රට තුළ පැන නැගි ඇති විරෝධතාව අතර ජනතාවට අවශ්‍ය කරන ආණ්ඩුවක් පිහිටුවන්න තමා ඕනෑම අවස්ථාවක සුදානම් බව ජනාධිපතිවරයා තමා සමඟ පැවසු බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
අද (26) පැවැති කැබිනට් මාධ්‍ය දැනුම්දීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා පවසා සිටියේ ජනාධිපතිවරයා ඉතා නම්‍යශිලීව නව ආණ්ඩුවක් පිහිටවන්න කැමැති බවයි. එසේම ඒ් සඳහා එක්වන ඕනෑම කෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසා ඇති බව ගොඩහේවා අමාත්‍යවරයා පවසා සිටියේය.
කෙසේ වෙතත් ප්රජාතන්ත්රවාදී රටක් වශයෙන් උද්ඝෝෂණය කිරීම සහ මාධ්‍ය නිදහස් ලබා දීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසිය. කෙසේ වෙතත් පවතින අර්බුදය කෙටි කාලීනව නොව දිර්ඝ කාලීනව ඇති වු අර්බුද බව ගොඩහේවා මහතා වැඩිදුරටත් කියා සිටියේය.