• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෞද්ධ මහා සම්මේලනයේ වෙසක් වැඩසටහන් නිල වශයෙන් එළි දැක්වේ

19 May 2024
in දේශීය, පුවත්
බෞද්ධ මහා සම්මේලනයේ වෙසක් වැඩසටහන් නිල වශයෙන් එළි දැක්වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වෙසක් කලාපය හා නිල ලාංඡනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) අරලියගහ මන්දිරයේදී එළි දැක්විණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා “බුදුරජාණන් වහන්සේ අපිට දායාද කළ උතුම් බොදු මඟ බෞද්ධ මහා සමේලනය විසින් අප රටේ ජනතාවට පමණක් නොව ලොවටම දායාද කරනවා. මෙවර වෙසක් පුණ්‍යෝත්සවය තවත් ශක්තිමත් කිරීමට මෙලෙස සංවිධානය කරන වැඩසටහන් දායක වෙනවා. මේ රටේ ජ්‍යෙෂ්ඨතම හා ශක්තිමත්ම බෞද්ධ නායකයන් විසින් පෝෂණය කළ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පරමාර්ථ, වැඩසටහන් සාර්ථක කිරීමට හා අප සමාජය තුළ එය තැන්පත් කිරීමට සියලු දෙනා එකමුතු කරගනිමින් ලබාදෙන නායකත්වය සුවිශේෂයි. අපි තවමත් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරනවා.බෞද්ධ මහා සම්මේලනය අඛණ්ඩව අපේ දේශීයත්වයට, ගම්බද බෞද්ධයන්ගේ දියුණුවට, ආර්ථිකයේ, ජාතියේ ශක්තිය ගොඩනැගීමට ලබා දෙන ආදර්ශයන් මේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයේ ගෞරවයෙන් සිහිපත් කරනවා. ලොව විවිධ අවස්ථාවන් වල ජාත්‍යන්තර සාකච්ඡා වාරවල බෞද්ධ මහා සම්මේලනය තැන්පත් කළ අදහස් සාකච්ඡාවට භාජනය වී වර්ධනය වී තිබෙන බව ගෞරවයෙන් සඳහන් කරනවා.මේ කාල පරිච්ඡේදයේ ආබාධිතයන් සඳහා වු සමුළුව රැස්වෙනවා. එවන් මොහොතක ආබාධිතයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්, කෘතිම පාද ආදිය පරිත්‍යාග කරන වැඩසටහන ඇති කිරීම සුවිශේෂයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ එවැනි දායකත්වයක් දක්වන අවස්ථාවන්, අඩුවීම නිසා මේ හොඳ කාල පරිච්ඡේදයේ ඉතාම ආදර්ශමත්ව මෙම පින් දහම ඉටු කරන අතර සමාජයේ තිබෙන එවැනි ගැටලු සහගත තත්ත්වයන් සඳහා මැදිහත්වීම අගය කරනවා. හැදෙන වැඩෙන පරම්පරාවට සහ අපේ සමාජයට දෙයාකාරයකින් මේ පුණ්‍යෝත්සවයට සහභාගී වෙන්න පුළුවන්. එසේ අධිෂ්ඨාන සහගතව මග පෙන්වන්නට දායකවීම නිසා අලුත් උද්යෝගයක් රාජ්‍ය හා පෞද්ගලික ඇතුළු සෑම අංශයකින්ම දායාද වී තිබෙනවා.” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා, “මෙවර අග්‍රාමාත්‍යතුමා මැදිහත් වීමෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු දිවයින පුරා වෙසක් උත්සවය සැමරීමේ කටයුතු සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධීකරණය කොට විධිමත් ලෙස සහ අලංකෘතව සිදුකිරීමට කටයුතු කිරීම ගැන අප සතුටට පත්වෙනවා. අග්‍රාමාත්‍යතුමා මැදිහත්වීම නිසා අපටද වෙනදාට වඩා සුවිශේෂී ලෙස වෙසක් සිරිය ජනතාවට දායාද කිරීමට අවස්ථාව උදාවුනා. අප සම්මේලනය මගින් 23වන වරටත් සිදුකරන බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවර සුවිශේෂී වෙසක් කලාපයක් වෙනවා. ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා රැසක් සමඟ ජනතාවට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සහ ඇසට සිතට රසඳුනක් වන ලෙස වෙසක් උත්සවය සැමරීමට අපට හැකි වෙනවා. අපගේ වෙසක් උත්සවය රටේ නායකත්වයක් ඉදිරියේ පළමු වරට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ලැබීම බෞද්ධ මහා සම්මේලන ඉතිහාසයේ ලද භාග්‍යයක් ලෙස සලකනවා. “සුරකිමු අපේකම” යන තේමාව යටතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ක්‍රියාත්මක කරන බෞද්ධාලෝක වෙසක් කලාපය සඳහා අග්‍රාමාත්‍යවරයා ලබාදෙන සහයෝගය අපි අගය කරනවා.ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය බෞද්ධාලෝක වෙසක් කලාපයට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා.” චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

බෞද්ධ මහා සම්මේලනයේ සාමාජිකයින් හා මේ සඳහා දායකවුවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 21,854
Previous Post

ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත ගුවන් තොටුපළේදී අධ්‍යාත්මික නායක ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් පිළිගනී

Next Post

රබර් වගා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ යුරෝපා සංගමයේ ඇගයීමට ලක් කරයි

editor ttvnews

editor ttvnews

Next Post
රබර් වගා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ යුරෝපා සංගමයේ ඇගයීමට ලක් කරයි

රබර් වගා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ යුරෝපා සංගමයේ ඇගයීමට ලක් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved