පලාත් සභාවල බලය අහෝසි කිරීමට වත්මන් රජය පියවරක් ගෙන නොමැති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ දමිළ ජනතාව වෙනුවෙන් ගෙන ගිය අරගලය වැරදි මාර්ගයකට ගෙන යාමට ප්‍රධාන හේතුව වන්නේ සමහර මාධ්‍ය විසින් පල කරන ලද ප්රවෘත්ති වල ප්රතිවිපාකයක් බවට තමන්ගේ 60 වෙනි ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වු මාධ්‍යවේදියකු විසින් තමා වෙත පාපොච්චාරනයක් කල බවයි.
තවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම මාධ්‍යවේදියා සේවය කරන මාධ්‍ය ආයතනයේද මෙවැනි අසත්‍ය ප්රවෘත්ති පල කරන බවත්ය. සමහර මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් තමන්ගේ පටු අරමුණ ඉටු කරගැනීම වෙනුවෙන් ජනතාව නොමග යවන බවත් පැවසීය.