• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු සහල් ආනයනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද

24 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “කෘෂි කාර්මික අංශය නවීකරණය කිරීම සහ එහි අභියෝග” මැයෙන් ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය විසින් ඊයේ (23) ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ විද්වත් හමුව අමතමිනි.

ගොවියන්ට අවශ්‍ය පොහොර වර්ග තුනම නිසි වේලාවට ලබාදීම සහ මූල්‍ය සහන ලබා දීම හේතුවෙන් පසුගිය මහ කන්නය සාර්ථක වූ බවත්, නියඟය නොමැති අනෙක් පළාත්වලින් ඉහළ අස්වැන්නක් ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් මෙසේ පැවසිය ” වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය බාර ගන්නා විට තිබූ ලොකුම අභියෝගය වූයේ උද්ඝෝෂණ භූමියෙන් ගොවියා නැවත ගොවි භූමිය වෙත ගෙන ඒමයි. ඒ වන විට වගා කටයුතු ආරම්භ වී තිබුණා. හෙක්ටයාර 275, 000ක් වගා කිරීමට සැලසුම් කර තිබුණත් පොහොර තිබුණේ නෑ. අනවශ්‍ය ලෙස ජනතාව බිය වද්දන බවට ඇතැමුන් චෝදනා කළත් ආහාර හිඟයක් ඇති වන බව අප මෙන්ම ජාත්‍යන්තරය ද ප්‍රකාශ කළා. කෙසේ හෝ ගොවියා යළි ගොවි බිම වෙත යොමු කිරීමට අපට හැකි වුණා. ඒ අනුව වසර 10 කට පසු යල කන්නයේ දී හෙක්ටයාර 512,000ක් වගා කිරීමට අවස්ථාව ලැබුණා. ඉන්පසු මහ කන්නයේ දී හෙක්ටයාර ලක්ෂ 08 කට ආසන්න ප්‍රමාණයක් වගා කළා. එම වසරේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් අප රටින් ගෙනාවා. නමුත් මේ වසරේදීත් ඒ අයුරින් සහල් ගෙන්වීමට සිදු වුවා නම් විශාල ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. මොකද මේ වන විට ඉන්දියාව සහල් අපනයනය තහනම් කර තිබෙනවා. කෙසේ වුවත් මහ කන්නයේ සාර්ථකත්වය, පොහොර වර්ග තුනම නිසි වේලාවට ලබාදීම සහ මූල්‍ය සහන ලබා දීමත් හේතුවෙන් එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු අප සතු සහල් ප්‍රමාණවත් වෙනවා . ඒ වගේම මේ වන විට පවතින නියඟය හේතුවෙන් අක්කර 75 000ක් පමණ විනාශ වී තිබෙනවා. නමුත් නියඟය නැති අනෙක් පළාත්වල අස්වැන්න ඉතා ඉහළයි . ඒ නිසා පිට රටින් සහල් ගෙන ඒමේ කිසිඳු අවශ්‍යතාවයක් නෑ. මේ දිනවල වී සහ සහල් මිල ඉහළ යාම දකින්න ලැබෙනවා. එය පාලනය කළ යුතුයි. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වී මිල ඉහළ යාම හොඳ තත්ත්වයක් ලෙස මා සැලකුවත් එයින් පාරිභෝගිකයා අපහසුතාවයට පත්වීමට ඉඩ තැබිය නොහැකියි. එම නිසා වී සහ සහල් මිල පාලනය සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. අප සතු සීමිත භූමි ප්‍රමාණයෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා ගැටලු විසඳා ගනිමින් කටයුතු කළ යුතුයි . ගොවීන් නිසි ලෙස දැනුවත් නොවීම මෙහිදී ගැටලුවක් ලෙස අප හඳුනාගෙන තිබෙනවා. විවිධ දේශපාලන මත දරන ගොවි නායකයින් නිවැරදි දැනුම ගොවීන්ට ලබා දීමට කටයුතු නොකරන බව දකින්න ලැබෙනවා. කෙසේ වෙතත් දේශපාලනයකින් තොරව ගොවි ජනතාව අතරට නිවැරදිව පණිවිඩය ගෙන ගිය හම්බන්තොට දිස්ත්‍රික්කය මෙවර ඉහළ වී අස්වැන්න ලබා ගෙන තියෙනවා. නිවැරදි බීජ වී පිළිබඳ පණිවිඩය ගොවීන් අතරට ගෙන නොගියොත් ඉදිරි සියලු කටයුතු අසාර්ථක බව කිවයුතුයි. ඒසේම නවීන තාක්ෂණය භාවිතය සහ එහි ප්‍රතිලාභ පිළිබඳ පණිවිඩය ගොවීන් අතරට ගෙන යා යුතුයි. මේ සියල්ල නිවැරැදිව සිදු වුවහොත් අප සතු කුඹුරුවලින් අතිරික්ත සහල් ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නව තාක්ෂණ දැනුම පිළිබඳ සඳහන් කළහොත් උදාහරණයක් ලෙස 2018 වසරේ මා හඳුන්වා දුන් DJC අඹ වගාව ආරම්භ කළේ අක්කරයට පැළ 80ක් ලෙසයි. නමුත් අද නව තාක්ෂණය භාවිතයෙන් එය අක්කරයට පැළ 560 ක් දක්වා වැඩි කර තිබෙනවා. 2018 වසරේ වාකරේ ප්‍රදේශයෙන් ආරම්භ කළ ග්‍රීන් කියුකම්බර් අපනයනය කර මේ වන විට ව්‍යාපෘතියට වැය කළ මුදලට වඩා වැඩි මුදලක් උපයා තිබෙනවා. ඒ වගේම මිරිස් , දෙළුම්, අනෝදා, ඇඹුල් කෙසෙල් වගාවත් නව තාක්ෂණය මඟින් සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙනවා. වගා කටයුතු සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමේ අපහසුතා ඇති තරුණයන්ට ණය යෝජනා ක්‍රම මගින් ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමට අප කටයුතු කරනවා. අද ගොවි ජනතාව තම දරුවන් ද ගොවීන් වෙනවා දකින්න කැමත්තක් දක්වන්නේ නැහැ. අප එම සංකල්පය වෙනස් කළයුතුයි. මෙම සියලු කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක්කේ එවිට බව මම විශ්වාස කරනවා යැයි අමාත්‍ය අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

අමරවීරයි දුමින්දයි සේනා දළඹුවාගෙන් ඡන්ද ව්‍යාපාරය පටන් අරන් – මන්ත්‍රීනි රෝහිණි

Next Post

පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන 220kV සම්ප්‍රේෂණ මාර්ගය සහ නව ග්‍රිඩ් උපපොළ බලගැන්වේ

editor

editor

Next Post

පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන 220kV සම්ප්‍රේෂණ මාර්ගය සහ නව ග්‍රිඩ් උපපොළ බලගැන්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved