• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුව සමඟ සජබ දේශපාලන එකතුවීමක් නෑ – මහ ලේකම් රංජිත් මද්දුම

16 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොදු ජන පෙරමුණේ ඒ සඳහා වගකිව යුතු කණ්ඩායම් සමඟ හෝ ඔවුනගේ ආශිර්වාදයෙන් තම බලය රැක ගන්නා කිසිදු දේශපාලනඥයෙක් සමඟ සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එකතුව දේශපාලනයේ නිරත නොවන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සමගි ජන බලවේගය සමග සන්ධානගතව ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සමගි ජන බලවේගය අතර මතවාදී ගැටුම් ඇති බවට වූ සංවිධානාත්මක ප්‍රචාරයක් ජනාධිපතිවරයාට සම්බන්ධ මාධ්‍ය ජාලා මගින් සිදුකරන බව නිරීක්ෂණය වී තිබේ. සමගි ජන සන්ධානයට සම්බන්ධ සියලු දේශපාලන පක්ෂ සමගි ජන බලවේගය සමඟ වර්තමාන ජනතා පීඩක පාලනයෙන් රට මුදවා ගැනීම සඳහා ගෙවී ගිය කාලසීමාව තුළ පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත සිදු කරනු ලබන ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයන් තුළ රටේ ජනතාව සමගි ජන සන්ධානය වටා ඒකරාශී වීම ආණ්ඩුවේ බලධාරීන්ට වාර්තා වීම මෙම වැඩපිළිවෙළ සංවිධානය කිරීමට ප්‍රධාන සාධකයක් බව හෙළිදරව් වී ඇත. යෝජිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී ජන පීඩක ආණ්ඩුවට විරෝධී දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් සමගි ජන සන්ධානය සමඟ එකතුවීමට කරනු ලබන කතාබහ සාර්ථක වීමද මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට ප්‍රචාරය කිරීමට හේතු වී තිබේ.

ජනාධිපතිවරයාගේ සහ වර්තමානයේ ජනාධිපතිවරයාට ශක්තියක් වී ඇති පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අයවැය විවාදය තුළදී දිගින් දිගටම සමග ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉලක්ක කර ගනිමින් ක්‍රියාකළ අයුරු රහසක් නොවේ. වර්තමානයේ රට මුහුණ දී ඇති අභියෝග සඳහා පිළිතුරු නොමැතිව ජනතාව මත බර පටවමින් ක්‍රියා කරන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙතට එරෙහිව සාධනීය සහ පිළිගත හැකි විවේචන ඉදිරිපත් කරමින් සමගි ජන සන්ධානය සහ එහි නායකයින් ක්‍රියාකරන ආකාරය තුළ ජනාධිපතිවරයා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් තිගැස්සීමට සහ භීතියකට ලක්ව ඇති බව ඉතාමත් පැහැදිලිය. මේ සඳහා ඔවුන් තෝරාගත් විකල්පය වූයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහ සමගි ජන සන්ධානයේ නායකයින් ඉලක්ක කර ගනිමින් අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීම සහ ඒවා දිගින් දිගටම තමාට හිතැති මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ජනගත කිරීමයි.

ඒ සඳහා ගොබෙල්ස් පන්නයේ කණ්ඩායමක්ද පූර්ණ රාජ්‍යනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන බව අවධාරණය කරමු.මෙවැනි ක්‍රියාදාමයන් පොදු ජන පෙරමුණට සහ එම පෙරමුණේ ජනාධිපතිවරයා වන වර්තමාන ජනාධිපතිවරයාට සුපුරුදු දේශපාලන ක්‍රියාවන් වේ. තර්කානුකූල නොවන බලය සඳහාම වූ ජනතාවගේ බුද්ධියට නිගා කරන මෙවැනි නිර්මාණාත්මක ප්‍රවෘත්ති ඉදිරියේදීද මාධ්‍ය හරහා ජනගත කිරීමට ඔවුන් ක්‍රියා කරනු ඇත.එවැනි ලද බොළඳ ක්‍රියා තුළින් සමගි ජන සන්ධානය සහ එහි නායකත්වය ගැන ජනතාව තුළ විචිකිච්චාවන් නිර්මාණය කිරීමට දරන ප්‍රයත්නයන් පිළිකුලින් යුතුව හෙලා දකිමු.

එමෙන්ම මෙම කණ්ඩායමේ දේශපාලනය මෙරට බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කොට ඇති බව ඔවුන් දැන්වත් වටහා ගත යුතුය. සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට අවශ්‍ය වන්නේ රට බංකොලොත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම වැරදිකරුවන් බවට පත්කළ දේශපාලනය සහ එම පිරිස රැකගැනීමට උත්සහ දරන දේශපාලනය සහ නායකත්වය දේශපාලනය තුළින් ඉවත් කිරීමයි.රට බංකොලොත් කළ දේශපාලකයින්ට සහ ඒ සඳහා අනුබල දුන් සියලු දෙනාම නීතිය හමුවට කැඳවීමයි.

ඔවුන් රැකගනිමින් ක්‍රියාකරන්නවුන් සහ එම දේශපාලනය නිමාවට පත්වන දිනය වැඩි ඈතක නොවේ. එමෙන්ම රට බංකොලොත් කළ මේ රටේ දෙකෝටියක් වූ ජනතාවගේ ජීවිත අඳුරට පත්කළ දූෂණය සහ භීෂණය තම දේශපාලනයට අවියක් කරගත් පොදු ජන පෙරමුණේ ඒ සඳහා වගකිව යුතු කණ්ඩායම් සමඟ හෝ ඔවුනගේ ආශිර්වාදයෙන් තම බලය රැක ගන්නා කිසිදු දේශපාලනඥයෙක් සමඟ සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එකතුව දේශපාලනයේ නිරත නොවන බව අවධාරණය කරමු.

රංජිත් මද්දුම බණ්ඩාර
මහ ලේකම්
සමගි ජන බලවේගය

Post Views: 16
Previous Post

විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණක් – රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්

Next Post

ශ්‍රී ලංකාවෙන් කියුබාවේ පොල් වගාවට සහයෝගය

editor

editor

Next Post

ශ්‍රී ලංකාවෙන් කියුබාවේ පොල් වගාවට සහයෝගය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved