• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

මිනිස් වෙළදාමට විරුද්ධව ගන්නා පියවර ඇමරිකාවේ ඇගයීමට ලක්වේ

8 July 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නීති විරෝධී මිනිස් වෙළදාමට එරෙහිව කටයුතු කරන රටවල් අතර ඉදිරියට පැමිණීමට ලංකාවට හැකියාව ලැබී ඇති බවත් මිනිස් වෙළදාමට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගන්නා පියවර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇගයීමට ලක්ව ඇති බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ තැනැන්තන් වෙළදාම සම්බන්ධයෙන් වන නවතම වාර්තාව අනුව ලංකාව දෙවැනි මට්ටමේ රැදී සිටින අතර මිනිස් ජාවාරමට විරුද්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන තිබෙන පියවර පිළිබද එහි විශේෂ ඇගයීමට ලක් කර තිබේ. මෙය ජාත්‍යන්තර වශයෙන් ලංකාවට ආධාර ලබාගැනීමේදී රටට වාසිදායක බවද නියෝජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය

“මිනිස් වෙළදාම කියන්නේ දේශසීමාවන් ඉක්මවා ගිහින්, අධිකරණ බල සීමාවන් ඉක්මවා ගිහින් ජාත්‍යන්තරව සංවිධායන වෙලා කරන අපරාධවලින් එකක්. මිනිස් වෙළදාම ජාත්‍යන්තරව වගේම ලංකාවේත් නීති විරෝධීයි. මිනිස් වෙළදාමට සම්බන්ධවෙන කවුරුන් හෝ වේ නම් ඔවුන්ට දණ්ඩ නීති සංග්‍රහය අනුව දඩුවම් ලබාදිය හැකියි.

මිනිස් වෙළදාමට විරුද්ධව විධිමත්ව කටයුතු කිරීම සදහා කාර්යසාධක බලකායක් පිහිටුවනු ලැබුවා. අධිකරණ අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එකතු වෙලා තමයි මේ කාර්ය සාධක බලකාය පිහිටවා තිබෙන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ මිනිස් වෙළදාම මැඩලීමේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. තලතා අතුකෝරළ ඇමැතිවරියගේ කාලයේදී මෙය ආරම්භ කළා. වර්තමානයේවිදේශ රැකියා ක්ෂේත්‍රය භාර කැබිනට් ඇමැතිවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් මිනිස් වෙළදාම වැලැක්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැත්තෙන් ගන්න පුළුවන් උපරිම පියවර ගැනීමට අපිට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු දැඩි අවධානයකින් පසුවෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මිනිස් වෙළදාමට එරෙහිව පිහිටුවා තිබෙන ඒකකය විසින් මේ ගැන ලැබෙන පැමිණිලි වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරනවා. ඒ අතරම දිවයින පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජනතාව දැනුවත් කරනවා.

මේ වසරේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධී මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් වන වාර්ශික වාර්තාව සකස් කිරීමේදී මහජනතාව මේ වරද සම්බන්ධයෙන් දැනුවත් කිරීමට රාජ්‍යයන් ගෙන ඇති පියවර ගැන අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිවයින පුරා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන, රාජ්‍ය නිලධාරීන් හා පොදු මහජනතාව දැනුවත් කිරීමට ගෙන තිබෙන පියවර අගය කර තිබෙනවා. ඒ ව‌ගේම තමයි විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් මිනිස් වෙළදාමට ගොදුරුවීම වැලැක්වීම සදහා තානාපති කාර්යාලවල නිලධාරින් දැනුවත් කිරිමට පියවර ගත්තා. ඒ පියවරන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇගයීමට ලක්ව තිබෙනවා.

නීති විරෝධි මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් අපි ගන්නා පියවර මෙතැනින් නැවැත්විය යුතු නැහැ. තවදුරටත් ඉදිරියට යාමට අවශ්‍යයි. ඉදිරියේදී මිනිස් වෙළදාම මුලිනුපුටාදැමීම සදහා පනතේ අඩංගු ප්‍රතිපාදනයන් හි අවම ප්‍රමිතීන් සම්පූර්ණ කරගැනීම සදහා අනුගත වන රටක් බවට ලංකාව පත් කරගත යුතුයි. මිනිස් ජාවාරම් වැලැක්වීමට පියවර ගන්නා රටවල් අතර පළමු මට්ටමේ රටක් බවට පත්වීමට ලංකාවට හැකියාව ලැබෙනවා. ඒ ඉලක්කය කරා අපි යා යුතුයි. ඒ සදහා මිනිස් වෙළදාම වැලැක්වීම සදහා වන කාර්ය සාධක බලකාය සමග සමීපව කටයුතු කරනවා.

Post Views: 5
Previous Post

රටට ඕන හොරකම් කරන්නේ නැති කෙනෙක්

Next Post

ඉළුක්පොතකන්ද වන වගා ව්‍යාපෘතිය

editor

editor

Next Post

ඉළුක්පොතකන්ද වන වගා ව්‍යාපෘතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved