8 September 2024
#දේශීය

බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නැව අද කොළඹ වරායට

මෙවර මහ කන්නයට Miuriate of Potash (MOP) හෙවත් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව අද රාත්‍රී (03) කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එම බණ්ඩි පොහොර තොගය ගොඩ බෑම හෙට දින (03) හවස් වරුවේ සිට සිදු කිරීමට නියමිතව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කළ විමසීමක දී කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.

එමෙන්ම එක්සත් ජාතින්ගේ ආහාර හා කාෂිකර්ම සංවිධානය විසින් මෙරට දිස්ත්‍රික්ක 08 සෙසෙන අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබා දීමට නියමිත යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9000ක ප්‍රමාණයක් රැගත් නෞකාව අද දින (02) උදේ කොළඹ වරායට සේන්දු විය. මේ වනවිට එම පොහොර ගොඩ බෑම ආරම්භ කර තිබේ. මෙම යුරියා පොහොර ‌ තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම 2022.12. 05 දින පෙරවරු 09.00ට කොළඹ වරායේ දී සිදු කෙරේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාහට එම පොහොර තොගය බාර දීම සිදු කිරීමේ අවස්ථාවට මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිත Hannah Singer මහත්මිය හා එක්සත් ජාතින්ගේ ආහාර හා කාෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන මහත්ම මහත්මීහුගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *