• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලනිපය හැදූ එච්. ශ්‍රී නිශ්ශංකගේ අතීත කතාව

9 June 2018
in විදෙස්

යටත් විජිත පාලන තන්ත්‍රයේ නිලතල දෙනු ලැබුවේ අධ්‍යාපනික හෝ වෙනත් සුදුසුකම් අනුව නොව පවුල් පැලැන්තිය අනුවය. ස්වදේශික ජනයාගේ පක්ෂපාතීත්වය දිනා ගන්නා උපක්‍රමයක් ලෙස පෘතුගීසීහු මේ ක්‍රමය භාවිත කළහ. එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ පියා වූ නිශ්ශංක දිබේරිස් මැන්දිස්ද එම පෘතුගාල උෟරුවට නම්බුනාම ලැබූ අයෙකි.

නිශ්ශංක දිවේරිස් මැන්දිස් නම් එච්. ශ්‍රී නිශ්ශංකගේ පියා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා එංගලන්තය බලා ගොස් නීතිය උගත් අයෙකි. ඔහු මිඩ්ල් ටෙම්පල් නම් නීති ආයතනයට බැඳී නීතිය උගෙන බැරිස්ටර්වරයකු වී තිබේ. වෘත්තීයමය වශයෙන් ඔහු දිනා සිටි කීර්තිය නිසාම එංගලන්තයේ ජෝර්ජ් මහ රජුගේ නීති කාර්යාලයේ සේවයට කැඳවා තිබී ඇත. පසු කලෙක ලංකාවට පැමිණි හෙතෙම දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳී තිස්පස් වසරක් සේවය කර ඇත.

ඔහු විවාහ වූයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ඥාති සබඳතා ඇති අනෝමා වික්‍රමරත්න සමඟය. එම දෙපළගේ පුත්‍රයා එච්. ශ්‍රී නිශ්ශංක විය. නිශ්ශංක අධ්‍යාපනය සඳහා ඇතුළු වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයටය. ආනන්දයේ දහම් පාසල ආරම්භ කළේ ඩී.බී. ජයතිලක විසිනි. නිශ්ශංකගේ බුද්ධාගම පිළිබඳ උනන්දුව මුවහත් වූයේ එමඟිනි. ඔහු පියාගෙන් පැමිණි ලිවේරිස් මැන්දිස් වැනි පරගැති නම් ඉවත හළේය. එච්. ශ්‍රී නිශ්ශංක නම භාවිතාවට ගත්තේය.

ඉරිදා දහම් පාසලේ පළමු වැන්නා බවට පත්වී ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණි ශ්‍රී මත් හෙන්රි ඕල්කොට් මැතිතුමාගෙන් ත්‍යාග ලබැගැනීම එකල එච්. ශ්‍රී ගේ මහත් අභිමානයට හේතු විය. දේශය හා ආගම ගැන බාරොන් ජයතිලක මහතා ශිෂ්‍යයන් තුළ ගැඹුරු හැඟීම් ඇති කළ අතර නිශ්ශංක සිසුවාද ඊට අනුරූපව ජීවිතය හැඩගසා ගත්තේය.

බි්‍රතාන්‍ය පාලන සමයේ 1915දී සිංහල, මුස්ලිම් කොලාහලය පැනනැඟිණි. එය පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසාම ඇති වූවකි. ශිෂ්‍යයකු වූ ශ්‍රී නිශ්ශංක නිතර දේශාභිමානය වඩවන කවි ලිවීම පුරුද්දක් වශයෙන් කළේය. ඒ මාර්ෂල් ලෝ නීතිය ක්‍රියාත්මකව තිබූ අවස්ථාවය. නිශ්ශංක තම කවි පන්තියක් තැපැල් මඟින් මිතුරකුට යැවීය. ලිපි ලේඛන සම්බන්ධව ඒවන විටත් වාරණ නියෝගයක් නිකුත් කර තිබිණි. නිශ්ශංකගේ ගිනි ඇවිළෙන කවි පන්තිය වාරකයාට අසුවිය. එහි ප්‍රතිඵලය වූයේ අවි අමෝරාගත් යුද භටයන් විසින් නිශ්ශංකලාගේ නිවස වට කිරීමය. නමුත් බාල වයස්කාරයකු වූ බැවින් නිශ්ශංකව අත්අඩංගුවට ගත්තේ නැත. කවි පන්තිය හමුදාව භාර හාට්ලි මහතාට යවනු ලැබීය. ඔහු සියල්ලන් මවිතයට පත් කරමින් තරුණයාගේ නිර්මාණාත්මක කුසලතාවලට අත දියයුතු බව ප්‍රකාශ කළේය.

ඉහත සිදුවීමෙන් දින දෙකකට පසුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ එඩ්වඩ් හෙන්රි පේදිරිස් තරුණයා වෙඩි භට පිරිසක් විසින් මරා දැමුවේය. පේදිරිස් මරණයට යටත්කර තිබියදී ධනපතියකු වූ ඔහුගේ පියා තම පුතුගේ බරට රත්රන් දෙන බව ප්‍රකාශ කරමින් ඔහු නිදහස් කර දෙන්නැයි යටත් විජිත ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. මේ පුවත ආරංචි වූ විගස හමුදා බලධාරියා වූ හාට්ලි මහතා වහා යතුරුපැදියක නැඟී රජ ගෙදරට ගියේය. ඔහුට පේදිරිස් බේරාගත නොහැකි විය. 1921දී එච්. ශ්‍රී නිශ්ංශංක මහතා ලන්ඩන් නුවරදී හමු වූ අවස්ථාවේ හාට්ලි විසින් මේ බව පවසා තිබේ.

හෙන්රි පේදිරිස් තරුණයාට නියම කළ මරණ දඬුවමට අනුව වෙඩි තබන්නට පෙර ඔහුගේ මුහුණ කළු රෙදි කඩකින් වසා දමන්නට හදද්දී ඔහු ඊට විරුද්ධ වී එය ඉවතලා එඩිතරව මරණයට මුහුණදී ඇත. පේදිරිස්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවේ ටෙම්පල් ලේන්හි සිය නිවෙසේ සිටි නිශ්ංශක තරුණයාගේ කන් අඩිය වෙඩි හ¾ඩින් පුපුරා ගියේ යැයි ඔහු දේශාභිමානී කවි පන්තියක ලියා ඇත.

කොළඹ රාජකීය සිසුහු තම නිර්භීත සොයුරාට ගරු කරමින් ඒ දිනවල කළු අත්පටි හා ටයි පටි පැලැන්දෝය. කෝර්ට් මාර්ෂල් නමැති යුද අධිකරණය නිර්දෝෂී සිංහල නායකයන් රාශියකම මරණ දඬුවම් නියම කළේය.

සිවිල් සේවාවට ඇතුළත් ප්‍රථම සිංහලයා වූයේ පුංචි බණ්ඩා හේරත්ය. ඔහුට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත්වරයා ලෙස පත්වීම ලැබිණි. නිර්දෝෂී මිනිසුන් මරණයට පත් කරන්නට බැරි බව පවසමින් ඔහු ඉල්ලා අස් වූයේය. ඉංගී්‍රසි ආණ්ඩුව ඔහුට නැවත රැකියාවක් දුන්නේ නැත.

 

උපුටා ගැනීම – මව්බිම 

 

Post Views: 6
Previous Post

අනුරගේ 20 ට රටට හොඳ නැති බව විමල් කියයි

Next Post

මුදලට විකිණෙන දේශපාලකයන්ගෙන් රටට යහපතක් සිදුවන්නේ නැහැ

editor

editor

Next Post

මුදලට විකිණෙන දේශපාලකයන්ගෙන් රටට යහපතක් සිදුවන්නේ නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved