• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල්වල පවතින ගුරු හිඟය පියවා ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරයකු පන්ති කාමරයට යැවිය යුතුයි – අධ්‍යාපන ඇමති සුසිල්

29 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාසල්වල පවත්නා ගුරු හිඟය පියවා ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරයකු පන්ති කාමරයට යැවීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දළදා මාලිගාවේ පැවති 195 වන පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල රැස්වීමට සහභාගි වීමෙන් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ, 2018, 2019, 2020 කාල පරිච්ඡේදවල රාජ්‍ය සේවයට එක් වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් ඉලක්ක කර මෙම පත්වීම් ලබා දෙන අතර වයස අවුරුදු 40 නොයික්මවන සියලු ම ඌන සේවා නියුක්ත උපාධිධාරීන්ට ද මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.

ඒ සඳහා අන්තර්ජාල මාර්ගගත ක්‍රමය හෙවත් ‘online’ (http://applications.doenets.lk/exams) අයදුම්පත් යොමු කිරීමට සති දෙකකට වැඩි කාලයක් ලබා දී ඇත. අයදුම්කරුවන්ට තම පළාත, ආසන්න පළාත හෝ කැමති ඕනෑ ම පළාතක් වසර 5ක සේවා කාලයක් සඳහා ඉල්ලුම් කිරීමට අවකාශ පවතී. මෙහි දී ලැබෙන ඉල්ලුම්පත් සංඛ්‍යාව මත දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරමින් පවතින අතර බොහෝවිට මෙම විභාගය මාර්තු මාසය තුළ පැවැත්වීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.

එම විභාගයේ ලකුණු පළාත් මට්ටමින් නිකුත් කෙරෙන අතර පළාත් පාසල් සඳහා පළාත් මට්ටමිනුත් ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමිනුත් සම්මුඛ පරීක්ෂණ පවත්වා වසර තුනක පරිවාස කාලයකට යටත් ව අභ්‍යාසලාභීන් ලෙස පත්වීම් ලබා දෙන බවත් ඉන් අනතුරු ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමෙන් ම මෙම පරිවාස කාල සීමාව තුළ අභ්‍යාසලාභීන් විසින් ජාතික අධ්‍යාපන ආයතනයේ පශ්චාද් අධ්‍යාපන ඩිප්ලෝමාව සම්පූර්ණ කරමින් රට පුරා පිහිටි එම ආයතනයේ මධ්‍යස්ථාන ඇසුරින් න්‍යායාත්මක වූත් ප්‍රායෝගික වූත් විධිමත් ගුරු පුහුණුවක් ලබාගත යුතු බවත් ඒ අනුව පාසල් පන්ති කාමරයට ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරයකු යැවීම අවසන් අරමුණ බවත් අමාත්‍යවරයා පැවසී ය.

මීට අමතර ව ලබන පෙබරවාරි මාසයේ ප්‍රතිඵල සහතික කිරීමෙන් අනතුරු ව විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් සඳහා ද ගුරුපත්වීම් ලබා දී පසුගිය වර්ෂාවසානයේ ගුරුවරුන් විශාල පිරිසක් එක වර විශ්‍රාම යෑමෙන් ඇති වූ ගුරු පුරප්පාඩු ඇතුළු ගුරු හිඟය පියවීමටත් එමගින් ගුරු ස්ථාන මාරු තුලනය කිරීමටත් අපේක්ෂා කරන බව ද මෙහි දී තවදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Post Views: 11
Previous Post

පුංචි ඡන්දයෙන් පසු සෑම ගමකටම උපදේශක සභාවක් – විපක්ෂනායක සජිත්

Next Post

කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණයි – ජනපති

editor

editor

Next Post

කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved