රට බංකොලොත් කළ කණ්ඩායමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව දැනට බලයේ සිටින ජනාධිපතිවරයා මෙම ආර්ථික ඝාතකයන්ට විරුද්ධව පරීක්ෂණයක් සිදුකරන්න ජනාධිපති කොමිසන් සභාවක් පත් කිරීම සිදුකළ යුතුව තිබුණත් එය චේතනාන්විතව මග හරින තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (21) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ජනාධිපතිවරයා මොවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ නැතිනම් සිදුකළ යුත්තේ රටේ ජනතාව සමඟ එක්ව මෙම පිරිසට දඩුවම් ලබාදෙන අරගයක් ආරම්භ කිරීම බවත් මරික්කාර් මහතා පැවසිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහින්ද රාජපක්ෂ ඇතුළ කල්ලිය ආරක්ෂා කිරීමට හැකි වන්නේ තව මාස කිහිපයක් පමණක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කොමිසමක් පත් කර රාජපක්ෂලා අනීතික ලෙස උපයපු ධනය නීත්‍යානුකූලව රටේ ජනතාව සතු කරන එක ඊළඟට බලය ලබා ගන්න කණ්ඩායම සතු වගකීමක් බවත් ඒ මහතා හෙතෙම පැවැසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව විපක්ෂය අද පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවේ රාජපක්ෂලාගේ ත්‍රාඩයෝ පිරිස ඒ සඳහා බාධා කළ බවත් එවැනි බාධා කිරීම්වලට තව ඇත්තේ සුළු කාලයක් බවත් අනිවාර්යෙන්ම ඔවුන්ව නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවත් එස්.එම් මරික්කාර් මහතා කියා සිටියේයය.