• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Uber 2022 වාර්තාවෙන් හෙළිවන ශ්‍රී ලාංකිකයන්ගේ රුචි අරුචිකම්

13 January 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Uber Eats හරහා ශ්‍රී ලාංකිකයන් ආහාරපාන සහ එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩ ඇණවුම් කළ ආකාරයන් සම්බන්ධ වාර්තාවක් Uber මගින් එළිදක්වා ඇත. ලූනු පිළිබඳව ශ්‍රී ලාංකිකයන් තුළ පවතින සුවිශේෂී කැමැත්ත සහ අකැමැත්ත ඇතුළු බොහෝ කරුණු එමගින් හෙළි වී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ, ලූනු ශ්‍රී ලාංකිකයන් වැඩියෙන්ම ඇණවුම් කළ එදිනෙදා භාණ්ඩ අතරට ඇතුළත් වී ඇති නමුත්, පිසූ ආහාරපාන වලට යෙදීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයන් වැඩියෙන්ම ඉල්ලා ඇති ද්‍රව්‍යයද ලූනු වීම ය.

‘Uber Eats Cravings Report 2022’ නමින් හැඳින්වෙන මෙම වාර්තාව, ආහාරපාන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ රුචි අරුචිකම් පිළිබඳව සුවිශේෂී කරුණු රැසක් හෙළිකරයි.

ලූනු නොයොදන ලෙස ඉල්ලා සිටීමට අමතරව, වඩාත් කට දැවිල්ල සහිත වන ආකාරයට තම ආහාරපාන පිළියෙල කරන ලෙස ශ්‍රී ලාංකිකයන් නිතර ඉල්ලීම් කර ඇත. ‘Make it Spicy’, ‘Extra Spicy’ සහ ‘No Sugar’ වැනි ඉල්ලීම් මේ සඳහා ඔවුන් නිතර භාවිතා කර තිබේ. එමෙන්ම ශ්‍රී ලාංකිකයන් අතිශයින් ආචාරශීලී බවත්, ඔවුන් බොහෝ විට තම උපදෙස් වලදී ‘කරුණාකර’ (Please) යන්න භාවිතා කර ඇති බවත් මෙම වාර්තාව හෙළිකරයි.

ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන ආහාරවේල් අතර ඇණවුම් කළ කෙටි කෑම වර්ග ලයිස්තුවේ ඉහළින්ම ඇත්තේ මාළු පැටිස්, චිකන් පෆ් පේස්ට්‍රි සහ මාළු පාන් යන ආහාර වර්ග ය.

ශ්‍රී ලංකාව තේ සම්බන්ධයෙන් ලොව පුරා ජනප්‍රියත්වයක් උසුලන රටක් වුවද, පාන වර්ග අතරින් කිරි තේ වලට වඩා වැඩි ඉල්ලුමක් හිමිකර ගැනීමට අයිස් කෝපි සමත් වී තිබේ.

ආහාර වර්ග අතරින් බත් වලට ප්‍රමුඛත්වය හිමි වීම පිළිබඳව කිසිවෙකුත් පුදුමයට පත් නොවනු ඇත. ශ්‍රී ලාංකිකයන් ඇණවුම් කළ ආහාර වර්ග මිලියන ගණනක් අතරින් පහෙන් තුනක්ම බත් මූලික කරගත් ආහාර බව මෙම වාර්තාව පෙන්වා දෙයි. එහි දැක්වෙන ආකාරයට, ශ්‍රී ලාංකිකයන් වැඩියෙන්ම ඇණවුම් කළ ආහාර වර්ග ලැයිස්තුව මෙසේ ය.
• ස්පයිසි චිකන් සබ්
• මික්ස් ෆ්‍රයිඩ් රයිස්
• නාසි ගුරන්
• චිකන් බිරියානි
• චිකන් බර්ගර්

ශ්‍රී ලාංකිකයන් ඇණවුම් කරන එදිනෙදා භාණ්ඩ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකු අපේක්ෂා කරන ආකාරයටම, ප්‍රමුඛත්වය හිමි වී ඇත්තේ එළවලු සහ කිරි වලට ය. එම ලැයිස්තුව මෙසේ දැක්වේ.

• තක්කාලි
• කැරට්
• ලොකු ලූනු
• බෝංචි
• කිරි (ෆ්‍රෙෂ් මිල්ක්)

එමෙන්ම මෙම භාණ්ඩ සහ ආහාරපාන තමන් වෙතටම රැගෙන එන ඩිලිවරි සේවා හවුල්කරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමටද ශ්‍රී ලාංකිකයන් නොමසුරුව කටයුතු කර තිබේ. ඒ අනුව එම ඩිලිවරි සේවා හවුල්කරුවන් වෙනුවෙන් සන්තෝසම් මුදල් ලෙස ඔවුන් පසුගිය වසර තුළ ලබාදුන් මුදල රු. 82,000,000 ඉක්මවයි.

බොහෝ දෙනෙකුට තමන් ප්‍රියතම අවන්හල ලෙස සලකන ස්ථාන ඇති නමුත්, එක් පාරිභෝගිකයෙකු 2022 වසර තුළ එක් අවන්හලකින් 294 වරක් ඇණවුම් කරමින්, ‘ප්‍රියතම අවන්හල’ යන්නට නව අරුතක් ලබාදී ඇති බව ‘Uber Eats Cravings Report 2022’ පෙන්වා දෙයි. එමෙන්ම එම වසරේ ඇණවුම් අතරින් ඉහළම වටිනාකමකින් යුත් ඇණවුමේ වටිනාකම රු, 62,600/- කි.

ඉහත සඳහන් කරුණු අනුව අපට පෙනී යන්නේ ශ්‍රී ලාංකිකයන් සැර වැඩි සහ පැණි රස අඩු ආහාර වලට සහ බත් වර්ග වලට වැඩි කැමැත්තක් දක්වන බවයි.

පාරිභෝගිකයන්ගේ රුචිකත්වය කුමක් වුවත්, ඊට ගැළපෙන ආහාරපාන නොපමාව ඔවුන් වෙත රැගෙන ඒමට Uber Eats සූදානමින් සිටී.

පිටපත – PR

Post Views: 1
Previous Post

ඡන්දය කල්දාන්න රනිල්ට ඉඩ නොදෙන බව අනුර දිසානායක කියයි

Next Post

චීනයෙන් මෙරටට පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක ප්‍රදානය කෙරේ

editor

editor

Next Post

චීනයෙන් මෙරටට පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක ප්‍රදානය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved