• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය විවෘත කෙරේ

2 June 2024
in පුවත්
කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය විවෘත කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පස්වරුවේ එක් වෙමිනි.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට සහයෝගය ලබා නොදී සිටීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු බැඳී සිටින බවත් අවධාරණය කළේය.

ජනතා පරමාධිපත්‍ය, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රධාන මූලධර්ම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අප සෑම විටම ඉදිරියට යා යුත්තේ එම මූලධර්ම ආරක්ෂා කර ගනිමින් බවත් ඊට විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් අවධාරණය කළේය.

එසේම මරණසන්නව සිටි රෝගියෙකු සුව කිරීමේ වගකීම තමාට පැවරුන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා එම මරණාසන්න රෝගියා දැන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත් එම වැඩපිළිවෙළේදී මෙරට මහා සංඝරත්නයෙන් ලැබෙන මගපෙන්වීම සහ සහයෝගය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පිරිනමන බවත් සඳහන් කළේය.

කොහුවල ශ්‍රී ධාතුමළු විහාරාධිපතිව වැඩ විසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අපවත් වී වදාළ ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර නායක හිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකාවේ සහ විදෙස් හි සිට මෙරටට පැමිණ වැඩවසන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මෙම “ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය” ඉදි කර තිබේ.

පස්මහල් ගොඩනැගිල්ලකින් සහ තුන්මහල් ගොඩනැගිල්ලකින් යුත් මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ එකවර භික්ෂුන් වහන්සේ පනස් නමකට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි අතර කාමර 20ක්, වාට්ටු අංගනයක්, දාන ශාලාවක්, බෙහෙත් ගබඩාවක්, හදිසි ප්‍රතිකාර අංශ, කාර්යාල කාමර සහ වෛද්‍යවරුන් සඳහා නේවාසිකාගාර ඇතුළු පහසුකම්වලින් මෙය සමන්විතය.

සුදුසුකම් ලත් වෛද්‍යවරුන් යටතේ රෝගී භික්ෂුන් වහන්සේට ප්‍රතිකාර ගැනීමට පහසුකම් සලසා තිබෙන අතර භික්ෂුන් වහන්සේ පන්සිය නමකට භාවානායෝගීව වැඩ විසීමට සුදුසු පරිසරයකින් යුක්තය.

දෙස් විදෙස් දායකකාරකාදීන්ගේ සහයෝගයෙන් යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර ඇති මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ වෛද්‍ය උපකරණ සඳහා දකුණු කොරියාවේ හේතු නුවර ශ්‍රී ලංකාරාමාධිපති දකුණු කොරියාවේ සංඝනායක පූජ්‍ය කටුවන විජිතවංශ හිමිපාණන් වහන්සේ අරාධනයෙන් දකුණු කොරියාවේ උල්සාන් නුවර බෞද්ධ රෝහලේ ප්‍රධානී ගරු Neunghaeng භික්ෂුණියගේ සහ තායිවානයේ කෞෂොන් Long Fong ආරාමයේ සින්දාවෝ (SinDaw) භික්ෂුණියගේ දායකත්වය ලබා දී තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණන් වහන්සේ ඉටුකරන විශිෂ්ඨ ජාතික, ආගමික සහ ශාසනික සේවාව සහ දෙස් විදෙස් භික්ෂුන් වහන්සේ වෙනුවෙන් මෙම ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ඉදිකරමින් සිදු කළ මෙහෙවර උදෙසා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රසාදය උන්වහන්සේ වෙත පළ කරමින් සිරි සෝමේස්වර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ලෝකත්ථකාරී යන සම්මානෝපාධි ගෞරව නාමය පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

එම ගෞරව නාමයට අදාළ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානයෙන් පසු උන්වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

එසේම මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය උපකරණ ප්‍රදානය කළ දකුණු කොරියාවේ උල්සාන් නුවර බෞද්ධ රෝහලේ ප්‍රධානී ගරු Neunghaeng භික්ෂුණින් වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ඉඩම පරිත්‍යාග කළ සන්ධ්‍යා කාන්තිලතා මහත්මිය වෙත ද ජනාධිපතිවරයා අතින් සමරු තිළිණයක් පිළිගැන්විණි.

නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත අතිපුජ්‍ය ගලපිටියාගම විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ, මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාධාපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක රාජකීය පණ්ඩිත අතිපුජ්‍ය මාතලේ ධම්ම කුසල නායක හිමිපාණන් වහන්සේ, තලංගම මයුරපාද පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ආචාර්ය අතිපුජ්‍ය වලේගොඩ ගුණසිරි නායක ස්වාමීන් වහන්සේ, තඹුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපුජ්‍ය අත්තංගනේ රතනපාල නායක ස්වාමීන්වහන්සේ , උඩරට අමරපුර නිකායේ වැඩබලන මහානයක අතිපුජ්‍ය නිකපෝත චන්දජෝති නායක ස්වාමීන් වහන්සේ, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහානායක සහ අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයන් ද, විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු ආරාධිත පිරිසක් ද, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර යන මහත්වරුන් සහ දකුණු කොරියාවේ බෞද්ධ දූත පිරිස ඇතුළු දෙස් විදෙස් සැදැහැවත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 18,553
Previous Post

ඉදිරි කාලයම තීරණාත්මකයි -රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Next Post

ඩෙංගු මර්දනයට ඉදිරි සති දෙකක කාලය තුළ ධූමායන හා පිරිසිදු කිරීමක් – සෞඛ්‍ය ලේකම්

editor ttvnews

editor ttvnews

Next Post
ඩෙංගු මර්දනයට ඉදිරි සති දෙකක කාලය තුළ ධූමායන හා පිරිසිදු කිරීමක් – සෞඛ්‍ය ලේකම්

ඩෙංගු මර්දනයට ඉදිරි සති දෙකක කාලය තුළ ධූමායන හා පිරිසිදු කිරීමක් - සෞඛ්‍ය ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

12 March 2026
ටෙහෙරානයට විෂ වායු තර්ජනයක්

ටෙහෙරානයට විෂ වායු තර්ජනයක්

12 March 2026
නව තානාපතිවරුන් සහ  මහකොමසාරිස්වරුන් 10 දෙනෙකුට  පාර්ලිමේන්තු අනුමැතිය  හිමිවෙයි

නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 10 දෙනෙකුට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවෙයි

12 March 2026
සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ  අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය  ශ්‍රී ලංකාවේදී විවෘත කෙරේ

සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේදී විවෘත කෙරේ

12 March 2026

Recent News

ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

12 March 2026
ටෙහෙරානයට විෂ වායු තර්ජනයක්

ටෙහෙරානයට විෂ වායු තර්ජනයක්

12 March 2026
නව තානාපතිවරුන් සහ  මහකොමසාරිස්වරුන් 10 දෙනෙකුට  පාර්ලිමේන්තු අනුමැතිය  හිමිවෙයි

නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 10 දෙනෙකුට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවෙයි

12 March 2026
සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ  අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය  ශ්‍රී ලංකාවේදී විවෘත කෙරේ

සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේදී විවෘත කෙරේ

12 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපතිවරයෙකුගේ නිල සහ  පෞද්ගලික කාර්යයන් අතර විභේදනයක් නැහැ

ජනාධිපතිවරයෙකුගේ නිල සහ පෞද්ගලික කාර්යයන් අතර විභේදනයක් නැහැ

12 March 2026
ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

ඉරාන නායකත්වය තවදුරටත් ස්ථාවරයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved