• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ INSEE Cement කඩොලාන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජූනි මාසයේදී ඇරඹීමට සැලසුම්

31 May 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ එකම පූර්ණ ලෙස ඒකාබද්ධ වූ සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE Cement ක්‍රියාවට නංවන කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළමු අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.

මේ යටතේ අරුවක්කාලු ප්‍රදේශයේ සේරක්කුලිය කලපුවේ හෙක්ටයාර දෙකක ප්‍රදේශයක් ආවරණය කරන ලදි. ප්‍රථම අදියර තුළ අත්කරගත් සාර්ථකත්වය හේතුවෙන්, එහි දෙවැනි අදියර ජූනි මාසයේදී ගාල්ල ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති අතර, මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් හෙක්ටයාරයක ප්‍රදේශයක කඩොලාන ප්‍රතිසංස්කරණය සිදුකෙරෙනු ඇත.

භූමියට හා ජලාශ වලට අහිතකර බලපෑමක් නොවන ආකාරයට තම කර්මාන්තශාලා පවත්වාගෙන යාමට INSEE Cement සමාගම දරන උත්සාහය නිසා, ජෛව විවිධත්වය හා ජලය ආරක්ෂා කිරීම සමාගමේ 2030 තිරසාරත්ව අභිලාෂයේ ප්‍රධානතම අංගයක් බවට පත්වී තිබේ. මෙය සමාගමේ ක්‍රියාකාරීත්වය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සහ ‘Science Based Targets initiative’ (SBTi) ඇතුළු සමාජ, ආර්ථික හා පාරිසරික තිරසාරත්ව වැඩසටහන් සමග සමපාත කරවන, සමස්ත සමූහ ව්‍යාපාරයම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවෙන, පරිපූර්ණ හා දීර්ඝකාලීන ක්‍රමෝපායකි. දේශීය නියාමනයන්ට අනුකූලව හුණු ගල් කැඩීම සිදුකරමින්, ඒ ඔස්සේ පරිසරයට සිදුවන බලපෑම අවම කරමින්, පාරිසරික ප්‍රතිසංස්කරණ වැඩසටහන් ඔස්සේ ‘Net Positive Impact (NPI)’ මට්ටම ළඟා කරගැනීම මෙම ක්‍රමෝපායෙහි මූලික අරමුණ වී තිබේ.

කඩොලාන යනු සාගරය සහ ගොඩබිම මුණගැසෙන ස්ථාන වල ජීවීන්ට වාසස්ථාන සලසන සුවිශේෂී පරිසර පද්ධති එකතුවකි. ඒවා වාණිජ මත්ස්‍ය වර්ග සහ කොරල් පර මත්ස්‍ය වර්ග ඇතුළුව ජලජ හා ගොඩබිම් ජීවීන් වර්ග රාශියකට ආහාර හා අභිජනන ස්ථාන බවට පත්වී ඇත. එමෙන්ම කඩොලාන ශාක සාමාන්‍ය ශාක වලට වඩා හතර ගුණයක් වැඩියෙන් වාතයෙන් කාබන් වෙන් කරන අතර, ගෝලීය සාගර සඳහා අත්‍යවශ්‍ය ඓන්ද්‍රීය කාබන් වලින් 10% කට වඩා සපයයි. ශ්‍රී ලංකාවේ කඩොලාන ආවරණය හෙක්ටයාර 15,000 කට වැඩි ලෙස සැලකෙන නමුත්, 1980 සහ 2005 අතර කාලය තුළ මෙරට කඩොලාන ආවරණයෙන් 25% කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ගොස් තිබේ. කෘෂිකාර්මික කටයුතු වල ව්‍යාප්තිය නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් කඩොලාන හෙක්ටයාර 3,000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත.

පසුගිය දශකයක කාලය තුළ INSEE Cement සමාගම පුත්තලම හා ගාල්ල යන ප්‍රදේශ වල පිහිටි තම කර්මාන්තශාලා ආසන්නයේ වෙරළබඩ ප්‍රදේශ වල කඩොලාන නැවත වගා කිරීමේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නංවා තිබේ. මේ වනවිට මෙම ව්‍යාපෘති යටතේ හෙක්ටයාර 01 ක ප්‍රදේශයක් ආවරණය කර ඇති අතර, 2023 වසර වන විට හෙක්ටයාර 66 ක් පුරා කඩොලාන නැවත වගාකිරීමට සමාගම බලාපොරොත්තු වෙයි. මෙම ඉලක්කයට කොග්ගල ඔයද ඇතුළත් වී ඇත. ජෛව විවිධත්වයෙන් අනූන දූපත් 21 කින් සහ හෙක්ටයාර 5,500 ක භූමි ප්‍රදේශයකින් යුත් කොග්ගල ඔයේ කඩොලාන පරිසර පද්ධති තුළ සංක්‍රමණික, ආවේණික හා දේශීය පක්ෂීන් වර්ග රාශියක් හමු වේ.

“අතීතයේ පටන්ම INSEE Cement සමාගම ජෛව විවිධත්වය කළමනාකරණය කිරීමට හා ආරක්ෂා කිරීමට විශාල පරිශ්‍රමයක් දරමින් සිටිනවා. අපගේ 2030 තිරසාර අභිලාශය ඔස්සේ, අපගේ කර්මාන්තශාලා පිහිටි ප්‍රදේශ වල ජනතාවගේ ජීවනෝපායන් මෙන්ම සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන මෙම පරිසර පද්ධති වෙනුවෙන් ක්‍රමෝපායිකව වැඩසටහන් සැලසුම් කරමින් සහ ආයෝජනය කරමින් ඒවා ආරක්ෂා කරගැනීම අපගේ ඉලක්කයයි. මේ දක්වා අප ක්‍රියාත්මක කළ වැඩසටහන් සියල්ලම කැපීපෙනෙන සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබීම අපට මහත් සතුටක්. වඩාත් හරිත හා තිරසාර අනාගතයක් වෙනුවෙන් ඉදිරියටත් අපගේ විනාශ වී ගිය පරිසර පද්ධති හඳුනා ගැනීමටත්, නිරීක්ෂණය කිරීමටත්, ඒවා නැවත ප්‍රකෘතිමත් කිරීමටත් දිගින් දිගටම කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” INSEE Cement සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා පැවසී ය.

මෙම කඩොලාන නැවත වගාකිරීමේ ව්‍යාපෘතිය, INSEE Cement සමාගමේ ජාත්‍යන්තර ඇගයීම් වලට පාත්‍ර වූ ජෛව විවිධත්ව වැඩසටහනක් වන අරුවක්කාලු හුණුගල් නිධියේ පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමේ ව්‍යාපෘතියෙහි දිගුවකි. මෙම හුණුගල් නිධිය තුළින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා සිමෙන්ති නිෂ්පාදනය කිරීම සඳහා නැවුම් සහ උසස් ප්‍රමිතියෙන් යුත් හුණුගල් ලබාගැනේ. සමාගමේ ජෛව විවිධත්ව සංරක්ෂණ පරිශ්‍රමයන් යටතේ මේ වනවිට හුණුගල් නිධි, වැසි වනාන්තර, කඩොලාන සහ කොරල් පර ඇතුළු පරිසර පද්ධති වල හෙක්ටයාර 132 කට වැඩි ප්‍රදේශයක් ප්‍රතිසංස්කරණය හෝ පුනරුත්ථාපනය කිරීම සිදුකර ඇත.

 

 

Post Views: 7
Previous Post

ශෂි වීරවංශ ඇප මත මුදා හැරේ

Next Post

2019 පසු බදු ලිහිල් කිරීම නිමා රුපියල් බිලියන 600 ත් පාඩුයි – අගමැති කාර්යාලය

editor

editor

Next Post

2019 පසු බදු ලිහිල් කිරීම නිමා රුපියල් බිලියන 600 ත් පාඩුයි - අගමැති කාර්යාලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved