අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 වනදා සිට ඔක්තෝම්බර් 18 දිනට පෙර කාලයේදී පැවැත්විය යුතු බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද(27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ පාර්ලිමේන්තු මැතිවරණයද? ජනාධිපතිවරණයද? යන්න,ජනතාව තුළ කුතුහලයක් තිබෙන බවත්,එය කෙසේ වුණත් ජනාධිපතිවරණය නියමිත දින වකවානු තුළ අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවයි.
එසේම රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික පරිවර්තන පිළිබඳ පනත ඉතා භයානක පනතක් බවත්,ජනවරමක් රහිත පාර්ලිමේන්තුවත් තුළින් මෙවැනි පනත් ඉදිරිපත් කිරීම ඉතා භයානක බව හෙතෙම කියා සිටියේය.
එමෙන්ම නියමිත දින වකවානු තුළ පාර්ලිමේන්තු විසුරුවා හැර දින 52ක් තුළ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුවහොත් ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නීතිමය වශයෙන් පැන නොනැගෙන බවත්, පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ ක්‍රමවේද දෙකක් පවතින බවත්,එනම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු නිල කාලය වසර 2 1/2 ක් සම්පූර්ණ වු විගස පාර්ලිමේන්තුව සිය අභිමතය පරිදි විසුරුවා හැකි බවත්,අනිත් ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර සම්මතයකින් පාර්ලිමේන්තු විසුරුවාලීමට යොජනාවක් ජනාධිපතිවරයාට යොමු කළ හැකි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
වර්තමාන ජනාධිපතිවරයා ජන වරමකින් පත් වූ ජනාධිපතිවරයෙක් නොවන බවත්, ආණ්ඩුව මැතිවරණ වලට බය නිසා මුදල් නොමැති යැයි පවසා මැතිවරණ කල් දැමීමට නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බවත්,ජනාධිපතිවරණය සඳහා වෙන්කළ මුදල හෝ ඉන් කොටසක් හෝ මහ මැතිවරණය සඳහා ලබාගත නොහැකි බව නීතියෙන් ඉතා පැහැදිලිව පෙන්වා දී ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේ නම් වෙනම මුදලක් ඒකාබද්ධ අරමුදලෙන් වෙන් කරගත යුතු බවත්, ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණ මැතිවරණය එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කළ නොහැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කලේය.
එමෙන්ම ජනමත විචාරණයක් හරහා වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරිම සඳහා කිසිම විධිවිධානයක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම ආකාරයකින් සඳහන් නොවන බවත්,එය කිසිසේත් නිත්‍යානුකූලව සිදුකළ නොහැකි බව මන්ත්‍රී ජි.එල්.පිරිස් මන්ත්‍රීවරයා අවධාරණය කලේය.