• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමු වෙයි

21 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් (Shen Yiqin) මහත්මිය ඇතුළු දුත පිරිස අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ලබාදෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා මෙහිදි සිය ස්තූතිය පිරිනැමීය.

එසේම සංචාරක, ක්‍රීඩා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය සහ වරාය නගරය මේ වන විට ආයෝජන සඳහා සූදානම්ව පවතින බවද සඳහන් කළේය.

එක් තීරයක් – එක් මාවතක් (Belt & Road) වැඩසටහනේ පාර්ශ්වකරුවන් වූ ශ්‍රි ලංකාව වැනි රටවල් ආර්ථික වශයෙන් වැඩි දායකත්වයක් ලබාදෙන එම වැඩසටහනේ දෙවන අදියරට පිවිසීමට සූදානමින් සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) වෙත ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.

ඉන්දියන් සාගරය නාවික කටයුතු සම්බන්ධයෙන් නිදහස් කලාපයක් ලෙස මෙන්ම ලෝක භූ දේශපාලන එදිරිවාදිකම්වලින් මිදී පවතින සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චීන – මියන්මාර් ආර්ථික කොරිඩෝව ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ද චීනයේ අවධානය යොමුව ඇතැයි විශේෂ නියෝජිතවරිය මෙහිදී පැවසුවාය.

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවකට එළැඹිණි.

චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව මෙහිදී යළි තහවුරු කළ ශෙන් යික්න් මහත්මිය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බවද අවධාරණය කළාය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

තමාගේ ලිපිගොනු සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සොරකම් කළා – විපක්ෂ නායක සජිත්ගෙන් දැඩි චෝදනාවක්

Next Post

ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම ජනපතිට පිළිගන්වයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම ජනපතිට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved