• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහපොළ සෙවණ යට අධ්‍යාපනය හා දැනුම බිහිවී ඇති බව අගමැති කියයි

18 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහපොළ සෙවණ යට අධ්‍යාපනය හා දැනුම එකට එකතු කරන්නට පුළුවන් අළුත් අවස්ථාවන් බිහි වී තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (17) දින ජා ඇල නගරසභා ක්‍රීඩාංගණයේදී දශකයකට පසුව පැවැත් වූ ‘මහපොළ’ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයේ අවසන් දිනය සනිටුහන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා ” දස වසරකට පසු යළිත් පණ ගැන්වුණු මහපොළ ලක් ඉතිහාසය වෙනස් කළ සුවිශේෂ වැඩපිළිවෙළක්. මහවැලි ගඟ වගේ නොනවතින මහපොළ, ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා ආරම්භ කිරීමෙන් පසු විවිධ ආකාරයෙන් පුළුල් වෙමින් රට පුරා ගමන් කරමින්, විවිධ පෙරළි කරමින්, මහපොළක් බවට පත්වුණා. ලලිත් ඇතුළත් මුදලි මහතා සමග පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරයෙක් හැටියට මා දකිනවා සෑම අවස්ථාවකම විශිෂ්ට දේශකයෙක් හැටියට ලලිත් අලුත් දෙයක් පාර්ලිමේන්තු ඉතිහාසයට එක් කළ බව දුටුවා. ඒ නිසාම ඔහුට අදත් අපි ගරු කරනවා. උතුම් ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙස තම ප්‍රතිවිරුද්ධ මතවාදීන් සමඟ එක්ව සාකච්ඡා කරන්නට පුළුවන් ක්‍රමයක් අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට දායාද කළා. ඊටත් වඩා ඔහු නිර්මාණශීලීව ඇති කළ මහපොළ අපේ රටේ දූ දරු පරම්පරාවගේ අනාගතය සඳහා දෙන සහාය අපමණයි. හැම මවක්ම පියෙක්ම දරුවෙක්ගේ අනාගතය ගැන හිතනවා. ආදරණීය දරුවන්ට ඒ අනාගතය කරා යන්නට තිබුණු විශාල ගැටලු විසඳමින් අපේ ගම්බද නගරබද විශාල ජනතා කොට්ඨාශවල දරුවන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යත්වය එවැනි ප්‍රත්‍යක් ජනිත කරන්නට පුළුවන් බව පෙන්වා දුන්නා. සේවක අර්ථ සාධක අරමුදල ලංකාවේ තිබෙන, ආසියාවේ තිබෙන සේවකයන් සඳහා වූ යෝධතම බැංකුවක් බවට අද පත්වී තිබෙනවා. ආරම්භයේදී කිසිවෙකු හිතුවේ නැහැ මෙවන් ශක්තිමත් යෝධ බැංකුවක් ඒ තුළින් බිහිවෙයි කියලා. ලලිත් ඇතුලත්මුදලි මැතිතුමත් හිතුවේ නැහැ, මේ තරම් යෝධ පෙරළියක්, විප්ලවයක් අධ්‍යාපනයට මේ ආකාරයෙන් දායාද කරන්න හැකි වෙයි කියලා. මේ රට ගොඩනැගිය හැකි දරුවන් මහපොළෙන් බිහිවෙලා රටේ විවිධ ආයතනවලත් ජාත්‍යන්තරව අදත් සේවය කරනවා. මහපොළ වැඩපිළිවෙල යළිත් ආරම්භ කොට ඉදිරියට ගෙනයන ක්‍රියාමාර්ගය අපේ රටේ හැදෙන වැඩෙන පරම්පරාව සඳහායි. එදා මහ පොළ ආරම්භ කරනකොට ඇඟිල්ලෙන් ගණන් කරන්න පුළුවන් තරමට විශ්ව විද්‍යාල තිබුණේ. එදාට වඩා රටේ අද තුන් ගුණයක් හතර ගුණයකට වැඩි ප්‍රමාණයකට රාජ්‍ය විශ්ව විද්‍යාල තියෙනවා. පෞද්ගලික විශ්ව විද්‍යාල විස්සකට වැඩිය මේ රටේ තියෙනවා. අලුත් තොරතුරු තාක්ෂණය හා විද්‍යාව අභියෝගයන් ජය ගන්නට පුළුවන් තත්ත්වයට පරිවර්තනය කරන කේන්ද්‍රස්ථානයක් මහපොළ. අධ්‍යාපනය හා දැනුම එකට එකතු කරන්නට පුළුවන් මහපොළ සෙවණ යට කියලා අලුත් පණිවිඩයක් රටට යවන්න ආරම්භ වී තිබෙනවා. අභියෝග ජයගන්න නම් අපි සම්ප්‍රදාය වෙනස් කරලා, අලුත් අභියෝග ජයගන්න රටක පරම්පරාව විය යුතුයි කියලා මේ මහපොළ කියාපානවා යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු, වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

Post Views: 11
Previous Post

මරඳගහමුල ඉදිකල සහල් ගබඩා සංකීර්ණය ඇමති ප්‍රසන්නගේ මැදිහත්වීමෙන් විවෘත කෙරේ

Next Post

නෙලුම් කුලුනේ Blue Orbit අවන්හල සහ Cosmic උත්සව ශාලාව විවෘත කරන ලදී

editor

editor

Next Post

නෙලුම් කුලුනේ Blue Orbit අවන්හල සහ Cosmic උත්සව ශාලාව විවෘත කරන ලදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved