• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි – ජනපති

27 April 2024
in දේශීය, පුවත්
රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත් එම අවස්ථාව කිසිවෙකුටත් අතපසු කළ නොහැකි බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (26) පැවති ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ 2023/24 වාර්ෂික සමුළුවට එක්වෙමිනි. අප්‍රේල් 26 සහ 27 දෙදින පුරා කොළඹ දී මෙම වාර්ෂික සමුළුව පැවැත්වේ.

මෙම වාර්ෂික සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා අමාත්‍ය පලනිවේල් ත්‍යාග රාජන් මහතා විසින් සිදු කළේය.

1929 වසරේ දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජය සාමාජිකයින් 17,000කට අධික ප්‍රමාණයක් සමන්විත වන අතර මෙරට ප්‍රජා හා සමාජ සුබසාධන කටයුතු මෙන්ම සමාජීය සහ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සඳහා ද සිය දායකත්වය ලබාදී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද 1994 වසරේ සිට දිස්ත්‍රික් 3220 බටහිර කොළඹ ජාත්‍යන්තර රොටරි සමාජයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අප ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාව ගමන් කළ යුතු මාර්ගය තීන්දු කළ යුතු සන්ධිස්ථානයකට පැමිණ සිටින අවස්ථාවකයි. මේ රටේ ජනතාව විසින් ඒ මාර්ගය තීරණය කළ යුතුයි. අපි මෙතැනින් ඉදිරියට යනවාද? අපි මෙතනම නවතිනවාද? නැත්නම් ආපස්සට ගමන් කරනවාද කියා තීරණය කල යුතුයි. මට අද මුණ ගැසැණු තරුණයෙක් මගෙන් ඇසුවා, ඔබ රට වෙනුවෙන් ගෙන ඇති සැලසුම් මොනවාද? මේ රටේ උගතුන් වෙනුවෙන් ඔබ ගෙන ඇති සැලසුම් මොනවාද? රටේ භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඔබ සතුව ඇති සැලසුම් මොනවාද? කියලා. මම කිව්වා එවැනි කිසිම සැලසුමක් නැති බව. මට සිතිය හැක්කේ වෙළඳපල ආර්ථිකයක් ගැන පමණක් බව, මම ඔහුට පැවසුවා. එහිදී වෙළඳපොළ බලවේග මේ සියලු සැලසුම් පිළිබඳ තීරණය කරනු ඇතියි. ඒ තුළ අපේ ප්‍රතිපත්ති රාමුව මොකක්ද කියා අපිට තීරණය කරන්න පුළුවන්. ඒ අනුව අපි ඉදිරි අවුරුදු තුන හතර තුළ ක්‍රියාත්මක කර වැඩසටහන් මොනවද යන්න තීරණය කර, ක්‍රියාත්මක කර, අවශ්‍ය වෙනස්කම් ද සිදු කළ හැකියි. නමුත් අපට වර්ධනයක් ගෙන එන ස්ථාවර සැලැස්මක් ගැන ඔබ සිතනවා නම්, මට අනුව එසේ සිදු කළ නොහැකි බව මම ඔහුට පැවසුවා. වෙළඳපොළ බලවේගවලට බලපෑම් කරන්නේ කෙසේදැයි අප දැන සිටිය යුතුයි. වෙළඳපොළ බලවේග හසුරුවන්නේ කෙසේද එසේත් නැත්නම් වෙළඳපොළ බලවේග මෙහෙයවන්නේ කෙසේද කියා අප දැනගත යුතුයි. එසේ නම් ඉදිරියට යාමට අපට අවශ්‍ය ක්‍රමය කුමක්ද කියා අප මුලින්ම තීරණය කළ යුතුයි. සෑම ආණ්ඩුවක්ම පත් වූ පසු පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරනවා. ඒ සැලැසුම අනුව සෑම දෙයක්ම රජය ලබා දෙනවා. අපට මෙපමණ කාලයක් සැලසුම් පමණක් පැවතුණා. ඒ නිසා අපි තවමත් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. යුද්ධය අවසන් වීමෙන් පසු වියට්නාමය, අපට වඩා දුප්පත් තත්ත්වයක සිටියා. 1991 වසරේදී වියට්නාමයේ කර්මාන්ත ඇමැතිතුමා පැමිණ අප විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන ආකාරය පිළිබඳ මගෙන් ඇහුවා. අද වන විට විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන්නේ කෙසේදැයි ඔහුගෙන් දැන ගැනීමට මට වියට්නාමයට යාමට සිදුවී තිබෙනවා. ඔවුන් වෙනස් වුණා. අපි එකම තැන සිටියා.
ඔබට මැලේසියාව සහ සිංගප්පූරුව ගැන කුමක් කිව හැකිද? අප මේ සෑම රටක් පිළිබඳව කතා කරනවා. අපට ඒ රටවල් සිටින තත්ත්වයට පැමිණීමට අවශ්‍යයි. නමුත් එම රටවල තත්ත්වයට පත්වීමට නම් ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුයි. දැන් අප එවන් අවධියකට පැමිණ තියෙනවා. අපිට තවදුරටත් අවශ්‍ය තීන්දු තීරණ නොගෙන සිටිය නොහැකියි. එකිනෙකාට චෝදනා කරමින් සිටීමෙන් පලක් නැහැ. අපට අවශ්‍ය කුමන ආකාරයේ ආර්ථිකයක් දැයි අපි තීරණය කළ යුතුයි. මට අනුව නම්, එය කළ හැකි වන්නේ එක් ආකෘතියක් තුළින් පමණයි. ඒ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක්. අපට ඉන්දියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය හෝ රුසියාව තුළ විශාල වෙළෙඳපොළක් නැහැ. බොහෝ රටවලට පවතින ඛනිජ සම්පත් අපට නැහැ. අපි වාසනාවකට මෙන් උපාය මාර්ගිකව ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන කුඩා දූපතක්. එය නැවතත් කලාපය තුළ ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රමුඛත්වයට පත්වෙමින් තිබෙනවා. එවැනි ලෝකයක් තුළ අප ඉදිරියට ගමන් කරන්නේ කෙසේද? අපි තවදුරටත් මවාගත් ලෝකයක ජීවත් වෙනවාද? නැතිනම් අවශ්‍ය පියවර ගෙන ඉදිරියට යාමට අප සූදානම් ද යන්න ඔබ සියලු දෙනාම සිතා බැලිය යුතු කාරණාවක්. මන්දයත් අප විසින් ගෙන ඇති ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග මේ වසර තුළදී අවසන් වෙනවා. අපි නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ මෙන්ම පැරිස් සමාජය සමඟ සාකච්ඡා තරමින් සිටිනවා. බැඳුම්කර හිමියන් සමඟ ඇතිකර ගත යුතු බොහෝමයක් කරුණු පිළිබඳ එකඟතාවන්ට පැමිණ අවසන් නමුත් තවමත් එකඟතාවට පැමීණිය යුතු කාරණාවක් ඉතිරිව තිබෙනවා. එයත් ඉක්මනින්ම විසඳෙයි. නමුත් අපි මෙතැන් සිට ගමන් කරන්නේ කොතැනටද? අපි ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. අප එලෙස ස්ථාවර කර ඇති ආර්ථිකය ආනයනය මත යැපෙන ආර්ථිකයක්. මේ ආනයන මත යැපෙන ආර්ථිකය සමඟ අපි ඉදිරියට යනවාද? එවිට පසුගිය කාලය පුරාවට මා විසින් සිදු කළ සියලු දේ නිෂ්ඵල වෙනවා. ඒ තවත් වසර 10 කින් හෝ වසර 15 කින් නැවතත් මෙවැනි අර්බුදයකට මුහුණ දීමට සිදුවෙන නිසයි. ඉතින් මේ තීරණය ඔබ සියලු දෙනාම ගත යුතුයි. කිසිවකුට එය අතපසු කළ නොහැකියි. මෙය තමයි අද රට විසින් ගත යුතු තීන්දුව. විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යනවාද නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද කියන ප්‍රශ්නය නෙවෙයි. ඒවා දෙවනුව විසඳාලිය යුතු ප්‍රශ්න. මම සඳහන් කළ ආකාරයට ජනතාවට ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය කුමක්ද? අපි එය වෙනස් කළ යුතුද නැද්ද? මම හිතන්නේ අපි එය වෙනස් කළ යුතුයි. නමුත් අපේ අනාගතය කුමක්ද? ඒ වෙනුවෙන් තීරණ ගන්න අපි සූදානම්ද? අපට අවශ්‍ය වන්නේ අපනයනය ඉලක්ක කරගත්, ඉහළ තරගකාරී ආර්ථිකයක් නම්, අප එය සාක්ෂාත් කර ගන්නේ කෙසේද? අපිට අවශ්‍ය වන්නේ ඉහළ තරගකාරී ආර්ථිකයක් කියලා හැමෝම ප්‍රකාශ කරනවා. ඔබට තරගකාරී වීමට අවශ්‍ය නම්, ඔබ තරගයට මුහුණ දිය යුතුයි. තරඟයට මුහුණ නොදී තරඟකාරී විය නොහැකියි. මට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳ ලොකු විශ්වාසයක් තිබෙනවා. අපිට එය නිර්මාණය කරගත හැකියි. අපට තිබෙන්නේ දුෂ්කර කාල පරිච්ඡේදයන් සහිත කෙටි කාලයක්. නමුත් අපට එය ජයගත හැකි බව මම විශ්වාසයෙන් යුතුව සඳහන් කරනවා.” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිවරයාගේ නියෝජිත ප’ හොයෙන් (Per Hoyen), මෙවර සමුළුවේ සභාපති ඩී.ජී.එන්.ඩී. කුමාර් සුන්දරරාජා, දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් උපදේශක ප්‍රදීප් අමිර්තනායගම්, හිටපු සභාපතිවරුන් වන කේ. ආර් රවීන්ද්‍රන් යන මහත්වරුන්, ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයින්, දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ නිලධාරී මණ්ඩලය, සාමාජිකයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 6,615
Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ආරම්භ කිරීමට පියවර  

Next Post

රනිල් ජාතික නායකයා අපේ රට ආසියාවේත්, ලෝකයේත් ඉහළ තැනක ඔසවා තබාවී – මන්ත්‍රී වජිර

editor ttvnews

editor ttvnews

Next Post
රනිල් ජාතික නායකයා අපේ රට ආසියාවේත්, ලෝකයේත් ඉහළ තැනක ඔසවා තබාවී – මන්ත්‍රී වජිර

රනිල් ජාතික නායකයා අපේ රට ආසියාවේත්, ලෝකයේත් ඉහළ තැනක ඔසවා තබාවී - මන්ත්‍රී වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved