• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුගයේ අවශ්‍යතාවයක් නිසයි පොදුජන පෙරමුණ බිහිවුනේ – ජනපති

2 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වූයේ යුගයේ අවශ්‍යතාවයක් සහ මහජන අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමේ පරම අභිලාෂයෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සංවත්සරය අද (02) පෙරවරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර ඊට සුභාශීංසන පළ කර වීඩියෝ පණිවිඩයක් යොමු කරමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දර්ශනය පැහැදිලි අතර ඒ නිසාම අරමුණු ඉලක්කගත බව පැවසූ ජනාධිපතිවරයා ඒකීය රටක්, ස්වෛරී දේශයක්, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් ඉතිහාසයේ මැකිය නොහැකි අගනා කාර්ය භාරයක් මේ වන විටත් ඉටු කරමින් සිටින බව සඳහන් කළේය.

යහපාලනය වෙනුවෙන් පෙනී සිටින බව ජනතාවට කියූ එදා ආණ්ඩුව, රටක පැවැත්මේ මූලිකම අවශ්‍යතාවය වන ජාතික ආරක්ෂාව සැලසුම් සහගතව බිඳ දැමුවා පමණක් නොව අන්තවාදී ආගමික කල්ලි පෝෂණයට පරිසරය සකසමින් ආගමික සංහාරයකට රට විවෘත කළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වූ ජාතික ආරක්ෂාව අද තහවුරු කර ඇති අතර, පැවති අවිශ්වාසයත්, අපේක්ෂා භංගත්වයත් තුරන් කර තිබෙන බව සඳහන් කළේය.

රටේ ප්‍රධාන මූල්‍ය ආයතනය වන මහ බැංකුව කොල්ලකෑමෙන් ජාතික ආර්ථිකයට එල්ල වූ මරු පහරේ දුර්විපාක අදටත් මේ රට අත්විඳින බව පැවසූ ජනාධිපතිතුමා රටේ ජනතාවගේ ජීවන වියදම දෙගුණ, තෙගුණ කළේ ද ඔවුන් බවත් සංවර්ධනය අඩපණ කර නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමූ ආකාරය ආර්ථික විශේෂඥයන් පවා පෙන්නුම් කර තිබෙන බවත් පැවසීය.

අසාධාරණ ලෙස සමාජය පීඩාවට පත් කරන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා ජන සම්මතවාදීව බිහි විය. නැවුම් දේශපාලන පක්ෂයක් ලෙස මහජන මතය ඉතා නිවැරදිව ග්‍රහණය කර ගැනීම නිසා සුවිසල් ජනමතයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ගොඩනැගුණු බවත්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් වූ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තිය සම්මුතිවාදීව විජයග්‍රහණය කළේ පක්ෂයේ අධිෂ්ඨානය සහ කැපවීම මත බවත් ජනාධිපතිවරයා කීය.

 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පස්වන සංවත්සරය වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නිකුත් කළ වීඩියෝ පණිවිඩය
(2021 නොවැම්බර් මස 02 වන දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල)

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ රටේ දේශපාලන පක්ෂයක් ලෙස ඉතාම කෙටි කාලයකින් ඉහළම ජයග්‍රහණ ලබා, අද සිය පස් වසරක ගමන් මග සමරනවා. ඒ වෙනුවෙන් නායකත්වය ගත් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමාට වගේම පක්ෂයේ සියලුම නිලධාරීන්ටත්, සාමාජික සාමාජිකාවන්ටත් ප්‍රථමයෙන් ම මගේ සුබ පැතුම් පිරිනමනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ යුගයේ අවශ්‍යතාවයක්, මහජන අපේක්ෂාවක් ජයග්‍රහණය කරවීමේ පරමාභිලාෂයෙන්. අද ඒ සතුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, අප සියලු දෙනාටම දැඩිව දැනෙන බව මම විශ්වාස කරනවා. විජාතික බලවේග එක්ව 2015දී ජාතිකවාදී ආණ්ඩුවක් මේ රටට අහිමි කළා.

යහපාලනය වෙනුවෙන් පෙනී සිටින බව ජනතාවට කියූ ආණ්ඩුව, රටක පැවැත්මේ මූලිකම අවශ්‍යතාවය වන ජාතික ආරක්ෂාව සැලසුම් සහගතව බිඳ දැමුවා. බුද්ධි අංශ අකර්මණ්‍ය කළා. රට නිදහස් කර දුන් රණවිරුවා, ජාත්‍යන්තරය හමුවේ පාවා දුන්නා. බොහෝ රණවිරුවෝ සිරගත කළා. සමහරුන්ට මරණ දණ්ඩනය නියම කළ බවත් අප අමතක කළ යුතු නැහැ. මේ ව්‍යසනකාරි පාලනයට එරෙහිව හඬ නැගු භික්ෂූන් වහන්සේ ඇතුළු ජාතික මාමකයන්ට සිරගේ උරුම කළා. අන්තවාදී ආගමික කල්ලි පෝෂණයට පරිසරය හැදුවා, පමණක් නොවෙයි ආගමික සංහාරයකට රට විවෘත කළා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට දායාද කළ හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් විජාතික බලවතුන්ට පවරා දෙන්නට ඔවුන් කටයුතු කළා. රටේ ප්‍රධාන මූල්‍ය ආයතනය වන මහ බැංකුව කොල්ල කෑමෙන්, ජාතික ආර්ථිකයට එල්ල වූ මරු පහරේ දුර්විපාක අදටත් මේ රට විඳිනවා. රටේ ජනතාවගේ ජීවන වියදම දෙගුණ, තෙගුණ කළේ ඔවුන්. සංවර්ධනය අඩපණ කර නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමූ ආකාරය ආර්ථික විශේෂඥයන් පවා පෙන්නුම් කළා.

අපේ සංස්කෘතියේත්, ආර්ථිකයේත් ජීවමය පදනමක් වූ කෘෂිකර්මාන්තය අනතුරට ගෙනත් දැම්මා. රටේ සංස්කෘතික වටිනාකම් නොසලකා හැරීම නිසා රට දිනෙන් දින සියලු අංශයන්ගෙන් ප්‍රපාතයටයි ගමන් කළේ. නීතිය වෙනුවට පළිගැනීම, අවලාද, සමාජගත කළා. ඔවුන්ගේ මතයට හිස නොනැමූවන්ට අසාධාරණ ලෙස පහර දුන්නා.

 

 

රාජ්‍ය සේවකයා අනිසි බියකින් හිර කරලා, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අඩපණ කළා. දේශපාලන විරුද්ධවාදීන්ට දඬුවම් දීම වෙනුවෙන් FCID වැනි ආයතන ඇති කළේ නීතියට පටහැනිවයි.

අසාධාරණ ලෙස සමාජය පීඩාවට පත් කරන විට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා ජන සම්මතවාදීව බිහි වුණා. නැවුම් දේශපාලන පක්ෂයක් විදියට මහජන මතය ඉතා නිවැරදිව ග්‍රහණය කර ගැනීම නිසා විශාල ජනමතයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ගොඩනැගුණු බව අපි දැක්කා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා මාස 15ක් වැනි කාලයක දී මුහුණ දුන් පළමු ඡන්දයෙන් අපි විශාල ජනමතයක්, ජයග්‍රහණයක් හිමි කරගත්තා. අලුත් රටක් පිළිබඳව වූ මහජන මතය හඳුනා ගැනීමේ හැරවුම් ලක්ෂය වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා අත්කර දුන් ජයග්‍රහණය බව අපි පිළිගත යුතුයි.

ජනාධිපති අපේක්ෂකයා හැටියට මාව තෝරා ගැනීමට ඔබ පක්ෂය ඒකමතිකව කටයුතු කළා. ඉතිහාසයේ ජනාධිපතිවරණයක වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් පරාජයට පත් කර, පොදුජන යුගයක ආරම්භය වෙනුවෙන් ගමක්, නගරයක් පාසා ඔබ සාමාජිකයන් සාමූහිකව අත්වැල් බැඳ ගත්තා.

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් වූ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තිය සම්මුතිවාදීව විජයග්‍රහණය කළේ ඔබගේ අධිෂ්ඨානයත්, කැපවීමත් සමගයි.

මහ මැතිවරණය වෙනුවෙන් සහෝදර පක්ෂ ඒකරාශි කර ගනිමින් රට ලැබූ ජය විජයග්‍රහණයක් කරා ගෙන යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළා. 2/3 බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට පොදුජන පෙරමුණ කළ මෙහෙවර ඓතිහාසිකයි.

කොවිඩ් වසංගතය හමුවේ රට අකර්මණ්‍ය වෙද්දී රට සුරකින පක්ෂයක ජාතික කාර්ය භාරයට ඔබ යුහුසුළුව උර දුන්නා. රාජ්‍ය ප්‍රතිපත්ති, සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සාමාජික සාමාජිකාවන් එක පවුලක් වගේ කටයුතු කළා. රට මේ ව්‍යසනය හමුවේ ලබාගෙන ඇති ජයග්‍රහණවල ඔබත් ප්‍රධාන කොටස්කරුවෙක් බව මම මේ මොහොතේ සිහිපත් කරන්නට කැමතියි.

මේ රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වුණේ යහපාලන රජය, බිඳ දමා තිබූ ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙසටයි. සමස්ත ආරක්ෂක පද්ධතියම ප්‍රතිසංවිධානය කර මෙහෙයවීමට සුදුසුකම් සහිත පුද්ගලයන්ට භාර දීලා, පැවති අවිශ්වාසයත්, අපේක්ෂා භංගත්වයත් අපි අද තුරන් කළා.

 

 

සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද මේ රට විවෘතයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර වගේම ඒහා බැඳුණ පාතාලය මර්දනය වෙලා තිබෙනවා.

රාජ්‍ය සේවය ගුණාත්මක කළා වගේම උපාධිධාරීන් හැට දහසක් රාජ්‍ය සේවයට බඳවා ගෙන රටේ බුද්ධිමය කුසලතාවට රට නැංවීමට ඉඩ සැලසුවා. ද්‍රරිද්‍රතාවයෙන් පෙළුණු නිපුණතාව අඩු තරුණ තරුණයන් ලක්ෂයකට රැකියා අවස්ථා ලබා දීම අද ආරම්භ වෙලා තිබෙනවා.

හරිත කෘෂි කර්මාන්තයක් ඉලක්ක කර ගෙන කාබනික ගොවිතැනට මාරුවීමේ අසීරු තීන්දුව සමස්ත අනාගත පරපුර වෙනුවෙන් අරගෙන තිබෙනවා. පරිසරය, ගහ කොළ, සතා සිව්පාවා වනසමින් මිනිසුන් රෝගීන් කළ රසායනික ගොවිතැන වෙනුවට හරිත කෘෂි කර්මාන්ත ප්‍රවේශය රටේ ඓතිහාසිකම තීන්දුවක් බවට පත් කරන්න ඔබ සැදී පැහැදී සිටින බව මම දන්නවා.

ඒ වගේම ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවි බල ගන්වන දේශීය ආර්ථික රටාවක් වෙනුවෙන් අභියෝගාත්මක තීරණවලට රජය එළඹිලා සිටින්නේ සෞභාග්‍යමත් දේශයක් අපේක්ෂාවෙන්. ඒ සඳහා ඔබ පක්ෂයේ දේශපාලන භාවිතාව තීරණාත්මක සාධකයක් බව මම අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ.ඔබ පැතූ, ඔබ සිතන මේ රට නැවතත් ගොඩනැගෙන විට එහි අභිමානය ඔබ කළ කැප කිරීම්වල ප්‍රතිඵලයක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දර්ශනය පැහැදිලියි. ඒ නිසාම අරමුණ ඉලක්කගතයි. ඔබ පක්ෂය දිනෙන් දින ජාතික අභිලාෂයන් වෙනුවෙන් ඉටු කරන මෙහෙවරේ ප්‍රතිඵල රට හමුවේ දකින්න ලැබෙනවා. “වෙනස්ව හිතන්න – බිය නොවන්න” ඔබේ පක්ෂයේ ආදර්ශ පාඨය තුළින් ඔබ ඒකීය රටක්, ස්වෛරී දේශයක්, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් ඉතිහාසයේ මැකිය නොහැකි අගනා කාර්ය භාරයක් මේ වන විටත් ඉටු කරමින් සිටිනවා. ඔබේ අභිමානය වගේම ඔබ පක්ෂයේ වටිනාකමත් එයයි. ජාතියක අපේක්ෂාව හඳුනා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිනෙන් දින තබන පියවර සාර්ථක වේවා යි මම ප්‍රාර්ථනා කරනවා.

ඔබ සැමට සෞභාග්‍යවත් රටක් – සුවබර අනාගතයක් !

 

ස්තුතියි.

Post Views: 10
Previous Post

සම්ප්‍රදායික නොවන අයවැයක් – ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර

Next Post

කවුරුවත් පරද්දන්න පොහොට්ටුව හැදුවේ නෑ…. මහින්ද කියු දේට බැසිල්ගෙන් උත්තර

editor

editor

Next Post

කවුරුවත් පරද්දන්න පොහොට්ටුව හැදුවේ නෑ.... මහින්ද කියු දේට බැසිල්ගෙන් උත්තර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025
පොරොන්දම සහ මරණය

පොරොන්දම සහ මරණය

12 June 2025

Recent News

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025
පොරොන්දම සහ මරණය

පොරොන්දම සහ මරණය

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved