• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිනිස් වෙළදාම මඩින්න ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහය ලැබෙන්නේ නෑ – ඇමති මනුෂ

21 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදේශ රැකියා ජාවාරමට ගුවන් තොටුපොලේ සියලුම අංශ වලින් සහාය ලැබෙන බවත් මිනිස් වෙළදාම වැලැක්වීම වෙනුවෙන් රජය ගෙනයන වැඩසටහනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහයෝගය නොලැබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ ආරක්ෂික සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය විවෘත කිරීමේ උත්සවයට අද දින (21) එක්වෙමිනි.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා ” අද රජයේ නිළධාරීන් ගොඩක් බයයි තමන්ගේ යුතුකම් ඉටුකරන්න. යුතුකම් ඉටුකරපු හමුදා නිළධාරීනුත් තාමත් ලැයිස්තුවල ඉන්නවා. ඒ අය යුතුකම් ඉටුකරපු නිසා අද අපි රටක් විදිහට හැමෝම හොඳින් ඉන්නවා. සමහර නිළධාරීන් යුතුකම් ඉටුකරන්න ගිහින් තාමත් ප්‍රශ්නවල ඉන්නවා. අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමන් රටේ මිනිස්සු වෙනුවෙන් පනත් ක්‍රියාත්මක කරන්න ගිහින් අද යම් අර්බුදයකට මුහුණදීලා ඉන්නවා.පාර්ලිමේන්තුවෙන් දෙන බලය ක්‍රියාත්මක කරන්න ගිහින්. මේ ස්ථානයේ රාජකාරි කරන නිළධාරීනුත් බොහෝ අරපරිස්සම් වෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම. මොකද මින්ස්සුන්ගේ යෑම් ඒම් නිදහස කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සදහන් කරලා තියෙනවා. කෙනෙක් කොහේහරි යනවා නම් එයාව නතර කරන්න, ඒ ගැන ප්‍රශ්න කරන්න තියෙන බලය මොකක්ද කියලා අහන අවස්ථා තියෙනවා. එතකොට යම් නිළධාරීන් පැකිලිමක් සිද්ධවුණා. ගුවන් තොටුපොලේ ඉන්න මාධ්‍යවේදීනුත් විදේශ රටක ඉඳන් කාන්තාවක් කරදර වෙලා ආවම ඒක වීඩියෝ කරලා ඒ නිවුස් එක දානවා රෑ ප්‍රවෘත්තිවලට, ෆේස්බුක් එකේ. වීවුස් වැඩිවෙනවා. කට්ටිය රට වටේ කතාකරනවා. අවුරුදු 10ට කලින් ගිය කෙනා වෙනුවෙනුත් මම බැනුම් අහනවා. මට නිවන්සුව පතනවා. නිවන්සුව පතන එක නම් කොච්චර හොඳයිද. අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ ඒකනේ. නමුත් මේ රටේ මිනිස්සු රට යන්න කලින් කරන්න ඕනි දැනුවත් කිරීම කරන්න මාධ්‍ය කවුරුත් අපිට උදව් කරන්නේ නෑ. මේ යන එක වැරදියි හොර පාරෙන් යන්න එපා කියන්න මේ මාධ්‍ය ගුවන් කාලය වෙන් කරන්නේ නෑ. නිළධාරීන් මේ ගැන දැනුවත් කරලා නිතිය ක්‍රියාත්මක කරලා මේ අයව අත්අඩංගුවට ගත්තම පහුවෙනිදට ඇප ලැබෙනවා. සමහරු උසාවියට ඇවිත් මේ අයට විරුද්ධව නීතිය කතා කරනවා. හැබැයි මේ අය ගැන කතා කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කෙනෙක් කවුරුහරි හරවලා යවනවා නම් නීතිය කතාකරන්න එනවා. ඉමිග්‍රේෂන් එකේ එහා ගේට්ටුවේ මහත්තරු ඇවිත් කියනවා නෑ එයාව අරන් යන්න ඕනි කියලා. නෑ එයා මේ ෆ්ලයිට් එකේ යන්නම ඕනි, ඔයාට තියෙන බලය මොකක්ද මෙයාව නවත්තන්න කියලා ඉමිග්‍රේෂන් එකේ හිටපු මහත්වරු ඇදගෙන යනවා. මේ ගුවන් තොටුපොලේ ආරක්ෂක නිළධාරීන් ඔයාට අයිතියක් නෑ කියලා ඇදගෙන යනවා. ගුවන් සේවා සමාගමේ නිළධාරීන් ඇදගෙන යනවා ඔයාට බලයක් නෑ මෙයාව නවත්තන්න කියලා. ඔව් ඇත්ත. පනතෙන් අපිට බලයක් දීලා තිබුණෙ නෑ. අපිට තිබුණේ රටේ අවශ්‍යතාවය හා මේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න යුතුකම ඉෂ්ට කරන්න. දැන් අපි පනතෙන් ඒ බලය අරන් තියෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ සඳහා අපිට සහය ලබාදෙනවා. ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා විදිහට ඒ අදාල පාර්ශව ඔක්කොම එකතු කරලා අවශ්‍ය සහය ලබාදුන්නා. මේක ආරක්ෂක අමාත්‍යාංශයේ හෙඩ් කරන්න ඕනි වැඩක්. ආරක්ෂක අමාත්‍යාංශයේ සභාපතීත්වය යටතේ CID එක, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගුවන් තොටුපොල, ඉමිග්‍රේෂන් එක මේ හැමදෙනාම එකතු වෙලා කරන්න ඕනි වැඩක්. තනියෙන් කාටවත් මේක කරන්න බෑ. හැමෝගෙම සහය අවශ්‍යයි. හැමෝම එකට එකතුවෙලා මේ කර්තව්‍ය කරන්න ඕනි. මේ ගුවන් තොටුපොල හරහා යන්නේ ඉන්දියාවට වන්දනාවට කියලා. සමහර වෙලාවට යන්නේ සැලුන් එකේ බඩු ගෙන්න කියලා. අක්කා බලන්න නැන්දා බලන්න කියන්න තියෙන ඔක්කොම කියලා යන්නේ. අපේ අයටත් කියලා තියෙන්නේ. ඒ අයට කියලා එවන්නේ අර සාරිය ඇදපු මිස් ලගට යන්න කියලා. අර සර් බලාගන්න, කොන්ඩේ පීරන විදිහ බලන්න, පෑන උස්සන කෙනා බලාගන්න. එතකොට ඔයාව පාස් කරනවා කියන්න. එතකොට එයාගේ පාස්පෝට් බලන්නේ නෑ. නිකම් බලලා යවනවා. මම කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගුවන් තොටුපොල සමාගම, ඉමිග්‍රේෂන් එක ගොඩක් අය එකට සම්බන්ධ වෙලා ඇතුලට එන කෙනා ඇඳුම් මාරු කරන්නේ වොෂ් රූම් ඇතුලේ. ඇතුලෙදි තමයි පාස්පෝට් එකයි අනිත් ඒවයි අතට දෙන්නේ. මෙතනින් එන්නේ වෙන පාස්පෝට් එකක් අරන්, ඇතුලට දෙන්නේ වෙන පාස්පෝට් එකක්. මේ සියල්ල එකතු වෙච්ච වැඩ. මේක තනියෙන් නතර කරන්න බෑ. මේක නතර නොකරන තාක් ඔයාලට හොඳයි. එක එක්කෙනාගේ සාක්කුවට 15000 ගානේ වැටෙනවා. ඒක අපි දන්නවා. හැබැයි අවසානෙදි ඒ රටවලට ගිහින් අපේ මිනිස්සු අතරමං වෙනවා. අපේ මිනිස්සු දුක් විදිනවා. ඒ ගෙවල්වලින් එලියට දානවා. හවු හරනට කවුරුත් නෑ. ලියාපදිංචි වෙලා නෙවෙයි යන්නේ. නැවත ගෙන්න ගන්න අපිට පනතෙන් බලයක් නෑ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවුන කෙනෙක් ගෙන්න ගන්න කවුද වියදම් කරන්නේ. ඒ මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙනවා. දේශ සීමා පන්නන් යද්දි නොයෙක් කරදර වෙනවා. කවුද ඒ ජීවිතවලට වන්දි ගෙවන්නේ. මේ කාන්තාවන් ගැන විතරක් නෙවෙයි. ගොඩක් අය මෙතන පහුකරන් යන්නේ. බෝට්ටුවලින් යන්නේ ටික දෙනයි. මේක හොයලා බලලා නතර නොකරොත් අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අංක එක, දෙක මේ රටේ කීර්ති නාමය. මේ සියළු මහන්සිවීම්වල ප්‍රතිපලයක් විදිහට අපේ රටේ මිනිස් වෙලදාම්වල අපේ රටේ ස්ථානය ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට අපි කාර්ය සාධන බලකායට ස්තූතිවන්ත වෙනවා ඒ කර්තව්‍ය සිදුකිරීම වෙනුවෙන්. විසිට් වීසා වලින් රට ගිහින් අසරණ වුන අයව ජනාධිපතිතුමාගේ විශේෂ අනුමැතියක් යටතේ ගුවන් යානා දෙක තුනකින් ගෙන්න ගන්න පහුගිය අවුරුද්දේ මම කටයුතු කලා. ලේසි දෙයක් නෙවෙයි. ආණ්ඩුවේ බදු මුදලින් ඒ දේවල් යන්නේ. ලියාපදිංචි වෙලා යන ශ්‍රමිකයින් දුන්න මුදලින් ඒක ගෙවන්න වෙන්නේ. අපේ විමර්ශන අංශය රටේ හැමතැනම ගිහින් අත්අඩංගුවට ගැනීම් කරනවා. අපි උසාවියට ඉදිරිපත් කරනවා. නඩුවලට ගතවන කාලය දන්නවනේ ඉතින්. හොරු හොරුන්ගේ වැඩේ නැවතත් සුපුරුදු පරිදි කරගෙන යනවා. අපි දිනපතා CID එකට ඉදිරිපත් කරන ඒවගේ ප්‍රතිඵල ඉදිරියෙදි ලැබෙයි කියලා මම විස්වාස කරනවා. තවම මට ඒවගේ ප්‍රතිපල ලැබෙන්නේ නෑ. අපිට පොලිස් නිළධාරින් නෑ. අපිට ඉන්නේ අපේ නිළධාරීන්. මාංචු කුට්ටමක් අරන් යන්න බලයක් නැතිවුනාට අපේ නිළධාරීන් ගිහින් අත්අඩංගුවට ගැනීම සිදුකරනවා. ඒක බලය අතට අරන් කරන වැඩක්. අපි ඒකට හයිය දෙනවා මිනිස්සුන්ව රකින්න ඕනි නිසා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න අපි හැමෝම බැදිලා ඉන්නවා. ඒක ඇත්ත. නමුත් ඒ සියල්ලට වඩා ඉන්නේ මිනිස්සු. මිනිස්සු ආරක්ෂා කරන්න අපි ඉන්නේ. මිනිස්සුන්ගේ ආර්ථිකයයි කන්න බොන්න නැති එකයි අංක එක.

මේ කර්තව්‍යයෙදි මාධ්‍යයෙන් ලොකු සහයක් මට අවශ්‍යයි. කුණු මාළු කෑලිවල රහ බලන්නේ නැතුව රටෙන් එලියට යන මිනිස්සු දැනුවත් කරන්න අපිට උදව් කරන්න. මේ නිළධාරීන් කරන කැපකිරීමට ධෛර්‍ය දෙන්න. රටක් විදිහට එකතුවෙන්න. ඒකට අවශ්‍යකරන සහයෝගය ලබාදෙන්න. ආරක්ෂක අමාත්‍යාංශය කරන්න ඕනි දෙයක් කරලා මූලිකත්වය ගන්න එක ගැන කාර්යාංශයට සුභ පතනවා. පනතෙන් මේක කාර්යාංශයට භාර කටයුත්තක් නෙවෙයි. හොරෙන් රට යන එක නවත්තන්න, මිනිස් වෙලදාම නතර කිරීම ආරක්ෂක අමාත්‍යාංශය සතුයි. විදෙස්ගත ශ්‍රමිකයා මිනිස් බෝම්බ කියලා සලකපු එකේ ප්‍රතිපල අපිට ලැබුනා. ඩොලර් මිලියන සීයට දෙසීයට සංචිත බැහැපු කාලයක් තිබුණා. රටේ සංචිතයට ඩොලර් බිලියන 3ට වැඩියෙන් ගෙන්න ගන්න පුළුවන් වුනේ මේ ශ්‍රමිකයාට ඒ ගරුත්වය දුන්න නිසා. මොන දේශපාලන පක්ෂය මුදල් එවන්න එපා කිව්වත් මේ අවුරුද්දට ඩොලර් බිලියන තුන හමාරක් එවලා තියෙනවා. අද බය නැතුව තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික එවන්නේ මේ අය එව්ව මුදල් නිසා. ඒ අයට Hope Gate හදලා දුන්නට ඉමිග්‍රේෂන් එක ආවේ නෑ ඒකට වාඩිවෙන්න. ඒ අයට වෙනම කොටසක් හදලා දෙන්න බෝර්ඩ් දැම්මට වැඩක් නෑ. ඒ අයට ඒ ගරුත්වය දෙන්න ඕනි. තමන් පඩිගන්නේ විදේශ ගත ශ්‍රමිකයින් එවන මුදලින්. නමුත් ඒ අයට ගුවන් තොටුපොලේදී, ගුවන් යානයේදී නරක විදිහට සලකපු, ගමෙන් ආපු අහිංසක කාන්තාවන්ට නොදන්න ඉංග්‍රිසියෙන් කච කච ගාන ගුවන් සේවිකාවො ඉන්නේ ගොඩක් වෙලාවට. දන්න සිංහලෙන් කතාකරන්නේ නෑ. ඒ මිනිස්සු කනවද බොනවද බලන්නේ නෑ. කෑම බෙදන්නනේ ඕනෑවට එපාවට. එහෙමයි ගුවන් යානය ඇතුලේ විගමණික ශ්‍රමිකයාට සලකන්නේ. මේ ටික කියන්නේ හරි වේදනාවෙන්. හැබැයි මේ ටික හදාගන්න ඕනි. ඒ මිනිස්සු නිසයි අපිට මේ රට ගොඩගන්න පුළුවන් වුනේ. ඉන්දියාවේ බිලියන 112ක් මේ අවුරුද්දේ විදේශගත ශ්‍රමිකයින්ගේ ආදායම. ගිය අවුරුද්දේ බිලියන 100ක්. බිලියන 7ක් 8ක් ගත්ත ආදායම අපි නැති කරගත්තා බිලියනයටත් අඩුවෙන්. ඒක යම් තරමක් හදාගෙන මේ අවුරුද්දේ බිලියන 3.5ක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක 6/7 දක්වා වැඩි කරගන්න පුළුවන්. අපේ අරමුණ අපිට වඩා 60 ගුණයක් විශාල ඉන්දියාව කරගන්න නෙවෙයි. හැබැයි බිලියන 10ක් 12ක් අපි අවුරුද්දකට ගේන්න ඕනි. එහෙනම් අපි ඒකට සහයෝගය දෙන්න ඕනි. අපි නිශ්පාදන ආර්ථිකය හදන්න ඕනි රටක් විදිහට, සේවා ආර්ථිකය හදන්න ඕනි. සංචාරකයෝ එද්දි ගුවන් තොටුපොල කාර්යක්ෂමව සේවාවන් සපයනවා. ඉදිරි කාල සීමාවේ සංචාරකයෝ වැඩියෙන් එනවා. මේක තමයි රටේ දියුණුවේ ඉදිරි ගමන. ඒ දේ වෙනුවෙන් ගුවන් තොටුපොල දැනටමත් සූදානම් වෙනවා. රට හොද දිශානතියක් පේන්න තියෙනවා. රටේ මිනිස්සු ආයෙත් හුස්ම ගන්නවා. තමන්ගේ තියෙන කුහකකම, ආත්මාර්තකාමීකමට රට දාලායන අය ඉන්න අතරේ රට ගිහින් වැඩ කරලා ආපහු අපේ රටට එන ශ්‍රමිකයින් අපි බලාගන්න ඕනි. ඒ අය ගොඩක් ඉගෙන ගත්ත අය නෙවෙයි. ආණ්ඩුවේ සල්ලි ගොඩක් වියදම් කරලා ඉගෙනගත්ත අය නෙවෙයි. රටේ සල්ලිවලින් ඉගෙනගෙන, විශ්ව විද්‍යාල ගිහින්, රට ගිහින් ශිෂ්‍යත්ව කරලා අවසානෙදි හැමදේම විකුණලා යන අය නෙවෙයි මේ අය. මේ අය රටේ සල්ලිවලින් බොහොම අඩුවෙන් වියදම් කරලා, දුප්පත් විදිහට ජීවත්වෙලා, රට ගිහින් සල්ලි උපයලා ඒ සල්ලි ටිකත් මේ රටට එවන අය. ඒ අය බලාගන්න ඕනි. ඒකයි මේ දේවල් කරන්නේ. ඒ අය නොදැනුවත්කමින් මේ මාෆියා වලට අහුවෙන්න පුළුවන්. අපි මේ මාෆියා කොටුකර ගන්න ඕනි. මේ දේවල්වලට අපිට සහයෝගය අවශ්‍යයි. මේ පටන් ගන්න ඒකකය නිකන්ම නිකන් දැනුවත් කිරීමේ ඒකකයක් නෙවෙයි. ගුවන් තොටුපොල, ඉමිග්‍රේෂන් එක, CID එක, ආරක්ෂක අමාත්‍යාංශය මේකට සහය දෙන්න. විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවශ්‍ය මගපෙන්වීම කරනවා. ගුවන් යානය ඇතුලට ගිහිනුත් අවශ්‍යනම් රඳවා ගැනීම කරන්න කාර්යාංශ පනතේ අලුත් සංශෝධන මගින් අවසර ලබාදීලා තියෙනවා. ඒ නිසා රටට විනිමය ගේන මේ අහිංසක මිනිස්සු ආරක්ෂා කරගන්න අපිට සහයෝගය ලබාදෙන්න කියලා මම සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් වෙනස්කම් කිරීම් සහ කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමානාත්මතාවය සහතික කිරීම සඳහා වන නිර්දේශ සොයාබලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ලබාදෙන ලද උපදෙස් පරිදි මෙම ඒකකය පිහිටුවීමට කටයුතු කර තිබේ. සංචාරක වීසා මගින් විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන් මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත්වීමෙන් වළක්වාගැනීම සහ ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් හට නිසි මාර්ගෝපදේශනය ලබාදීම අරමුණු කරගනිමින් පිහිටුවන ලද මෙම ඒකකය මගින් මූලික වශයෙන් මැලේසියාව, ඕමානය, ඩුබායි හා අබුඩාබි යන රටවල් වෙත සංචාරක වීසා මගින් යොමුවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන අතර සතියේ දින 7ම පැය 24 පුරා ක්‍රියාත්මක වන ඒකකයක් ලෙස ගුවන්තොටුපළ පරිශ්‍රයේ කටයුතු සිදුකරනු ලබනු යැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

පැනසොනික් ඒෂියා පැසිෆික් ජල පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම්ට අලියාන්ස් ලංකා සමාගමේ සහාය 

Next Post

අසත්‍ය චෝදනා කරපු අය අද නිරුත්තර වෙලා – පොහොට්ටුවේ මහලේකම් සාගර කියයි

editor

editor

Next Post

අසත්‍ය චෝදනා කරපු අය අද නිරුත්තර වෙලා - පොහොට්ටුවේ මහලේකම් සාගර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved