත් අවුරුදු 50ට 60ට බදු දෙනවා. රනිල් මෛත්‍රී ආණ්ඩුවත් කළේත් එහෙමයි. ජනතාවට කොලේ වහලා සමාගමක් හදල තෙල් ටැංකි 61ක 49%ක අයිතිය ඉන්දියාවට දෙන්න යනවා. ණයට අරන් කාලා විනාශ කරලා දැන් ණයෙන් බේරෙන්න රට පාවාදෙමින් ඉන්නවා. ඉන්දියාව පාවිච්චි කරන තෙල් ටැංකිවලට අමතරව ඉතිරි තෙල් ටැංකි ටිකත් ඉන්දියාවටම දෙන්න ගහන ගේමක් මෙතන තියෙන්නේ.

ඒ වගේම කෙළවරපිටිය එල්එන්ජී බලාගාරයේ 40%ක අයිතිය ඇමරිකාවට දුන්නා. රටේ ස්වෛරීත්වයට ජාතික ආරක්ෂාවට වැදගත් සම්පත් සියල්ල ආණ්ඩුවේ අයිතිය අහිමිකරගෙන පිටරටවල්වලට විකුණමින් යනවා. බලශක්ති ක්ෂේත්‍රය කියන්නේ ජාතික ආරක්ෂාව සමඟ ගැටගැහුණු එකක්. මේ ආණ්ඩුව බල ශක්ති ක්ෂේත්‍රයට අදාල සියල්ල පිටරට සමාගම්වලට පාලනය කරන්න ඉඩ හදමින් ඉන්නවා. රට රකින්න, මව්බිම ආරක්ෂා කරන්න, මව් බිම වෙනුවෙන් පණ දෙන්න කියලා ආපු ආණ්ඩුව රටේ සම්පත් ටික විකුණමින් ජාතික අපරාධයක් කරනවා. වරාය කියන්නේ රටේ ආර්ථිකයට වැදගත් එකක්. හම්බන්තොට වරාය වසර 99කට චීනෙට දීලා. කොළඹ වරායේ තියෙන ජැටි කිහිපයක්ම ලංකාවට අයිති නැහැ. වරාය සේවා, විදුලි බෙදාහැරීම, ඉන්ධන බෙදාහැරීම රට සතුව නැත්නම් ලංකාවේ ස්වෛරීත්වය ගැන විශ්වාසයක් කොහෙන්ද? අපේ රට විදේශ රටක කොලණියක් බවට පත්වෙනවා.

අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට මොකද වුනේ. රටක මිනිස්සුන්ට කන්න තියෙනවනම් රටේ ආහාර සුරක්ෂිතතාවය තියෙනවනම් ඒ රට වට්ටන්න බැහැ. නමුත් පහුගිය කාලේ මේ ජනාධිපති සහ ආණ්ඩුව රටේ ආහාර සුරක්ෂිතතාවය නැති කරලා දැම්මා. තමන්ගේ හීනයක් වෙනුවෙන් කෘෂිකර්මාන්තය විනාශ කරල දැම්මා. ආහාර ආනයනය කරන්නත් ඩොලර් නැහැ. රටේ ජනතාවට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. රටක කෘෂිකර්මාන්තය නැත්නම් ඒ රට යටත් කර ගන්න පහසුයි. රාජපක්ෂලා රටට කරන්න පුළුවන් බරපතලම විනාශය කරලා ඉවරයි. විදුලිය කැපෙන තෙල් නැතිවෙන කන්න නැති රටක් බවට පත්වෙනවා. එහෙම තත්වයක් තියෙද්දී රටේ ජනතාව අන්දන්න හිතාගෙන බොරු කියනවා. මහබැංකු අධිපති ඩොලර් ගැන බොරු කයිවාරු කියනවා.

ලේකම්ලා මාරු කරනවා. කැබිනට් සංශෝධන ගේන්න හදනවා. එකම කුට්ටම ඇණුවට වැඩක් නැහැ. මේ රටට ලොකු වෙනසක් ඕනෑ. මේ අසමත් පාලනයෙන් අපේ රටේ ජනතාව මිදෙන්න ඕනෑ. පහුගිය ආණ්ඩුව තිත්තවෙලා තමයි මේ රාජපක්ෂ ආණ්ඩුව ගෙනාවේ. ඉතිං ඒ ආණ්ඩුවත් මෙහෙම නම් තව මොනවද ඉතිරි වෙලා තියෙන්නේ. මේ හොරු නඩ දෙකම ඉවත් කරලා රට හදන්න පුළුවන් ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ. ඒක තමයි එකම උත්තරය. ජාතික ජන බලවේගය මේ රට හදන්න වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. රට හදන්න පුළුවන් බලවේගයක් අපි සතුව ඉන්නවා. ඒ නිසා ජනතාවට අපි කියනවා රටේ දූ දරුවන්ගේ අනාගතය තවත් ඛේදවාචකයකට යන්න ඉඩ නොදී පෝලිම් යුගය නිමා කරලා සතුටින් ඉන්න පුළුවන් රටක් හදන්න රට විනාශ කරපු හොරු කණ්ඩායම් දෙක්ම එළවලා රට ගොඩනගන වැඩපිළිවෙලක් සමඟ අත්වැල් බැඳගන්න කියලා. යැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

මෙරට පුරවැසින්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජිවත් වීමේ පරිසරයක් තමා උදාකර දී ඇති බව ජනපති කියයි

Next Post

DFCC බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස තිමල් පෙරේරා මහතා අභිනවයෙන් පත්වෙයි

editor

editor

Next Post

DFCC බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස තිමල් පෙරේරා මහතා අභිනවයෙන් පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved