• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් ඇති බව ජනපති පවසයි

29 April 2024
in දේශීය, පුවත්
කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් ඇති බව ජනපති පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අතීතයේ මෙරට ප්‍රධාන අපනයන බෝගයක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ක්‍රියාවට නංවා තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළි දැක්වීම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේ ඊයේ (28) පැවති උත්සවයට එක්වෙමිනි.

“සිලෝන් ටී” නාමය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන ගිය ඩිල්මා සන්නාමය සිය සමාගම හරහා සිදු කරනු ලබන දේශීය අපනයන තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයට ද ප්‍රවිශ්ට වෙමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු කුරුඳු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොලට ඩිල්මා සන්නාමය යටතේ හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක සූපවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීන සූපවේදී තෝමස් ගුග්ලර් මහතා විසින් සංකේතාත්මකව ඩිල්මා කුරුඳු නිෂ්පාදන එළි දැක්වීම සිදු කරන ලදී.

ඩිල්මා සමාගම “සිලෝන් ටී” නාමය නැවත පණ ගැන්වූ ආකාරයටම “සිලෝන් සිනමන්” නාමය ඉදිරියට ගෙන ඒම පිළිබඳ මෙහිදී සිය ස්තූතිය පිළිගැන්වූ ජනාධිපතිවරයා මෙය රටේ ආර්ථිකයේ නව පරිච්ඡේදයක ඇරඹුම වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “කුරුඳු වගාව එදා අපේ රටේ ප්‍රධාන බෝගයක්ව පැවතුණා. පොළොන්නරුව රාජධානිය බිඳවැටීමෙන් පසු අපගේ රාජධානි නිරිතදිග තෙත් කලාපයට සංක්‍රමණය වන විට රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ගියේ කුරුඳු කර්මාන්තයයි. අපට කුරුඳු නොතිබුණා නම් දඹදෙණිය, යාපහුව, ගම්පොළ, රයිගම හෝ කෝට්ටේ යන රාජධානි කිසිවක් බිහිවන්නේ නැහැ. කුරුඳු අපේ රටේ ඉතිහාසය සමඟ බැඳී තිබෙන්නේ මේ ආකාරයටයි. එදා යාපනය පාලනය කළ පාලකයා මේ අතරින් ඉතා වාසනාවන්ත වුණා. ඔහු සතුව අලි ඇතුන් සහ මුතු තිබුණා. නමුත් කුරුඳු කර්මාන්තයෙන් කොටසක් ද තමා සතුව පැවතිය යුතු බව ඔහු සිතුවා. ඒ අනුව ඔහු පුත්තලම අල්ලා ගෙන එහි සිටි පාලකයන්ගෙන් කප්පම් ලබාගත්තා. නමුත් එය ප්‍රමාණවත් නොවන බව සිතු ඔහු වෙළඳාම පාලනය කළ යුතු බවට තීරණය කළා. ඒ අනුව ඔහු එහි සිට රයිගම සහ කෝට්ටේ රාජධානි අල්ලා ගත්තා. ඔහුට තවදුරටත් මේ ආකාරයට කටයුතු කිරීමට ඉඩදිය නොහැකි බව වෙළදාම පාලනය කළ කේරළ වෙළෙන්දන් සිතුවා. ඒ නිසා ඔවුන් බලකොටුවක් ඉදිකර ආර්ය චක්‍රවර්තී පරාජය කිරීම සඳහා ඔවුන් අතුරින් ප්‍රමුඛයා වූ අලකේශ්වර මෙහි එව්වා. ඉතින් මේ අපේ ඉතිහාසයේ තවත් කොටසක්. හයවන පරාක්‍රමබාහු රජතුමා උඩරට රාජධානිය අත්පත් කරගත්තේද සමස්ත කුරුඳු කර්මාන්තය ඔහුගේ පාලනයට ගත හැකි නිසා බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම එම රාජධානියේ අසිරිය සැළලිහිණි සංදේශයේ සඳහන් වෙනවා. පෘතුගීසීන් සමඟ සටන් කළ සීතාවක රාජසිංහ රජුගේ ක්‍රියාකලාපය දෙස බැලුවහොත්, ඔහු පෘතුගීසීන් කොළඹ කොටුව සහ මීගමුව බලකොටුවට සීමා කළා. ඔහුගේ රාජධානියේ සහ කෝට්ටේ රාජධානියේ එකතු කරන ලද කුරුඳු සියල්ල ඔහු යටතේ තබාගත්තා. ඉන්පසු ඔහු ඒ කුරුඳු සියල්ල අතුරින් උසස් තත්ත්වයේ කුරුඳු පමණක් ඉතිරි කර ගුණාත්මකභාවයෙන් අඩු කුරුඳු සියල්ලම පුළුස්සා දැම්මා. මේ ආකාරයට අපේ රාජධානි සමඟ කුරුඳු කර්මාන්තය බැඳී පැවතුනා. ඒ වගේම උඩරට රාජධානිය පවත්වාගෙන යාම සඳහා මුදල් ලැබුණේ කුරුඳු කර්මාන්ත මගින්. නමුත් කුරුඳු වෙනුවට කෝපි සහ තේ පැමිණීමත් සමඟ කුරුඳු මිල පහළ යාම නිසා සමස්ත තත්ත්වයම වෙනස් වුණා. නමුත් තවමත් ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ හොඳම කුරුඳු බවට පිළිගැනීමක් තිබෙනවා. ඩිල්මා සමාගම “සිලෝන් ටී” යන නාමය නැවත පණ ගැන්වූ ආකාරයටම “සිලෝන් සිනමන්” නාමය නැවත මතු කර තිබෙනවා. ඒ පිළිබඳ මම ස්තූවන්ත වන අතර මෙය මෙරට ආර්ථිකයේ නව ගමනක ආරම්භය බව ද මා විශ්වාස කරනවා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව කිවයුතුයි. සිංහල රජ සමයේ සිට 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් අප නිදහස ලබන තුරුම කෘෂිකර්මාන්තය අපේ ප්‍රධාන ආර්ථික ක්‍රමය බවට පත්ව තිබුණා. නමුත් පසුව අප කෘෂිකර්මාන්තය අමතක කර දැමුවා. නැවත කෘෂි ආර්ථිකයක් කරා රට ගෙන යාමට කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමග අප සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය නව නීති ගෙන ඒමටද අපේක්ෂා කරනවා. මෙම වැඩපිළිවෙළ සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද සහාය හිමි විය යුතුයි. ඩිල්මා සමාගමට මගේ ස්තූතිය පිරිනමන අතර ඔබට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට අප කටයුතු කරන බව ද සඳහන් කිරීමට කැමතියි. ඩිල්මා සමාගමටත් ඔබ සැමටත් මගේ සුභ පැතුම් පිරිනමනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් සහ විදෙස් මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන්, ඩිල්මා සමූහ ව්‍යාපාරයේ සභාපති ඩිල්හාන් ප්‍රනාන්දු ප්‍රමුඛ එම පවුලේ සාමාජිකයන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

පක්ෂ 14 ක් එකතුවෙන් පොහොට්ටුවේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී

Next Post

නිදහස් පක්ෂයේ මැයි රැලිය ගම්පහදී

editor ttvnews

editor ttvnews

Next Post
නිදහස් පක්ෂයේ මැයි රැලිය ගම්පහදී

නිදහස් පක්ෂයේ මැයි රැලිය ගම්පහදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැය 48ක වැඩවර්ජනයක් ?

පැය 48ක වැඩවර්ජනයක් ?

17 June 2025
බස් වල යනව නම්  මේ දේ අනිවාර්යයි

බස් වල යනව නම්  මේ දේ අනිවාර්යයි

17 June 2025
අදත් තද වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

17 June 2025
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025

Recent News

පැය 48ක වැඩවර්ජනයක් ?

පැය 48ක වැඩවර්ජනයක් ?

17 June 2025
බස් වල යනව නම්  මේ දේ අනිවාර්යයි

බස් වල යනව නම්  මේ දේ අනිවාර්යයි

17 June 2025
අදත් තද වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

17 June 2025
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැය 48ක වැඩවර්ජනයක් ?

පැය 48ක වැඩවර්ජනයක් ?

17 June 2025
බස් වල යනව නම්  මේ දේ අනිවාර්යයි

බස් වල යනව නම්  මේ දේ අනිවාර්යයි

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved