මහින්ද රාජපක්ෂ මහතා දැන් අධිකරණයේ ගැන කිඹුල් කඳුළු හෙළන බව අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පි.හැරිසන් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවෙ ඊයේ (19) අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
එහිදී හැරිසන් මහතා කියා සිටියේ මේ වන විට රාජපක්ෂවරුන් අධිකරණය ස්වාධීනයි අධිකරණය විශ්වාසයි කියන නමුත් රාජපක්ෂවරුන්ගේ ඉතිහාසය සුන්දර නොමැති බවයි.
නමුත් අපේ රජය සමයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය යටතේ රාජ්‍ය සේවා කොමිසම පොලිස් කොමිසම ඒ වගේම අධිකරණ කොමිෂන් සභාව ශක්තිමත් කළ බව හෙතෙම අවධාරණය කළේය.
ඒ අනුව අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන මෙම නඩු තීන්දු පිළිබඳව මුළු ලෝකයම අවධානයෙන් බලා සිටින බවත් අධිකරණය ස්වාධීනව සාධාරණව අපක්ෂපාතීව තීන්දු දීම පිළිබඳව සියලු ම දෙනා පිලිගන්නවා බව ඔහු සඳහන් කර සිටියේය.
දිලිනි සමන්මලි