• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

කොළඹ වරාය නගරයේ ප්‍රගතිය ප්‍රශංසනීයයි

15 February 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ වරාය නගරයේ ආයෝජන කටයුතු සම්බන්ධයෙන් සියලුම සේවාවන් සහ පහසුකම් සලසන ආයතනය ලෙස කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවන ලදි.

ඒ් 2021 මැයි මාසයේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්මත වීමත් සමගය. 2023 ජනවාරි මාසයේදී එහි වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කරන ලද අතර, එය ආයෝජකයන්ට අවශ්‍ය සියලුම තොරතුරු ලබාගත හැකි ආකාරයට සැලසුම් කර ඇත.

එමෙන්ම එය කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මෙන්ම ව්‍යාපෘතියට අදාළ අනෙකුත් පාර්ශ්වයන් සමග සෘජුව සම්බන්ධ වීමේ අවස්ථාවද සලසා දෙයි. මෙම වෙබ් අඩවිය දියත් කිරීම කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වැදගත් සංධිස්ථානයක් වන අතර, ලොව පුරා ආයෝජකයන් ව්‍යාපෘතිය කෙරෙහි උනන්දුව පළකරමින් සිටින මේ මොහොතේ, ආයෝජන සම්බන්ධතා ගොඩනංවා ගැනීම සඳහා එය මහෝපකාරී වනු ඇත. පසුගිය කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය, ඉරානය, සහ එක්සත් රාජධානිය යන රටවල දූත පිරිස් කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා මෙරටට පැමිණියහ.

2023 වසරේ ජනවාරි මාසයේදී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සභාපතීත්වය දරන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී මතුකරන ලද කරුණු සම්බන්ධයෙන් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මගින් ගෙන ඇති ඉක්මන් පියවර පිළිබඳව මෑතකදී එම කාරක සභාවේ ප්‍රශංසාව හිමි විය. කාරක සභාව විසින් කොළඹ වරාය නගර කොමිෂන් සභාව කැඳවනු ලැබීමෙන් අනතුරුව, කොළඹ වරාය නගර භූමිය තුළ පිහිටුවනු ලබන ව්‍යාපාර වල නීත්‍යානුකූලභාවය සහ ඒවායේ විෂයපථය කේන්ද්‍ර කරගත් සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී කාරක සභාව විවිධ බදු ප්‍රතිපත්ති උපුටා දක්වමින්, කොළඹ වරාය නගරයෙන් පිටත ව්‍යාපාර කිරීමට තෝරාගැනීමේ නිදහස ඇති අයදුම්කරුවන්ගේ වරප්‍රසාද පිළිබඳව ප්‍රශ්නය මතුකරන ලදි. වැටුප් සම්බන්ධයෙන් තමන්ට අදාළ වෙනම මානව සම්පත් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට ව්‍යාපාර වලට හැකියාව ඇති නමුත් අනාගතයේ දී මෙය දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පැවසී ය.

මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, අධිභාර සහ දඩ මුදල් පිළිබඳව ප්‍රශ්න කළ අතර, ඒ සම්බන්ධ දඬුවම්වල පරාමිතීන් තීරණය කිරීම සඳහා තමන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ නියාමකයින් සමඟ කටයුතු කරමින් සිටින බව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව තහවුරු කළේ ය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතට අනුකූලව කොළඹ වරාය නගරය තුළ ස්ථාපිත කරනු ලබන බේරුම්කරණ ආයතනය මූලික මට්ටමින් ගැටුම් නිරාකරණය සඳහා මැදිහත් වනු ඇති නමුත්, සියලු අධිකරණමය කටයුතු ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත් සහ අනෙකුත් අධිකරණවල විභාග කෙරෙනු ඇති බව මෙහිදී පෙන්වා දෙන ලදි. බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පැහැදිලි කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන යෙදිය යුතුය යන එකඟතාවට යටත්ව, සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලද සියලුම ගැසට් පත්‍රවලට අනුමැතිය හිමි විය.

2023 වර්ෂයේ අවසානය වන විට “කැසිනෝ” කටයුතු සම්බන්ධ නියාමන අධිකාරියක් පිහිටුවන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දැනටමත් මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී තිබේ. මේ සම්බන්ධව කොළඹ වරාය නගරය කොමිෂන් සභාවෙහි නිලධාරීන්ද සම්බන්ධ කරගන්නා ලෙසට කමිටුව උපදෙස් දෙන ලදී. අධිකරණ කටයුතු සඳහා වන විධිවිධාන ඉදිරියේදී සමාලෝචනය කරනු ඇති බව නීතිපති කාර්යාලය තහවුරු කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

පිටපත – PR

Post Views: 3
Previous Post

ගොවි ගිණුම් අංක වැරැද්දූ නිලධාරින්ට වැඩ වරදියි – ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

Next Post

කිසිවෙකු මඟ නොහැර අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන ලබාදෙන ලෙස ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

editor

editor

Next Post

කිසිවෙකු මඟ නොහැර අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන ලබාදෙන ලෙස ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved