8 September 2024
#දේශීය #පුවත්

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතයි

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්ද 44 කින් සම්මත විය.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අවසානයේ විපක්ෂය විසින් විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව103ක්ද විපක්ෂව ඡන්ද 59 ක්ද හිමිවිය.

පනත්කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්වූ අතර අනතුරුව තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

විදුලිබල ක්ෂේත්‍රයට සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත 2024 අප්‍රේල් 25 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ;

http://documents.gov.lk/files/bill/2024/4/481-2024_S.pdf

Leave a comment

Your email address will not be published. Required fields are marked *