මධ්‍යම පළාත්, පළාත් පාලන ආයතන යටතේ පවතින පෙර පාසල්වල වර්තමානය වන විට මුහුණු දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා දැනුවත් කිරීම මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (21) සිදුවිය.
ඒ අනුව,රජයේ පෙර පාසල් ගුරු සහ අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය විසින් අදාල ගැටලු මෙලෙස ආණ්ඩුකාරවරයා වෙත යොමු කළ අතර, ඔවුන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුකළ පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරිපත් වු ගැටලු සම්බන්ධයෙන් අදාල අංශ සමග සාකච්ඡා කර විසදුම් ලබාදීමට අපේක්ෂා කර සිටින බවත්, අදාල නිලධාරීන් වෙත ගැටලු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, යම් ප්‍රතිපත්තිමය විසදුමක් අවශ්‍ය අවස්ථාවලදී සහ නිලධාරීන්ගෙන් සාධනීය විසදුමක් නොලැබෙන අවස්ථා වලදී පමණක් පළාත් ආණ්ඩුකාරවරයා වෙත එම කරුණු ඉදිරිපත් කිරීම වඩා උචිත වන බව ද මෙහිදි එම මහතා සදහන් කර සිටියේය.
මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මධ්‍යම පළාත් සහකාර ආණ්ඩුකාර ලේකම් මිහිරාන් බණ්ඩාර, පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්යක්ෂ ටි. කේ. ගුණතිලක, රජයේ පෙර පාසල් ගුරු සහ අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සමස්ත ලංකා කැඳවුම්කරු රංජිත් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් විය.
මාතලේ – මහේෂ්