• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදායි පසු ඉවත් කෙරේ

17 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වන දින අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වනදා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ද රජය සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.

දරුවන් එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා විමසා සිටී අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ එහිදී දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 12-19 අතර වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදීමට සෞඛ්‍ය විශේෂඥ කමිටුවේ නිර්දේශය ලැබී ඇති බවයි.

සායනික විශේෂඥ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට යටත්ව දෙමාපියන්ගේ අවසරය ඇතිව අදාළ සායන තුළදීම පමණක් ඔවුන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

වයස අවුරුදු 12-15 අතර වයස් කාණ්ඩවල නිරෝගී දරුවන්නට එන්නත ලබාදීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා විශේෂඥ වෛද්‍ය කමිටුවෙන් කරුණු විමසූ අතර විශේෂඥ කමිටුව පෙන්වා දුන්නේ ලෝකයේ සෙසු රටවල් තවමත් ඒ සඳහා යොමුව නොමැති බවත්, දැනට වයස අවුරුදු 15 – 19 අතර වයස් කාණ්ඩයේ සියලුදෙනාට එන්නත ලබාදීම නිර්දේශ වී ඇති බවත්ය.

ඒ අනුව මෙරට වයස අවුරුදු 15 – 19 අතර වයස් කාණ්ඩයේ දරුවන් සියලුදෙනා එන්නත්කරණය කඩිනමින් අවසන් කිරීමටත්, රෝහල් තුළදී පමණක් එම එන්නත් ලබාදීමටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ දෙමාපියන් නිවැරදිව දැනුවත් කිරීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව සියලු දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

තරුණ තරුණියන් එන්නත්කරණයේ දී තෝරාගත් එන්නත් පමණක් බලාපොරොත්තුවන තත්ත්වයක් දක්නට ලැබෙන බවත්, විශේෂ එන්නතක් මෙතෙක් හඳුන්වා දී නොමැති අතර සියලු එන්නත් ගුණාත්මකභාවයෙන් යුක්ත බවත්, ඒ අනුව විශේෂ එන්නතක් ලැබෙන තුරු බලා නොසිට සියලුදෙනා එන්නත්කරණයට යොමු විය යුතු බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය නිලිකා මලවිගේ යන මහත්ම මහත්මීහු පෙන්වා දුන්හ.

සංකූලතා සහිත පශ්චාත් කොවිඩ් රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඒ සඳහා ග්‍රාමීය ආයුර්වේද රෝහල්වල පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වැනි අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආයතන ප්‍රධානීන් තීන්දු තීරණවලට එළැඹිය යුතු බවද සඳහන් කළේය.

පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද මේ වසරේ පළමු සහ දෙවන කාර්තුවල ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බව සඳහන් කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් කැපවූ සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු පාර්ශ්වයන්ට ස්තූතිය පළ කළේය.

ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාවලිය අඩාල නොවන ආකාරයට අත්‍යාවශ්‍ය සේවාවන් පෙර පරිදිම පවත්වාගෙන යාමට උපදෙස් දුන් ජනාධිපතිතුමා සියලු ආර්ථික මධ්‍යස්ථාන ආඛණ්ඩව විවෘතව තැබීමට ද දැනුම් දුන්නේය.

සිසුන් 200ට අඩු ග්‍රාමීය පාසල් කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි ද අද සාකච්ඡවේ දී විශේෂ අවධානය යොමු විය. එහිදී පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සෞඛ්‍ය නිර්දේශ පිළිබඳ දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන්වල වැදගත්කම ද පැහැදිළි කෙරිණි.

ජනතාව එන්නත්කරණයට උනන්දු කරවීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධාන වගකීමක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වෙත ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සහ ස්වයං රැකියාවල නියැළෙන්නන්ට බාධාවකින් තොරව සිය ජීවනෝපාය මාර්ග කරගෙන යාමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම ද මෙම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පැවරෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන සහ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු සහ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ, පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

රත්වත්තේ ගැන පැමිණිල්ල වහාම විමර්ශනය කරන්න – ඇමැති සරත්

Next Post

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 7 වන සංවත්සරය සමරයි – ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම්

editor

editor

Next Post

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 7 වන සංවත්සරය සමරයි - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved